‘මහින්ද රාජපක්‍ෂ කුසලාන’ ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක් අද සිට කොළඹදී..

November 8, 2021 at 8:40 am | lanka C news
‘මහින්ද රාජපක්‍ෂ කුසලාන’ ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක් අද සිට කොළඹදී..

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ‘අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන’ සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය 08 දින කොළඹ තුරඟ තරග පිටියේ දී ආරම්භ වේ.

මෙහි සමාරම්භක උත්සවය කොවිඩ් මාර්ගෝපදේශයන්ට යටත්ව මාලදිවයින් ජනාධිපති ගරු ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මැතිතුමා හා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය සඳහා බංග්ලාදේශය, සී ෂෙල්ස් රාජ්‍යය, මාලදිවයින හා ශ්‍රී ලංකාව යන රටවල් සහභාගී වන අතර එම කණ්ඩායම් මේ වනවිට මෙරට තරු පන්තියේ හෝටල්වල ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ නේවාසිකව රැඳී සිටිති.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකාගාරයේධාරිතාවෙන් අඩකට අවස්ථාව හිමි වන අතර කොවිඩ් එන්නත්කරණ කාඩ්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තරග පැවැත්වෙන දිනයන්හි දී ක්‍රීඩාංගණ දොරටුවෙන් ප්‍රවේශ පත් ලබාගත හැක.

මෙම තරගාවලිය නැරඹීම සඳහා විදේශීය ප්‍රේක්ෂකයින්ට ද අවස්ථාව සලසා දී ඇත. ඔවුන් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ගුවන් ටිකට්පත්, නේවාසික පහසුකම් හා තරගාවලි ප්‍රවේශ පත්‍ ඇතුළත් විශේෂ පැකේජයක් හඳුන්වා දී ඇත. ඒ හරහා මේ වනවිටත් විදෙස් පාපන්දුලෝලීන් දහසකට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යමින් ප්‍රේක්ෂකාගාරය තුළ දේශීය හා විදේශීය ක්‍රීඩාලෝලීන් හට වෙන් වෙන්ව තරගාවලිය නැරඹීමට අවස්ථාව ලැබෙන පරිදි ස්ථාන වෙන් කර දී ඇත.

තරගාවලියේ පළමු තරගය බංග්ලාදේශය හා සී ෂෙල්ස් රාජ්‍යය අතර 08 ප.ව.4.00ට කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වේ. දෙවන තරගය එදිනම රාත්‍රී 9.00 ට ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවැත්වේ.

ලීග් ක්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක නොවැම්බර් 19 වනදා තරග වැදීමට නියමිත අතර එම අවසන් මහා තරගයෙන් අනතුරුව ජයග්‍රාහී කණ්ඩායමට ‘‘අගමැති මහින්ද රාජපක්ෂ කුසලානය’’ සමග ඇ.ඩොලර් 30,000ක ත්‍යාග මුදලක් ද පිරිනැමේ.

මෙහි සමාප්ති උළෙල ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මෙම අවස්ථාවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ මහතා (Gianni Infantino) සහභාගීවීමට නියමිතය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් නිකුත් කරන ලද තරග කාලසටහන මේ සමග අමුණා ඇත.

– මාධ්‍ය ඒකකය

11,778 views

13 Comments to “‘මහින්ද රාජපක්‍ෂ කුසලාන’ ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක් අද සිට කොළඹදී..”

  1. ඇයි අවුල්ද ? says:

    මිනිස්සුන්ගේ බඩේ පණුවෝ පිණුම් ගහද්දි මරු අදහස ඒ වේදනාව යටපත් වෙන්න … ෆුට්බෝල් මැච් බලන්න පුලුවන් බඩගින්නෙ ඉන්න මිනිස්සුන්ට

  2. ඉනෝකා says:

    සී ෂෙල්ස් කියන කොට නිරුපමා සහ නඩේසන් මතක් වෙන්නේ මට විතරද?

    • John the baptice says:

      නිරුපමා සහ නඩේසන් දැන් විසදිය නොහැකි ප්‍රශ්නයක් ,නිරුපමා රාජපක්ෂ පවුලේ සාමාජිකාවක් නිසා ලගදීම ඒ වංචාවත් මහබැංකු මගඩිය වගේම යටගහයි. රටේ ජනතාව රැකියා නැතිව ,ආහාර ,බෙහෙත් නැතිව දුක් විදිනවා ,හැබැයි මහින්ද රාජපක්‍ෂ කුසලාන පාපන්දු වලට මුදල් තියනවා ..ක්‍රීඩාවක් දියුණු කිරීම ඉතා හොද ක්‍රියාවක් නමුත් අද රටේ ආර්ථිකය අගාදයට ගිහින් තියෙන්නේ ..මේ සිදුකරන්නේ ඔහුගේ නම ප්‍රසිද්ධ කිරීමටද ?

