මහින්ද, ලාල් කාන්තගේ ගෙදර.. ඇතුලේ දීර්ඝ කතා බහක…[Photo]

April 25, 2018 at 3:00 pm | lanka C news
මහින්ද, ලාල් කාන්තගේ ගෙදර.. ඇතුලේ දීර්ඝ කතා බහක…[Photo]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට අද පස්වරුවේ අනුරාධපුර මාතලේ හන්දියේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතාගේ නිවසට පැමිණියේය.

ඒ ලාල් කාන්ත මහතාගේ අභාවප්‍රාප්ත මෑණියන්ට අවසන් ගෞරව දැක්වීම පිණිසයි.

මෙම අවස්ථාවට එස්.එම්. චන්ද්‍රසේන, ලොහාන් රත්වත්තේ, ෂෙහාන් සේමසිංහ, එස් සී මුතුකුමාරණ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද, උතුරු මැද හිටපු මහ ඇමති එස්.එම්. රන්ජිත්, මහාචාර්ය චන්න ජයසුමන සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු රැසක් ද රාජපක්ෂ මහතා සමග සහභාගී වූහ.

පසුව ලාල් කාන්ත මහතා සමග පැය භාගයකට ආසන්න වෙලාවක් මහින්ද රාජපක්ෂ මහතා සුහද කතා බහක නියැලුණි.

මේ අතර ඒ අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ඇතුලට නොයන ලෙස ඉල්ලා සිටිමින් එහි සිටි ජවිපෙ සාමාජිකයන් පැවසුවේ ‘ඇතුලේ රහස් කතාවක්.. බාධාවක් නොකරන්න’ ලෙසයි.

49 views
Main News