මහින්ද රාජපක්‍ෂ ඇතුළු ඒකාබද්ද විපක්‍ෂයේ සියල්ලන්ගේ මන්ත‍්‍රී ධුර අහෝසි කරයි..

November 12, 2017 at 12:07 am | lanka C news
මහින්ද රාජපක්‍ෂ ඇතුළු ඒකාබද්ද විපක්‍ෂයේ සියල්ලන්ගේ මන්ත‍්‍රී ධුර අහෝසි කරයි..

ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණයට සහාය ලබානොදෙන ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් සියළු දෙනාටම එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨයකු පැවැසීය.

මැතිවරණ ව්‍යාපාරය ඉලක්ක කරගෙන පවත්වන රැස්වීම්වලදී වෙනම සංවිධානයක් වෙනුවෙන් පෙනී සිටියොත් සහ නාම යෝජනා සකස් කිරීමේදී වෙනම සන්ධානයකින් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට කටයුතු කළොත් මේ කාරණා දෙක මුල් කරගෙන විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා නියමිත අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව රැස්කරන බවද එම ජේ‍යෂ්ඨ නියෝජිතයා කීවේය.

මේ ආකාරයෙන් විනය පරීක්ෂණ පවත්වා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලනිප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වැරැදිකරුවන් වුවහොත් ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රිධුර අහෝසි වීමේ දැඩි අවදානමක් පවතින බවද ඒ ගැන තීරණය ගැනීමේ බලය තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා අත බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම ජේ‍යෂ්ඨ නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කළේය.

– Mawbima

169 views

16 Comments to “මහින්ද රාජපක්‍ෂ ඇතුළු ඒකාබද්ද විපක්‍ෂයේ සියල්ලන්ගේ මන්ත‍්‍රී ධුර අහෝසි කරයි..”

  1. Aurora says:

    පුලුවන්නම් එක ශ්‍රී ලංකා නි.ප. සාමාජිකයෙක් හරි පක්සෙන් එලියට දාල මන්ත්‍රීකම අහෝසිකරන්න. ඊට පස්සේ උසාවියට පක්ෂ නායකයාගේ ඉඳල නඩේම යන්න පුළුවන්. ඔතන කෑගහන එකෙක්වත් ඉන්නවද උසාවියේ රෝම ලන්දේසි නීතිය ඉදිරියේ හිටගන්න පුළුවන් එකෙක්. එතැනදී සියලු පටි රෝල්කරලා අහවල් තැන ගහගෙන තමි අපහු එන්න වෙන්නේ. අං තියනවනම් එක ශ්‍රී ලංකා නි.ප. සාමාජිකයෙක් හරි පක්සෙන් එලියට දාන්න. අපි බලන් ඉන්නවා.

  2. Sadda says:

    Emagin srilaneepaye gamanaka awasanaya sanituhan wewi.

  3. janatha adikaranayata lokurkulak danna maiththr…………………..

Main News