මහින්ද රාජපක්‍ෂ මතක් වේ යයි කතරගම පෙරහැරේ දුටුගැමුණු රජ ප්‍රතිමාව ගෙන යාම තහනම් කරලා..

January 2, 2020 at 6:48 pm | lanka C news
මහින්ද රාජපක්‍ෂ මතක් වේ යයි කතරගම පෙරහැරේ දුටුගැමුණු රජ ප්‍රතිමාව ගෙන යාම තහනම් කරලා..

මහින්ද රාජපක්ෂ මහතා මතක් වේවි යැයි බියවී යහ පැවැති යහපාලන ආණ්ඩුව විසින් කතරගම පෙරහැරේ දුටුගැමුණු රජුගේ ප්‍රතිමාව ගෙනයාම තහනම් කළ බව රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්ස හිමියෝ සඳහන් කලහ.

එවකට බුද්ධ ශාසන ඇමැතිවරයා ලෙස කටයුතු කළ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා දුරකතනයෙන් අමතා තමනට මේ බව දැනුම් දුන් බව ද උන්වහන්සේ පැවසූහ.

නමුත් තමන් වහන්සේ විසින් වගකීම ගෙන එය පෙරහරේ වැඩම කර වූ බව ද උන්වහන්සේ පැවසූහ.

සරණතිස්ස හිමියන් මේ බව කියා සිටියේ නව වසර වෙනුවෙන් ආශීර්වාද ලබා ගැනීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම විහාරස්ථානයට ගිය අවස්ථාවේදී ය.

510 views

4 Comments to “මහින්ද රාජපක්‍ෂ මතක් වේ යයි කතරගම පෙරහැරේ දුටුගැමුණු රජ ප්‍රතිමාව ගෙන යාම තහනම් කරලා..”

  1. gamarala says:

    කෙහෙල් කොලේ බත් කන සිරිසේනත් වග කිව යුතුය

  2. චතුෂ says:

    මහින්ද මහත්තයා නං දැන් ගෙදර ගියත් කමක් නැහැ ගෝඨාභය මහතාට වැඩ කරන්න ඉඩ දීලා.