මහින්ද රාජපක්‍ෂ ලංකාවේ රොබට් මුගාබේ වුණා.. ආර්තිකය කොල්ල කාලා රට විනාශ කලා..

December 3, 2017 at 11:20 am | lanka C news
මහින්ද රාජපක්‍ෂ ලංකාවේ රොබට් මුගාබේ වුණා.. ආර්තිකය කොල්ල කාලා රට විනාශ කලා..

අන්තවාදින් සමග අතරමග දී ගිවිසුම් වලට එළඹෙන්නේ නැතිව යහපාලනය ඉදිරියට ගෙනයාමට රජය සුදානම් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූම් මහතාගේ සහ පවුලේ ඥාතීන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් පාසල් දරුවන් 750 කට පාසල් උපකරණ සහ බේරුවල ආසනයේ ශිෂ්‍යත්වය සමත් දරුවන් 61 කට පදක්කම් සහ ත්‍යාග පිරිනැමීමේ උත්සවයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අලුත්ගම දර්ගා නගරය සහිරා විද්‍යාලයේ දී ඊයේ (02) පස්වරුවේ දී පැවැත්විනි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි.

දර්ගා නගරයේ රාජිත සේනාරත්න අධ්‍යාපන කේන්ද්‍රය විසින් මෙය සංවිධානය කළ අතර, එය 03 වන වරට පැවැත්විනි. මෙහිදී අලුත්ගම වීදියේ මුස්ලිම් බාලිකා විද්‍යාලයේ අභ්‍යන්තර ශබ්ද විකාශණ යන්ත්‍රය සකස් කිරීම සදහා රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් ද පරිත්‍යාග කෙරුනි. තවද අඹගහ හන්දියේ ප්‍රඥාරාම විහාරස්ථානයට මුල්‍ය පරිත්‍යාගයක් ද සිදු කළේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“අපේ ජිවිත වලට සහජීවනය ඇති වුයේ බේරුවල සිටින කාලයේයි. ඉන් පසු කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේ දී මුස්ලිම් ජාතික දරුවන් සමග එකට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදා වුනා. 1956 වනවිට අපේ රටේ විවිධ ජාතීන් වෙනුවෙන් විද්‍යාල බිහි වී තිබුනේ නැහැ. එම නිසා ජාතික සහජීවනයක් තිබුනා. පසුකාලීනව එම නිවැරදි අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් වී විවිධ ජාතින් වෙනුවෙන් විද්‍යාල බිහි වුනා. එම නිසා තමයි සහජීවනය අවම වුනේ. අපි සියලු දෙනාම මිනිසුන්. නමුත් ජාතිය, ආගම පළමු තැනට ගෙන මිනිසත්කම ඉවත දානවා. ආගමික අන්තවාදීන් බිහි කරනවා. එම නිසා රටවල් විනාශයට පත් වෙනවා. මෙම අන්තවාදයෙන් ශ්‍රී ලංකාව මුදවා ගත යුතුයි. ජනවාරි 08 පොරොන්දුව එයයි.

පසුගිය රජය සමයේ දී සුලු ජාතීන් දෙවන තැනට දමා තිබුනා. ඒ කාලයේ පාලකයෝ හිතුවේ සුලු ජාතීන් තමන් ලගට ඇවිත් උපකාර ලබාගත යුතු බවයි. මම මේ පිළිබදව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කරුණු පැහැදිලි කළේ ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යා සහ දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩලාගේ චරිත උදාහරණයට ගනිමින්. මට අවශ්‍ය වුනේ හිටපු ජනාධිපතිවරයා ආසියාවේ නෙල්සන් මැන්ඩලා කිරීමටයි. නමුත් එතුමා තෝරා ගත්තේ රොබට් මුගාබේ ගේ චරිතයයි. නෙල්සන් මැන්ඩලා ලෝකයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම යුග පුරුෂයෙක්. නමුත් රොබට් මුගාබේ ආර්ථීකය කොල්ල කාලා ජනතා සිතුම් පැතුම් බොද කළා. පසුගිය දිනවල රෝබට් මුගාබේ බලයෙන් පහ කර හමුදාව බලය ඇල්ලුවා. කිර්තිමත් මනුස්සයෙක් අවසන් ගමන් ගියේ එහෙමයි. කිර්තිමත් ගමනක් යෑම සදහා සහජීවනය ඉතාම අත්‍යාවශ්‍යයයි. අන්තවාදයෙන් රටවල් සංවර්ධනය වන්නේ නැහැ. අන්‍ය ආගම් වලට ද ගරු කළ යුතුයි. ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගිය යුතුයි. වර්තමානයේ මූලධර්මවාදීන් නිසා මැද පෙරදිගත් විනාශයට පත්වෙනවා. නමුත් අන්තවාදී අදහස් විද්‍යාවෙන් බොරුවක් බව ඔප්පු කර තිබෙනවා.”

මෙම අවස්ථාවට බස්නාහිර පළොත් සභා මන්ත්‍රි ඉෂ්ඨිකාර් ජමීල්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.රූම් මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

6 views

12 Comments to “මහින්ද රාජපක්‍ෂ ලංකාවේ රොබට් මුගාබේ වුණා.. ආර්තිකය කොල්ල කාලා රට විනාශ කලා..”

  1. තෝ කාපු තැන අසූචි කල වලත්තයෙක් මේ දේශපාලුවා දේශපාලනෙන් සහ රටෙනුත් අතුගා දැමිය යුතුයි.

