මහින්ද රාජපක්ෂ පොහොට්ටුවේ නායකත්වයට පත් කෙරේ… ඔත්තුකාරයන්ට කුද ගහගන්න වෙයි..
December 24, 2017 at 2:10 pm | lanka C news
ජනවාරි 2 දා ආරම්භ කිරීමට නියමිත ඒකාබද්ධ පොදුජන පෙරමුණට නායකත්වය දීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ.
මහින්ද රාජපක්ෂ මහතා මේ වනතුරු ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ (පොහොට්ටුව පක්ෂයේ) කිසිදු නිල තනතුරක් ලබා නොගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුසාශකවරයෙකු වශයෙන් සිටිමින් නිල නොවන මට්ටමින් එම පෙරමුණට සහයෝගය දැක්වීය.
ඉදිරි පලාත්පාලන මැතිවරණයට නව ජවයක් ලබා දීම සදහාත් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ (පොහොට්ටුව) පාක්ෂිකයන්ගේ සැකය දුරුකිරීමත් සඳහාත් එළබෙන 2 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මහ සමුළුවේදී මෙම ප්‍රකාශය කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමටත් නව සන්ධානයේ නායකත්වය භාර ගැනීමටත් සැලසුම් කොට ඇතැයි දැනගැනීමට ඇත.
ඒ අනුව මේ වනවිටත් පොදුජන එක්සත් පෙරමුණේ දැනට සිටින සියලු ලොකු කුඩා පක්ෂ සහ කොටස්ද සහභාගී කර ගනිමින් වඩාත් පුළුල් ජනතාවාදී දේශපාලන පෙරමුණක් ලෙස මෙම පෙරමුණ දියත් කිරීමට දැනටමත් අවශ්‍ය කටයුතු සකස් කර අවසන් බව පොදුජන එක්සත් පෙරමුණේ ඉහළ පෙලේ ආරංචිමාර්ග සදහන් කරයි.
මෙයට සමගාමීව රටපුරා ඉදිරි පලාත්පාලන මැතිවරණය වෙනුවෙන් ප්‍රධාන රැස්වීම් මාලාවක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටද සැලසුම් කර ඇතැයි දැනගැනීමට ඇත.
දැනට රජයේ මැති ඇමති තනතුරු දරන කිහිප දෙනෙක් ඉදිරියේදී තමන් සමග එක්වීමට කැමැත්ත පළකර ඇතැයිද මෙම නව පෙරමුණේ බර කරට ගෙන සිටින ප්‍රධානියකු පැවසීය.
– lankadeepa
තනතුරු ගැන ඔබ කඳුලැලි සලන්නෙපා ////
නැති බලයක් ගැන හදවත ගැහෙන්නෙපා //////
හොරුන් එක්ක යලි ගිවිසුම් ගසනු එපා //////
රජකම ගැන ඇති ආශා දැනෙන්නෙපා //////
අහස් මාලිගා ඔබහට මැවී ඇතී ////
තනතරු ගැන ඔබ යලි යලි හිතෙනු ඇතී /////
හොරුන් එක්ක යලි ගිවිසුම් ගසනු එපා //////
නැති වූ දේ ගැන යටි හිත හඩනු ඇතී /////
හිමිකම් නොකියනු බලයට යලි කිසිදා ////
හොරුන් එක්ක යලි ගිවිසුම් ගසනු එපා //////
උරණ නොවන් ඔබ රජකම නැති හින්දා /////
සැකසංකා නැත යලිඔබ නොඑනු ඇතී //////
මිරිගුව පසුපස ඔබ දුවනා බව ළඟදීම දැනෙනු ඇතී /////
උරණ නොවන් ඔබ රජකම නැති හින්දා /////
සැකසංකා නැත යලිඔබ නොඑනු ඇතී //////
බෝතල් සිරා පරණ බෙලෙක් තහඩු සොයන්නේ,
කඩේ ගියපු ජෙප්පෝ ! පව් බන් ‘හුලන් බකන්නේ’,
සොසේජ් උරණ බලු සුනකයෝ සැපට නිදන්නේ,
අනේ සිරෝ උඹ ලඟදිම මැකලා හුරෙන්නේ .
අයියෝ රාජපති, ඇයි ඔයා කාලයෙන්, කාලයට නම්
වෙනස කරන්නෙ?
Kocharanam okata thatamuwada
Kalinma aava nam iwarane
GREAT Super Excellent NEWS……..jayama wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!
president Mahinda Rajapaksha PLEASE DON’T have any connections with DIRTY SLFP brapathi gramasevaka eelam party.
මහින්ද, ඔබ මේ රජ කරන හැතිකරයට වඩා දහස් ගුණයක් දක්ෂ වගේම ප්රතාපවත් මිනිසෙක්. අපේ රට ගැන ආඩම්බර වීමටමග පැදුවේ ඔබේ නායකත්වයය්. ඔබට ගමේ අහිංසක ජනයා එදත් අදත් ගරු කරනවා. 2015 ශ්‍රීලනිප චන්ද 90% ඔබ නිසා. ඔබ කල ලොකුම වැරැද්ද හොරු සහ අපරාධකරුවන්, ආරක්ෂා කරමින් ඔවුන්ට ඕනෑ පදමට මිනිසුන් ගස් බඳිමින් මිනී මරමින් කුඩු, කසිප්පු ජාවාරම් කිරීමට නිදහස දී, නීතිය ක්‍රියාත්මක කිරීම පසුපසට දැමීමට උදව් දීමය. ඒ ඉතා බරපතල වරදකි. එය කරුමය පල දීමක් හැර වෙන මොකක්ද? මීට පස්සේ නම් ඔය මර්වින් වගේ රස්තියාදු කාරයෝ ආරක්ෂා කරලා බැහැ. වුන දේ වලින් පාඩම් ඉගෙන ඒවා හදා ගත යුතුය්.