මහින්ද- විමල් හිරේ දමා වසර 07ක් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට සූදානම්..
January 31, 2017 at 3:50 pm | lanka C news
මේ රටට ආදරය කරන, රට බෙදනවාට, රටේ සම්පත් විකුණනවාට විරුද්ධ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ අභිලාෂයන්ට පිටු පා කටයුතු කරන මෛත්‍රී-රනිල් පාලනය, මහින්ද – විමල් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් හිරේ දමා වසර 07කට ප්‍රජා අයිතිය අහෝසි කිරීමට සිතනවා නම් එය කිසිදා සැබෑ නොවන සිහිනයක් පමණක් බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
ජාතික නිදහස් පෙරමුණේ, දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා අද (31) පිටකෝට්ටේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.
“අපේ පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා සිරගත කරලා අදට සති තුනක් ගෙවීගොස් තිබෙනවා. අද මේ ආණ්ඩුව යන්න හදන ගමන පිළිබඳ ඒ සරගත කිරීම මගින් අපට යම් ඉඟියක් ලබා දි තිබෙනවා. නමුත් මේ ආණ්ඩුව යන්න හදන ප්රජාතන්ත්ර විරෝධී, ඒකාධිපති ගමන මුල සිට අගට, එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වගේම ප්‍රවාහන නියෝජ්‍ය ඇමති ධුරටද දරන අශෝක් අබේසිංහගේ කටින් පසුගියදා(24) පාර්ලිමේන්තුවේදි එළියට පැන්නා.
ඒ අනුව අපට පෙනෙනවා, රනිල් වික්‍රමසිංහ යන්න හදන්නේ ජේ.ආර්, ආර්. ප්‍රේමදාස පන්නයේ වියරු ඒකාධිපති ගමනක් කියලා. ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනවිල්ලා, රටේ ආර්ථික මර්මස්ථාන විකුණලා ඉඩම් අක්කර දහස් ගණනින් නොරටුන්ට දිලා එට්කා ගිවිසුම ගහලා මේ අය තමන්ට බලයට එන්න පාර කපලා දීපු ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන්ට, ඉන්දියාවට හා දෙමළ ඩයස්පෝරාවට දොළ පිදෙනි දෙමින් ඉන්නවා. මේ තත්වයට එරෙහිව අප වැනි ජාතිකවාදී බලවේග නියෝජනය කරන දේශපාලන පක්ෂ විතරක් නොවයි මුළු රටම නැගී සිටිමින් ඉන්නවා. මේ පොදුජන විරෝධය සමහන් කරන්න නම් කුමක්ද කළ යුත්තේ? තමන්ට විරුද්ධව හීන් කෙඳිරියක් පමණක් නගලා නිඟඩව සිටින ජවිපෙ හා දෙමළ ජාතික සන්ධානය යන දෙගොල්ලන්ගෙන් සැදුම්ලත් නිල විපක්ෂය ඉතිරි කරලා සැබෑ විපක්ෂය හෙවත් ඒකාබද්ධ විපක්ෂය බිමට සමතලා කළ යුතුයි.
ඒකාබද්ධ විපක්ෂය බිමට සමතලා කරලා 2020දී පවත්වනු ලබන මැතිවරණයේදී තමන්ට නිතරඟ ජයක් ලපබාගන්න අවශ්‍ය දේශපාලන පිට්ටනියක් හදන හැටි එදා(24) අශෝක් අබේසිංහගේ කටින් එළියට ආපු හැටි හැන්සාර්ඞ් වාර්තාවේ තිබෙනවා. ‘අද ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයක් ඉන්නේ ඇප පිට. සමහරු තවමත් රිමාන්ඞ් බන්ධනාගාරයේ ඉන්නවා. මේ සියලු දෙනාට ඉදිරියේදී අනිවාර්යයෙන්ම නඩු පැවරෙනවා. අපේ රටේ නීතිය අනුව මිනීි මැරුමකට රිමාන්ඞ් බන්ධනාගාරගත වුණත් මාස දෙක – තුනක් එළියේ. ඊට පස්සේ අධිචෝදනා පත්‍ර භාර දුන්න. තමයි නඩුව අහන්නේ. ඒ නිසා ඒ ඉන්න හුඟක් අයට හෙට -අනිද්දා වන විට අධිචෝදනා ගොනු වෙයි. එක් කෙනෙකුට නඩු පහක් – හයක් තිබෙනවා. ඉදිරියේදී ඒ අයට අධිචෝදනා ගොනු කළාම ඒ නඩු අහන්න වෙනම උසාවියක් හදන්න කියලා අපි අගමැතිතුමාට කිව්වා..’ කියලා. නීතිය නමන පොලිස්පති ලවා තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන්ට එරෙහිව විමර්ශ සිදු කරලා ඔවුන් අත්අඩංගුවට අරගෙන නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරලා අධිචෝදනා ගොනුකරලා වෙනම අධිකරණයක් හදලා ඉක්මනින් නඩු අහලා හිරේ දමන බවයි මේ අශෝක් අබේසිංහ කියන්නේ.
ඊට පස්සේ මෙයා කියනාවා… ‘ 2017 වසරේ අධිචෝදනා පත්‍ර භාර නඩු අහලා තීන්දු දෙන විට 2018, 2019 වෙයි’ කියලා. ඊට පස්සේ තව අමතර විනාඩියක කාලයක් මුලසුනෙන් ඉල්ලා ගත්තු මේ රනිල් වික්‍රමසිංහගේ ගෝලයා මොනවද කියන්නේ?
