මහින්ද-ලසන්ත රහස් හඬපටයක් පිටවේ.. හෙලි නොවූ රහස් රැසකට පිලිතුරු ලබේ..

December 19, 2016 at 10:04 pm | lanka C news
මහින්ද-ලසන්ත රහස් හඬපටයක් පිටවේ.. හෙලි නොවූ රහස් රැසකට පිලිතුරු ලබේ..

ලසන්ත හා මහින්ද අතර සංවාද හඬපටය තුළ ලසන්ත මහින්දගේ දුබලතාවක් ද පෙන්වා දෙයි. එනම් මහින්ද දුෂිතයින් පිළිබඳ ප්‍රමාණවත් අවධායනක් යොමු නොකිරීම ය. එහෙත් මහින්ද එසේ කිරීමට සූදානම් සිටිය ද ඔහුට ඒවාට එරෙහි ව කටයුතු කිරීමට සාධක නොතිබීම ගැටළුවක් වූ බව සංවාදයෙන් තහවුරු වේ. මහින්ද ඉල්ලා සිටින්නේ හොරකම් කරන “පොඩි එකෙක් හරි අල්ලල දෙන්න” යනුවෙනි. ලසන්ත එසේ කිරීමට එකඟ වේ. තව ද මහින්ද දූෂණවලට සම්බන්ධ නැති බව ලසන්ත පවා දන්නා බව ඔවුන්ගේ සංවාදයෙන් පැහැදිළි ය. මහින්ද ද දූෂිත වූයේ නම් ලසන්ත කීයටවත් මහින්ද සමග දූෂණ ගැන කතා කරන්නේ නැත. අනෙත් කාරණය මාධ්‍ය නිදහස පිළිබඳ කාරණයයි. පුවත්පත් කතුවරුන්ට කෙලින්ම මහින්දට කතා කිරීමේ හැකියාව තිබුණි. විශේෂයෙන් ම සන්ඩේ ලීඩර් වැනි පුවත්පතක කතුවරයෙකුට පවා එම හැකියාව තිබුණා පමණක් නොව, මහින්ද එම පුවත්පත්වලින් කතා කරන විවේචන ගැන සතුටු වූ බව ද හෙළි වේ.

මෙම සංවාදයේ හොඳ ම කොටස ලෙස මා සලකන්නේ ඔවුන් දෙදෙනා අතර වූ ඉතා සමීප සම්බන්ධයයි. දෙදෙනා කලක් තිස්සේ අවංක ව නොයෙක් දේවල් ගැන අදහස් හුවමාරු කරගත් බව ද ඉන් පෙනේ. සරත් ෆොන්සේකා පිළිබඳ කතාවන කොටස ද ඉතා වැදගත් ය. දෙදෙනාට ම ඔහුගේ ක්‍රියා ගැන විවේචන තිබූ බව හෙළි වේ. ලසන්ත තම පුවත්පතේ ඒවා ලියූ බව ද සංවාදයෙන් පෙනී යයි. එසේ නම් ලසන්තගේ මරණයට එම ලිවීම් බලපෑවේ ද?

ඊට අමතර ව ඒ වන විට තිබුණු ආර්ථික අර්බුදය පිළිබඳ මහින්ද කොතරම් ආතතියක සිටියේ ද යන්න ය. සංවාදය සිදුවන වසර 2008 විය. ලසන්ත කියන්නේ “බලන්න ලෝක වෙළඳපළේ තෙල් මිළ අදත් ගිහිල්ලා නෙ” කියා ය. මහින්ද ඊට ප්‍රතිචාර ලෙස “ඔව් 150ට 200ටත් යන්න පුළුවන් කියලයි දැන් කියන්නෙ. මහින්ද ඊට ම එකතු කරන්නෙ “බලන්නකො දැන් හෙජ් කරන්නත් බැහැ නෙ” යනුවෙනි.

