මහින්ද රාජපක්ෂ පොහොට්ටුවේ නායකත්වයට පත් කෙරේ… ඔත්තුකාරයන්ට කුද ගහගන්න වෙයි..
December 24, 2017 at 2:10 pm | lanka C news
ජනවාරි 2 දා ආරම්භ කිරීමට නියමිත ඒකාබද්ධ පොදුජන පෙරමුණට නායකත්වය දීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ.
මහින්ද රාජපක්ෂ මහතා මේ වනතුරු ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ (පොහොට්ටුව පක්ෂයේ) කිසිදු නිල තනතුරක් ලබා නොගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුසාශකවරයෙකු වශයෙන් සිටිමින් නිල නොවන මට්ටමින් එම පෙරමුණට සහයෝගය දැක්වීය.
ඉදිරි පලාත්පාලන මැතිවරණයට නව ජවයක් ලබා දීම සදහාත් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ (පොහොට්ටුව) පාක්ෂිකයන්ගේ සැකය දුරුකිරීමත් සඳහාත් එළබෙන 2 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මහ සමුළුවේදී මෙම ප්‍රකාශය කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමටත් නව සන්ධානයේ නායකත්වය භාර ගැනීමටත් සැලසුම් කොට ඇතැයි දැනගැනීමට ඇත.
ඒ අනුව මේ වනවිටත් පොදුජන එක්සත් පෙරමුණේ දැනට සිටින සියලු ලොකු කුඩා පක්ෂ සහ කොටස්ද සහභාගී කර ගනිමින් වඩාත් පුළුල් ජනතාවාදී දේශපාලන පෙරමුණක් ලෙස මෙම පෙරමුණ දියත් කිරීමට දැනටමත් අවශ්‍ය කටයුතු සකස් කර අවසන් බව පොදුජන එක්සත් පෙරමුණේ ඉහළ පෙලේ ආරංචිමාර්ග සදහන් කරයි.
මෙයට සමගාමීව රටපුරා ඉදිරි පලාත්පාලන මැතිවරණය වෙනුවෙන් ප්‍රධාන රැස්වීම් මාලාවක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටද සැලසුම් කර ඇතැයි දැනගැනීමට ඇත.
දැනට රජයේ මැති ඇමති තනතුරු දරන කිහිප දෙනෙක් ඉදිරියේදී තමන් සමග එක්වීමට කැමැත්ත පළකර ඇතැයිද මෙම නව පෙරමුණේ බර කරට ගෙන සිටින ප්‍රධානියකු පැවසීය.
– lankadeepa
JAYAWEWA………
definite loss for both parties, UNP will win easily!!!
No 1 Modaya = Tax Gona
Mahinda should accept the leadership of new party and he should resign from SLFP. It is the best way to let MY3 to lead the party.
Good decision but watch out for legal implications
No worries.
If Sirisena tries to expel them from parliament they can go to courts and the case will drag on for the rest of their period.
Jayawewaaaaa…..kuhaka aappayata hulang. Deng aappayage henchaila Aliyage nattey ellune nattang atharamang. SLPP JAYAWEWA….. SLFP pora talk aappaya wage wei.
very successful decision .we all with you sir .no future for our country without you
pudumakara aadarayak ratata ,jathiyata saha aagamata…..
lankawa saha maldives milata ganna salli hambakaragath pawulak jayawewa
හරියටම හරි ඔබතුමා කරපු වැඩේ.
Thamange wala thamunma kapa gaththa neda hitapu janadhipathithumani……!!!
ආන්න එහෙම එන්න..දොං නම් දොං..සිමං නම් සිම්ං….
මජර මරා මොන නාඩගම් නැටුවත් මෙදාසැරෙත් චන්දෙන් කුජීත වෙනවා