මහින්ද රුපියල් ටි්රලියන හතරක් හොරකම් කරලා.. සෑම නිවසකටම මිලියනය ගානේ දෙන්න පුළුවන්..- චතුර පරදන්න සුජීව ආවා මෙන්න..
March 18, 2017 at 10:54 pm | lanka C news
හිටපු ජනපති මහින්ද රාජපක්ෂලා හොරකම් කර විදේශ රටවල සගවා ඇති මුදල මෙරටට ගෙන ආවොත් මෙරට සෑම නිවසකටම රුපියල් ලක්ෂ දහය බැගින් ලබා දිය හැකි බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.
ඇමතිවරයා එසේ කියූවද රජයේ සංඛ්‍යාලේඛණ අනුව මෙරට නිවාස ඒකක ගණන 3,969,027කි. ආසන්න වශයෙන් මිලියන හතරකි. ඇමතිවරයාට අනුව එක් නිවසකට මිලියනය බැගින් නිවාස මිලියන හතරකට ලබා දිය යුතු මුදල රැුපියල් 4,000,000,000,000ක් වෙයි. එනම් රුපියල් ටි්රලියන 4කි.
මෙරට බැංකුවක් පළමු වතාවට සිය තැන්පතු මුදල රුපියල් ට්‍රිලියනය ඉක්මවූයේ පසුගිය මාසයේදීය. ඒ ලංකා බැංකුවයි.
රාජ්‍ය ඇමතිවරයාට අනුව හිටපු මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ලංකා බැංකුවේ සමස්ථ තැන්පතු වටිනාකම මෙන් සිවු ගුණයක් සොරකම් කර විදේශවල සගවා තබා ඇත.