  2. Gamunu Dias says:

    ආර්ථිකය කොල්ල කාපු නැති තොපිලා පෙන්නපන් මේ අවුරුදු තුනේ අත්රික්කය.

    • ඩෙන්ගු-රජා says:

      යකෝ ගුනමකු රාජිතයෝ….
      රාජපක්‍ෂලා බලයට නොඑන්න අද උඹ අර මැරිච්ච ප්‍රබාකරන් වෙන්න තිබුනා…..
      දැනට ඉන්න ඔය කයිවාරු හැම අයියලම එදා කොටියට බයේ තමා හිටියේ රාජපක්‍ෂලා ඇරෙන්න…!
      එදා නරි අද සිංහ වෙසින්.. කලෙහි ගුන නොදත් නරියකු වගේ උඹ අද එතුමන්ලාට ගරහනවා එතුමන්ලාට නඩු දමා හිරේ දාන්න හදනවා.. නිවට නායකයෙනි වරද කුමද්ද මුලු රටම කොටියගෙන් බේරා නිදහස් කල දුන් වරදටද….

      හැබැයි උඹ හෙට මැරුනත් රටට කල දෙයක් නැති නිසා උඹේ අලු එක්ක උඹ වැලලී යයි ..!
      ඒත් “රාජපක්‍ෂලා” මුලු ඉතිහාසයේම ජීවත්ව ඉඳියදීම රන් අකුරින් නම ලියවා ඇත…
      ” සිංහද්වීපයේ වීර උදාර ගැලවුම් කරුවන් ලෙස”!

      ජාතියටම සාපයක් වී ඉපෙදුනෙ ඇයි මන්දා
      ගතියටම ගැහෙන බටදාපු මුගෙ හද ස්පන්දා
      නීතියටම රාජපක්‍ෂල බිලිබෑම අදිටන හින්දා
      භීතියටම බිලිව සෝභිත මග ඉක්මන්ද මන්දා

  3. Pemasiri says:

    For All citizens……

    You will be getting so much of financial benefits in the near future.
    This bugger has enough money to throw away. But always talk about Rajapaksha’s bank accounts.
    Take all the benefits and please vote for the country , then you will realize to whom you should vote…
    The only proven leader is MR….

  4. Anna Porjuna says:

    ඉතින් මගුලටද බොලගේ ලොක්කා එහෙවු එකා එක්ක සෙට් වෙන්න පස්සෙන් යන්නෙ? අනේ තමුසෙගෙ කතා අහන්න අපිත් තමුසෙගෙ පුතා වගේ කියලා හිතුවද?

  5. Raj Shalik says:

    This person should be stoned to death

  6. Kadiya says:

    Idot who stolen fisheresy harbor and did illegal business with government. Frisson will be his next Residence.

  7. Ron says:

    SL people well known Mahinda

    Who believe you? Polished

  8. SUNIMAL says:

    පාර්ලිමේන්තු මනිත්‍රීවරයෙකු වූ චතුර සේනාරත්න නීතිමය නොවන අකාරයෙන් පිටකොටුව පදික වේදිකාවේ වෙළෙඳාම් කරන වෙළෙඳුන්ගෙන් අයථා ලෙස දිනකට රුපියල් 200 බැගින් මුදල් අය කිරීමට එරෙහිව එය නවත්වන ලෙස ඉල්ලමින් ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඇතුළු වෙළෙඳුන් පිරිසක් අග්‍රාමාත්‍ය කාර්යාලයට සංදේශයක් භාර දෙන ලදී…

    චතුර සේනාරත්න වෙළෙඳසැල් ලබා දෙන බව සඳහන් කරමින් පදිකවේදිකා වෙළෙඳුන්ගෙන් දිනකට රුපියල් 200 බැගින් මුදල් අයථා ලෙස එක් කරන බවත් එය මුදල් ගරා ගැනීමක් බවත් ඒ පිළිබඳ අදහස් දැක් වූ එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන පැවසී ය.

    මෙම දැවැන්ත මුල්‍ය වංචාව පිළිබඳව කෙතරම් වගකිව යුතු නිලධාරීන් දැනුවත් කලද කිසිම ඵලක් නොවූ බව ඔහු වැඩි දුරටත් පැවසීය.

    • Boo says:

      ඔය ප්‍රශ්නේ විසඳන්න පුළුවන් වෙන්නේ චතුරයා සල්ලි එකතු කරන්න උගේ චන්ඩි සෙට් එක එක්ක එනකොට කට්ටිය හොඳට සෙට් වෙලා වට කරලා උගේ කන රත්වෙන්න දෙකක් දීමෙන් පමණයි, අර මදාවි මර්වියාගේ පුතාගේ කන කැපුවා වගේ. ඕන තරම් රටට ආදරේ හමුදාවේ කොල්ලෝ ඉන්නවා ඔයාලට උදවු කරන්න සිවිල් ඇඳුමෙන්.

  9. love nature says:

    පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා මුදල් නොතිබූ බවත් තම පුත් චතුර සේනාරත්න විසින් ණයට ගන්නා ලද රුපියල් මිලියන 60කින් ප‍්‍රචාරක කටයුතු ආරම්භ කල බවත් ඇමති රාජිත පැවැසීය.
    ඔහු මේ බව කියා සිටියේදී කොළඹ විහාරමහාදේවී පිටියේදී පැවති සමුළුවක් අමතමිනි.

  10. John says:

    තොපි දැන් කරන්නේ රට හදන එක වෙන්න ඇති! කාලකන්නි රැල !!! යකෝ තොපිට යන්න වෙනම අපායක් හදන්න ඕන රටට කරන මේ විනාසෙට!

Main News