‘මහින්ද රාජපක්ෂ බුදුවේවා..’ ඓතිහාසික බිමක සිට නාහිමියෝ මහින්දට ආශිර්වාද කරති..[Video]
September 16, 2018 at 12:03 am | lanka C news![‘මහින්ද රාජපක්ෂ බුදුවේවා..’ ඓතිහාසික බිමක සිට නාහිමියෝ මහින්දට ආශිර්වාද කරති..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/09/456554.jpg)
‘ත්රස්තවාදීන් පැරදවූ ඔබතුමන්ට බුදු වෙන්න කියා කියන්න දෙයක් නෑ’ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කරමින් අනුරාධපුර කැබිතිගොල්ලෑව හල්මිල්ලකැටිය පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැති පින්කමක දී එහි සිටි හිමිනමක් විසින් ආශිර්වාද කරනු ලැබීය.
මෙම පුණ්‍ය කටයුත්ත සිදු කරනු ලැබුවේ 2006 වසරේ දී කැබිතිගොල්ලෑව බස් බෝම්බයෙන් මියගිය පිරිසට පින් පැමිණවීම සඳහා ය.
එහිදී අදහස් පළ කළ උතුර උතුර මැද දෙපළාතේ අධිකරණ සංඝනායක පූජ්‍ය හල්මිල්ලවැවේ ධම්මරක්ඛිත හිමියන් කියා සිටියේ ‘ලෝකයේ අති ශ්‍රේෂ්ඨ නරපතිවරු නොයෙන් අය ජීවත් වුණා. නමුත් මේ වගේ අපිට වෙච්ච විපත්තිය සනසන්න පුලුවන් කෙනෙක් අපිට මෙතෙක් හිටියෙ නෑ. හිටපු එක්කෙනා තමයි අර වාඩි වෙලා ඉන්නේ අපේ නායකතුමා. අමතක කරන්න එපා අපි වින්ද දුක්’ යයි අනුශාසනාවක් කළේය.
Your statement shows how uneducated and pathatic person you are.
“මහින්ද රාජපක්ෂ බුදුවේවා” උන්වහන්සේ මෙසේ ආසිර්වාද කල සේක. අපිත් එසේම කරමු.
සැම හෙළයෙක්ම දිවි හිමියෙන් මෙය අනුගමනය කල යුතුය
දුටුගැමුණු රජු කියා සිටියේ තමන්ගේ ව්‍යායාමය (උත්සාහය) රජ සැප පිණිස නොව හුදෙක් බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය සදහා යන්නයි. එය වෙනත් ලෙසකින් කියනවා නම් දුටුගැමුණු එකල මෙරට බෞද්ධ සමාජයේ ආරක්ෂාව හා වර්ධනයත් දිගු කලක් පැවැත්මක් සදහා ජීවිතය කැප කොට ක්රීයා කර අරමුන සාක්ෂාත් කරගත් වීරයාය. ඔහු කළේ සමාජ අයිතිවාසිකම් දිනා ගැනිමයි. එළාර අන්සතු සිහසුනක් මංකොල්ල කෑ කෙනෙකි. ලෝකයේ ඕනෑම රටක සමාජයක් සතු දේශපාලන බලය ආක්රමණිකයෙකු විසින් අල්ලාගත් විට එම ආක්රමණිකයා පලවා හැර හෝ විනාශ කොට එය ඒ සමාජයට යළි අත්පත් කර දිම ඒ සමාජය වෙනුවෙන් පෙනි සිටින නායකයන්ගේ වගකිමයි. එයයි දුටුගැමුණුගේ භුමිකාව වූයේ. දුටුගැමුණු පොරොන්දු ඉටුකළ දේශපාලනඥයෙකි. බුදු සසුන චිරස්ථායී කිරීමට ඔහු ගත් පියවර කීපයකි. පලමු වැන්න රාජ්‍යය සතුරන්ගෙන් නිදහස් කර ගැනීමයි. මුළු දිවයිනම යළිත් එකම පාලකයකු යටතට පත් කළේය. එමඟින් ඔහු ස්වාධිනත්වය, භෞමික අඛණ්ඩතාව යථාතත්වයට පත් කළේය. දෙවනුව රටේ ආර්ථික සංවර්ධනය, සදාචාර වර්ධනයත් බුදු සසුනේ දියුණුවත් සඳහා ජීවිතාන්තය දක්වා ක්රීයා කෙළේය.