මහින්ද විශ‍්‍රාම යයි..? අගමැති බැසිල්..?

September 8, 2020 at 10:33 pm | lanka C news
මහින්ද විශ‍්‍රාම යයි..? අගමැති බැසිල්..?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීළඟ අගමැතිවරයා ලෙස පත්වීමට නියමිතව ඇතැයි අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබේ.

ඩේලිමිරර් පුවත්පතේ පළ වූ වාර්තාවක් පාදක කරමින් මෙම වාර්තාවන් පළ කර ඇත.

ඩේලි මිරර් වාර්තාවේ දැක්වෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා තවත් වසර දෙකකින් පමණ දේශපාලනයෙන් විශ්‍රාම යනු ඇති බව අපේක්ෂා කල හැකි බවයි.

ඒ වෙනුවට පාර්ලිමේන්තුවට තවත් රාජපක්ෂ සහෝදරයෙකු පිවිසෙනු ඇති බවත් ඔහු මීලග අග්‍රාමාත්‍ය ධූරයට පත් වනු ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

කෙසේ නමුත් 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ සැනින් බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණිය හැකි වූවද ඔහු එතරම් ඉක්මනින් පාර්ලිමේන්තුවට නොපැමිනෙනු ඇති බව ද සමීප ආරංචි මාර්ග පැවසීය.

149,104 views

19 Comments to “මහින්ද විශ‍්‍රාම යයි..? අගමැති බැසිල්..?”

  1. Sayumi says:

    මහින්දව විශ්‍රාම ගන්වන්න 2015 සිටම දඟලපු එවුන් ගොඩක් හිටියා. නායකයා සහ පක්ශය පිටින්ම උන්ව විශ්‍රාම ගන්වලා; ආප්ප කාලා පැන්න එවුන්ටත් ආපහු මහින්දගෙ කකුල් දෙක ලඟට එන්න සිද්ද කලා මේ රටේ ජනතාව.

    • Janaka says:

      19සංශෝධනයෙන් අගමැති බලතල සම්පූර්ණයෙන් අහෝසි වෙනවා. ඇත්තෙන්ම එය සිදුවිය යුතුම දෙයක්. මෙයට පොහොට්ටුවට චන්දය දුන් කිසිවෙක් විරුද්ධවන්නේ නෑ .දැන් අගමැති උත්සාහ කරන්නේ මේ වගේ සියලුම බෞද්ධයින් අපේක්ශා කරන ගවගාතනය තහනම් කිරීම වගේ (මෙය කිසිදා සිදු නොවේ ) යෝජනාවක් ගෙනවිත් රටේ ජනතාවගේ ප්‍රසාදය තමන් වෙත යොමුකරගෙන තමන්ගේ බලතල ඉවත්කිරීමට එරෙහිව ජනතා මතයක් ඇතිකිරීම. පාස්කු ප්‍රහාරයේ චූදිත මුස්ලිම් ජාතිකයන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන මුස්ලිම් ජනතාවගේ ප්‍රාධානම ආරක්ශකයා ව සිටින මහින්ද මහත්තයා වගේ කෙනෙක් ගව ගාතනය තහනම් කිරීම මවිතයට කරුනක් .