‘… එතකොට ඔය තාජුඩින්ගේ මරණයට සම්බන්ධ අයට එහෙම වෙනම දඩුවම් ලැබේවි. අවුරුදු දෙක තුනකට හිරේ ගියාම ඒ අයට 2020 මැතිවරණයේදී ඡන්දය ඉල්ලන්න හම්බුවෙන්නේ නැහැ. මේ අය එළියට එන්නේ, 2021/2122 වසරේදී විතර. ලංකාවේ නීතිය අනුව මාස 3ක් හිරේ ගියොත් අවුරුද් 7කට ප්‍රජා අයිතිය අහෝසියි. එතකොට 2020/2029 දක්වා ප්‍රජා අයිතිය අහෝසියි. 2025 මැතිවරණයේදී ඡන්දය ඉල්ලන්න හම්බවෙන්නේ නැහැ. 2025 වසරේදී අපේ හිටපු ජනාධිපතිතුමාට අවුරුදු 82ක් වෙනවා. මේ අයට අවුරුදු 82දී එතුමා කොහේද ඉන්න ඕන කියලා කවුරුත් දන්නවා…’
රනිල් වික්‍රමසිංහ මහත්තයෝ මේකද ප්රජාතන්ත්රවාදය? මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් නායකයන් අඩුම තරමින් මාස තුනකටවත් හිරේ දමලා ඔවුන්ගේ ප්‍රජා අයිතිය වසර 07කටවත් අහෝසි කරන බව නේද මේ කියන්නේ. මේ තමයි ‘බටලන්ද අලුත් තියරිය’ එදා රනිල් වික්‍රමසිංහගේ බටලන්ද වදකාගාරයටත් බිය නොවුණු අපි අද මේ සෙල්ලම්වලට බය වෙයිද? ජවිපෙ අලුත් නායකයා රනිල්ට බයවෙලා අලි නැට්ටක් බවට පත් වුණාට අපි එහෙම වෙන්නේ නැහැ. අද ශ්‍රීලනිප ඇමතිවරු සහ ජවිපෙ අලි නැට්ටක් වෙලා. ඔවුන් අද කථා කරන්නේ මුඛයෙන් නොවෙයි අධෝ මුඛයෙන්.
මේ ‘අලුත් බටලන්ද තියරිය’ රනිල් – අනුර සැලැස්මක්. මේ අයට අවශ්‍ය තනි දේශපාලන පිට්ටනියක්. මහින්ද, විමල් ඇතුළු ජාතිකවාදී නායකයන් හිරේ දමලා වසර 07කට ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළාම තනි පිට්ටනිය හැදෙනවා.
හැබැයි මේ සිහිනය සැබෑ කර ගන්න ඉඩ දීලා අපි නිහඬව ඉඳිවි කියා හිතන්න එපා ‘අප සමඟ මේ රටට පණවගේ ආදරය කරන රට බෙදෙනවාට විරුද්ධ, රටේ සම්පත් විකුණනවාට විරුද්ධ ලක්ෂ 50-70ක ජනතාවක් සිටින බව අමතක කරන්න එපා! කියලා මේ අවස්ථාවේ අපි මේ මෛත්‍රී – රනිල් රූකඩ – පරගැති ආණ්ඩුවට අවධාරණය කරනවා’
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
Thaman Kala Honda ho naraka thaman pasupasa enawa …
එතකොට මේ අවුරුදු තිහක් ම්ලේච්ච දෙමල කොටි ත්‍රස්තවාදයෙන් බැට කෑ රට එම උවදුරෙන් මුදාගැනීමේ හොඳටද එතුමන්ලගෙ ප්‍රජා
අයිතිය නැතිකරන්න හදන්නෙ?
උන්ඩය පුස්කතී.
විරුවෝ තවම නිදියති.
පඹයා කට ගහාති,
බිළි පුජාවටත් සැරසෙති
ප්‍රෙමෙ ගෙ ක්‍රමයට,
‘කහ බළලුන්ද එලියට
වැඩකට සැරසෙන්ට,
යවමු පින්ගුත්තරද පොලවට
ලන්කාවෙ මිනිස්සු තවම ඒඩිතර මදි හෝ නියම මගපෙන්විමක් නෑහෑ මේ වාට විරුද්දව සටන් වෑදලා මේ වෑනි නරුමයන්ව එලවන්න
පරක්කු වෙච්ච නිසා කලින් ලියන්න හිතපු comment එක ලියන්න අදහසක් නැහැ. උදයට ස්තූතියි අර UNP බමුණා කියපු කතාව quote කරලා දැම්මට. UNP ඇමැතිවරු හිතා ඉන්නේ ඉර පායන්නේ සිරිකොතෙන් කියලා.
කෙටියෙන් කියන්න තියෙන්නේ, මේවා – “සිංහල” දේශපාලන නායකයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම – මේ ආණ්ඩුව දකින හීන විතරයි කියල. සිංහල කියලා විශේෂයෙන් සඳහන් කලේ දෙමල ජාතිවාදීන්ට කිසි බාධාවක් නැති නිසා. මේ හීන සැබෑ වෙන්න ජනතාව කීයටවත් ඉඩ තියන්නේ නැහැ.
මට කියන්න තියෙන්නේ “මේවා කරන්න ආවොත් මුළු ආණ්ඩුවම, ජනාධිපතිත් ඇතුළුව මහා පාරේ ඇවිද ඇවිද ඉන්න සලස්වනවා” කියලා.
අපේ ආවේගය අළුත් කරනවට ආණ්ඩුවට ස්තූති කල යුතුයි.
me rate minissunta paanduwa 2015.01.08 weladune lak mawa vinaashai
2015.01.08 දින මේ රටේ මිනිස්සුන්ට පාණ්ඩුව වැළදුනා.බේරගන්න ඉන්න වීරයෝ හිර ගෙදර ජනතාව සමග ලක් මව මරණයට දිවෙයි.