  3. මෝඩ බයියා says:

    මුන්ට තරම් හීනමානයක් මේ තුන් ලෝකෙ කාටවත් නැතුව ඇති ලැට් එකක් හැදුවත් තමුන්ගෙ නම ගහගන්න ඕනි.ලෝකෙ වටේට ණය වෙලා කන්න නැතුව ඉදිදිත් තමුන්ගෙ නම පෙන්නල බාල් නටන්න ඕනි.රටේ ඩොලර් නෑ තෙල් ටික ගෑස් ටික ගන්නවත් ණයට ගත්තු සල්ලි වලින් රට සවාරි.කිසිම බඩ රස්සාවක් වෙලහෙලදාමක් නොකර මෙහෙම සුකුමාර ජීවිත බාල් නැටිලි නටන්න ඉතිම් මේ වගෙ ගොන් වහල් රෑනක් ලෝකෙ කොයි රටෙද ඉන්නෙ

    • JUDE says:

      ජනතාව නිවටයින් වගේ බලා සිටිනවා ,මුළු රටේම රාජපක්ෂ පවුලේ සමරු ඵලක ,හැම දෙයකටම දැන් ඔවුන්ගේ නම් තමයි දාන්නේ ..අපේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් මොකද්ද මේ සිදුකරන නාඩගම ..මිනිස්සුනේ දුටු තැන ඒවා විනාශ කරව් දේශපාලුවන්ගේ පුද්ගලික බුදලයෙන්ද මේ රටේ වැඩ කරන්නේ ?
      ලගදීම චිචිගේ පුසාගේ පිළිරුවකුත් හදයි ..මෙහෙමත් මානසික ආබාදයක්

  4. Sealoan says:

    නියමයි.රටේ Football ක්‍රීඩාව දියුණු කරන්න,tourism හදන්න පුලුවන් තරගාවලියක් සංවිධානය කරපු එක ඉතා හොදයි.හැබැයි ඔය නම වෙනස් කරන්න.ජාත්‍යන්තර අවධානෙත් නැති වෙන වැඩක් ඔය නම…උතුරු කොරියාවෙ වගේ වැඩක් ඊයා…තමන් ජීවත් වෙලා ඉද්දිම නම දාගන්න එක හරිම කැතයි..පෞද්ගලික මුදලින් කරනවනම් කමක් නෑ..එහෙම නෑනේ…Stadium,Habour,Conference Hall,Airport කීයක් දේවල් ද?? යුද්දෙ ඉවර කරද්දි ඉදපු ජනාධිපති නිසා ඔහොම කරනවනම් සැබෑ වීරයො වන හමුදාපතිවරුන්ටත් ඔය වගේම ගෞරවයක් දෙන්න ඕන.එහෙම කරන්නෙ නෑනෙ..ඒ නිසා ආයෙත් කැතයි. දෙවන ලෝක යුද්ධෙ දිනද්දි ඉදපු චර්චිල්වත් ඔහොම වැඩ කරේ නෑ.තමන් හරි දේවල් කරානම් මරණෙන් පස්සෙ අනාගත පරම්පරාව තමන්ට අවශ්‍ය ගෞරවය දෙයි.එතකං නිහතමානී වෙන්න.

    • Joy says:

      මේවා පටන්ගන්නේ ඔහුගේ නම ප්‍රසිද්ධ කරගැනීමට …වියදම් කරන්නේ රටේ ජනතාවගේ බදු මුදල් … විදේශීය රට වලින් ණය ගන්නේ රටේ ජාතික සම්පත් විකුණලා ,බදු දීලා …වසර 5 අවසන් වන විට රටේ සිංහලයින්ට ඔවුන්ගේ එකම මාතෘ භූමියත් අහිමි වෙයි

  5. 0.00069 BIYYO says:

    මිනිස්සුන්ගේ බඩේ පණුවෝ පිණුම් ගහද්දි”දකෂයන්ට වෙෙරකරනා දුෂිත වංචනික රාඡපකෂ පවුලේ මරු අදහස ඒ වේදනාව යටපත් වෙන්න …
    ෆුට්බෝල් මැච් බලන්න පුලුවන් බඩගින්නෙ ඉන්න 🧐🤥😡😡😡😡😡🤮🤮🤮🤮🤮

  6. Hitan says:

    Gas OK
    Sugar OK
    Cement OK
    Schools OK
    Fertilizer OK
    Milk powder OK
    Medicine OK
    So lets play football.

    When ROME IS ON 🔥

  7. Prasad says:

    මුන්ට නම් පිස්සු….
    ඕනැම දෙයක් කරන්නේ රාජපක්ෂ නම දාගෙන.. ඕවා ගෙදරින් ගෙනාපු සල්ලි නෙවෙයි නේ.. තමන්ගේ නම දැම්මේ.. රටේ ජනතාව ගෙ සල්ලි.. තරග පැවැත්වීම කමක් නෑ…. හැම මඟුලට ම උන්ගේ නම් දාගන්න එක එච්චර හොඳ නෑ…

  8. Sam says:

    නුවර බෝගම්බර වැව රවුමේ රේස් පදින්නෙ නැද්ද…ආසයි බලන්න මැතිවරණ පොරොන්දු

  9. Gamarala says:

    අද රටේ ඇත්තේ නැව ගිලුනත් බෑන් චූන් .

  10. පොඩි එකා says:

    ජරාපස්ස කුසලානෙ

    තුහ් නොදකිං

    වෙන නමක් තිබ්බෙම නැද්ද?