  2. Amaris says:

    මහින්ද මහත්තයට දේශපාලන යෙන් විශ්‍රාම ගැනීමට අවස්‍යනම් තව අවුරුදු දෙකක් සිටීමට අවස්‍යවන්නේ නෑ. එය වහාම කලයුතු කාර්යක්. මේව ඔහුගේ ගිලිහී ගිය ජනප්‍රියත්වය නැවත ලබාගැනීමට කරන කතා. ගව මස් තහනමත් එවැනිම කතාවක්. දැනට ඔහු සතු ආයතන සංඛ්‍යව 100 කට ආසන්නයි මේවා සියල්ල ඉතා යහමින් මුදල් පරිහරනය වන වැදගත් ආයතන. මේවා ජනාධිපති බලෙන් දුන් ඒවා නොවේ .විශ්‍රාම යාමට සිටින පුද්ගලයෙක් මේවා සියල්ලක් බදාගන්නේ නෑ .දේශපාලන යේදී ඔහු උපදෙස් ගන්නේ ඔහුගේ කළණ මිතුරු රනිල් ගෙන් .දෙදෙනාම කිසිසේත් තණතුරු දමා යන අය නොවේ .කෙසේ නමුත් අගමැති කඩිනමින් විශ්‍රාම ගන්නේනම් ජනාධිපතිතුමාගේ වැඩ පිලිවෙලට ඉමහත් රුකුලක්. මොකද යම් තීරණ ගැනීමේදී අගමැති ඔහුට බාදාවක්. බොහෝ අවස්තාවල ජනාධිපතිගේ අවසරයකින් තොරව ආයතන ප්‍රදානීන්ට කතා කර තම අවස්‍යතාවයන් ඉටුකර ගන්නවා .රටේ අභිවුර්ධිය තකා කඩිනමින් විශ්‍රාම ගතහොත් ඔහුගේ නම දේශපාලන ඉතිහාසයේ රන් අකුරින් ලියවනු ඇත .එසේ නුවුනහොත් තවත් රනිල් කෙනෙකු ඉතිහාසයට එක්වනු ඇත .

    • පිංගුත්තර Amaris කාපං මදුවැල් දැං උම්බෑෑෑ කියපං. අගමැති ජනාධිපති සහෝදරයෝ කියලා විතරක් හිටපං. උඔ පකනිල් මඩ මාධ්‍යය පබ්ලිසිටියෙක් කියලා කොටපු කෙටිල්ලෙන් පැහැදිලියි.

    • 2015 මීහරකා says:

      හරි, අමාරිස් ගොයිය හරියටම දැනගෙන නේ ඔය කියන්නෙ. ඒ විදියට කරොත් හරිද?
      🐮

    • Saman says:

      අමාරිස් අයියේ සහතික ඇත්ත. ඔබගේ විශ්ලේශනය විශිශ්ටයි .

  3. Rata Wenuwen says:

    ඔබගේ සේවය රටට අවශ්යයි අගමැති තුමනි. කාලසීමාව අවසන් වීමෙන් පසු විශ්‍රාම ගියාට කවුරුත් දොසක් නොකියනු ඇත

    • kawinda says:

      19 thibena thaak kal janapathi agamethi kathaanaayaka eka kette gedi thunak wage inna ona. e nisa Basil agamethiweema ratata hondai.

  4. Buuwa says:

    Dan sapada ?

  5. ivan says:

    Much better for work, culprits may not agree with me.

  6. Alapaluwa says:

    අපේ අකැමැත්තක් නැහැ හැබැයි දිවිත්ව පුරවැසිභාවය අයින් කරගෙන නැතිව අපි කැමති නැහැ අර ගියපාර වගේ පැරදුන ගමන් ඩුබායි හරහා රට පනිනඑකට අන්න එතනයි වැරැද්ද තිබෙන්නේ.නැතිව බැසිල් වැඩකරන්න දක්ෂයි ක්‍රමානුකුලව එය ගැන අපි අවදානමින් සිටින්නේ.

    • Nishantha says:

      ඔයා කැමති නම් ඒ ඇති. බැසිල් අකැමති වුනත් අපි ඒක කරමු😃

      • හින්බබා says:

        අනාගතේදී රාජපක්ෂ පවුලේ බල්ලො, බළල්ලුත් දේශපාලනය කරයිද ? රැවටිය හැකි ජනතාවක් සිටින තාක් කල් අපේ රටේ දේශපාලකයින් රටේ රජ කරනු ඇත ..රට අගාදයට පත් කල සිරිසේනටත් ජන්දේ දුන් මිනිස්සු මේ රටේ සිටින කල තව කවර කතාද ?

  7. Sun says:

    What I am thinking is the duality of democracy in Sri Lankan politics. Politicians want to change the dual citizenship regulation rule with an intention of letting the own people getting into politics but this is going to create big issues. Those who ignore this issues put the country in lawlessness internationally.

  8. yuwan says:

    මහින්ද ගියොත් නම් රටක් ඉතුරු වෙන්නෙ නෑ. අපිට ඕනේ මහින්දමයි

  9. CNW PATHIRANA says:

    That is the best news I heard for 2020. Its te best way to protect his image and not loose respect gained..

  10. Sam says:

    Puduma rajapaksha wahallu tikak me rate inne ?

Main News