මහින්ද ඉහත කියක කාරණය වැදගත් ය. හෙජ් යනුවෙන් මහින්ද එහි දී අදහස් කරන්නෙ හෙජිං ගිවිසුම් ගැන ය. මෙය වැදගත් වන්නේ හෙජිං ගිවිසුම පිළිබඳ දැනුදු ලංකාවේ බොහෝ මිථ්‍යා මත පැතිර ඇති හෙයිනි. හෙජිං ගිවිසුමක් යනු අසීමිත ව ඉහළ යන භාණ්ඩයක් හෝ පොලියක් වෙනුවෙන් කිසියම් පාර්ශවයක් වෙනත් පාර්ශවයක් වෙනුවෙන් ඇප වීම ය. ඉහළ යන තෙල් මිල වෙනුවෙන් ඒ මොහොතේ ජාත්‍යන්තර බැංකු කීපයක් ලංකාව වෙනුවෙන් ඇප විය. කෙසේ වෙතත්, කිසිසේත්ම කලින් අනුමාන කළ නොහැකි ලෙස පසුව සිදු වූයේ ඇමරිකානු ආර්ථික අර්බුදය හටගෙන එය ලොව පුරා පැතිර යාමෙන් ලොව බොහෝ රටවල ආර්ථික වර්ධනයන් පහළ ගියේ ය. ලෝක බැංකුවට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පවා එම අර්බුදය අනුමාන කල නොහැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන සඳහා වන ඉල්ලුම අඩු වී එහි මිල සීඝ්‍ර ලෙස පහළ යෑමට පටන් ගන්නේ ය. කෙනෙකු කියන්නේ හෙජිං ගිවිසුම ලංකාට අවාසි සහගත බව ය. එහෙත් දිනපතා ඉහළ ගිය බොරතෙල් මිල අසලකවත් නොතිබූ ආර්ථික අර්බුදයක් පැමිණ සියයට සියයක් ආපහු කැරකේ යැයි කෙසේ නම් අනුමාන කරන්න ද?

වීඩියෝ කියන තවත් කාරණයකි. එනම් ඒ වන විට පැවති තත්වයට මුහුණ දීම සඳහා මහින්ද රජය විසින් හඳුන්වා දුන් “අපි වවමු රට නගමු” වැඩපිළිවෙළ ය. නැග තිබූ ලෝක භාණ්ඩ මිළ හමුවේ එම වැඩසටහන ජනතාවට විශාල සහනයක් වී ඇති බව ලසන්තගේ ද පිළිගැනීමට ලක් වේ.

හඬපටය – ශ‍්‍රී ලංකා මිරර්
– මහින්ද පතිරණ FB

107,790 Viewers

7 Comments to “මහින්ද-ලසන්ත රහස් හඬපටයක් පිටවේ.. හෙලි නොවූ රහස් රැසකට පිලිතුරු ලබේ..”

  1. Chara Chara says:

    Moko chara chara gala kapala thiyenne……

    • asaranaya says:

      මොකද ඒකත් හම්බන්තොට වරායෙ ගල රානිලයා කැපුවා වගෙද?

  2. Ajith says:

    But later lokka said “I Have unpublished pile of Files, But when the time is come, I’ll publish them”but it never ever happened. and which was the guarantied protection to all the corrupter s. as well we realized MR Protect corruptors.

    • Hansaya says:

      Very True Ajith. Appa man recently said he could not reveal how he amassed the money he spent on his election in 2010. Recently Australian news papers and their national broadcaster revealed how then irrigation minster and present president of SL solicited money from an Australian company and how that company bribed this man and few other minsters in African countries is under investigation now.
      MR protected him and still continue to protect him without uttering a single word of those corruptions. Ranil, Ravi, Malik, Kiriella, whole Sajith’s family etc are well known robbers of public money yet he did not bother to bring them to book.

  3. Critic says:

    I agree with Ajith & Hansaya.

  4. Nareen says:

    Maha evun ekathuvelaa janathaava gonaata andanava. Chodanaa thiyena evun issaravelaama athadanguvata aragena pareekshana sidukarala danduvam niyama kalaanam oya hati tatamanna one nahane, Oona kenekuta therenava lokko athare deel ekak thiyena bava.

  5. Mithila says:

    But the 2008 Mahinda who was friendly and jovial became the opposite after 2010. His regime assaulted and killed journalists. His sons started crooked businesses. He became arrogant. He became greedy. Wanted to rule forever. Took out the two term limit for that. He never thought he would lose. He was a totally changed man by the time he ate humble pie in 2015.

Main News