මහින්ද රාජපක්‍ෂ ලොව 49 වන බිලියනපතියා..

March 28, 2017 at 2:10 pm | lanka C news
මහින්ද රාජපක්‍ෂ ලොව 49 වන බිලියනපතියා..

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මෙසේ අදහස් පල කලේය.

රාජිත සේනාරත්න ඇමතිතුමා දිගින් දිගටම කිව්වා ඩොලර් බිලියන 18ක සොරකම් කළ මුදල් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පිටරට බැංකු ගිණුමක තිබී සොයා ගත්තා කියලා. ඒ බව කියලා මේ මාසයට මාස 20යි. තවම ඒ මුදල ලංකාවට ගෙනාවේ නෑ. අපි ඉතාම ඕනෑ කමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා හේතු කිහිපයක් මත මේ මුදල ලංකාවට ගේන්න කියලා.

පළමු කාරණය තමයි, ඩොලර් බිලියන 18ක වත්කම් ජනපති මහින්දට හිමි බව ඔප්පු කලොත් ඔහු 2017 වසර සඳහා සැකසූ ෆෝබ්ස් කෝටිපති ලැයිස්තුවේ 49 වන ස්ථානය හිමි වෙනවා. ආසියාවේ නම් හත්වන කෝටිපතියා. ඒ ගෞරවය ජනපති මහින්දටත් රටටත් ආසියාවටත් ලබා දෙන්න මේ තොරතුරු ඉක්මනින්ම ඔප්පු කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.

ඒ වගේම මේ මුදල ලංකාවේ ජනතාව අතර බෙදා දුන්නොත් අත දරුවන් ද ඇතුළුව සෑම කෙනෙකුටම රුපියල් 125,000ක් ලැබෙනවා. ණය බරයි ණය බරයි කියා අඬා වැටෙන ආණ්ඩුවට සමස්ත විදේශ ණය වලින් භාගයක්ම ගෙවා දමන්නත් පුළුවන්. මේ මහගු අවස්ථාව මග හරිමින් ඉන්නේ ඇයි ද කියා අපි ආණ්ඩුවෙන් අහනවා. මහින්ද මැතිතුමාගෙන් දැන ගන්න පුළුවන් මේ වික්‍රමය කළේ කොහොම ද කියලා. මොකද මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිදුරයේ හිටිය වසර 10 තුළ සමස්ථ ප්‍රාග්ධන පිරිවැය ඩොලර් බිලියන 15යි. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අධිවේගි මාර්ග හදන්නේ නැතුව, ගුවන් තොටුපලවල්, වරායවල් හදන්නේ නැතුව, විදුලි බාලාගාර, ක්‍රිඩාගාර හදන්නේ නැතුව, ගමේ පාර ක්‍රෝන්ක්‍රීට් කරන්නේ නැතුව ඇළවේලි හදන්නේ නැතුව, පාසල් වල විද්‍යාගාර, රෝහල් මේ සියල්ල හදන්නේ නැතුව රටේ කිසිම සංවර්ධනයක් නොකර සමස්ථ ප්‍රාග්ධනයම හොරකම් කලත් හොරකම් කරන්න පුළුවන් ඩොලර් බිලියන 15යි. එහෙනම් නරේන්ද්‍ර මෝඩිටත් හොරෙන් ඉන්දියාවේ අයවැයෙනුත් ඩොලර් බිලියන 3ක් හොරකම් කරන්න ඕනේ ඩොලර් බිලියන 18ක් සගවා තබා ගන්න නම්. ඒ නිසා අපි රාජිත සේනාරත්න මහතාට කියනවා කතා ඇති වැඩ පෙන්වන්න කියලා.

– අරවින්ද අතුකෝරල

213 views

14 Comments to “මහින්ද රාජපක්‍ෂ ලොව 49 වන බිලියනපතියා..”

  1. john the baptice says:

    මේ කාලකන්නි වැඩ වලට වග කිව යුත්තා කවුද……?

    හිටපු සෞඛ්‍ය ඇමති සිරිසේන
    හිටපු සෞඛ්‍ය ඇමති සිරිපාලද සිල්වා
    . වත්මන් සෞඛ්‍ය ඇමති රාජිත

    http://video.genfb.com/813366465429832

  2. gadol says:

    රාජිත කියන්නේ එල්.ටී.ටීයත් එක්ක සම්බන්ධකම් තිබිච්ච මිනිහෙක්.

    http://clipson.ru/clip?id=enNJBfUbVPf-V8wFlS1rZg==

  3. ” ජනතාවාදී රජයක් බලයට පත් උනහම …
    වාචාල මාළු කටා !
    ගෝල් පේස් ගෙනල්ල …
    ඇදුම් ගලවලා .. බිලියන 19 පෙන්නපිය කියලා
    පාර දිගේ ..
    පිස්සෙක් වගේ ! පිස්සෙක් වගේ ! පිස්සෙක් වගේ ! පිස්සෙක් වගේ ! පිස්සෙක් වගේ !
    ඇවිද්දවනවා ”
    කියල සුර වීර හඟුරන්කෙත පුබ්බඩ ගොය්යත්
    හිර කර ගෙන ! හිර කර ගෙන ! හිර කර ගෙන !
    ඉඳල …….
    අදෝ වාතයක් පිට කෝරද්ධි …. අන්න එහෙම
    කියා වුනාලු බොලං !
    එහෙනම් ආයුබෝවන් !

Main News