මහින්ද ශ්‍රීලනිපයෙන් ඉවත් කෙරේ..?
April 5, 2017 at 11:42 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපෂක් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවට වාර්තා පල වෙයි.
හිටපු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්නේ යයි බැහැදිලිවම සාක්ෂි ඇති බවට එම පක්ෂ මධ්‍යම කාරක සභිකයින් විසින් ජනාධිපතිවරයාටද මේ වන විට පෙන්වා දී ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවට මේ වන විටත් තහවුරු වී ඇති නිසා වහාම ඔහුගේ ශ්‍රීලනිප සාමාජිකත්වය අහෝසි කර දැමිය යුතු බවට ඔවුන් සදහන් කර ඇත.
අලූත් අවුරුද්දෙන් පසු ශ්‍රීලනිප විනය කමිටුව හමුවට හිටපු ජනාධිපතිවරයා කැදවා මේ පිලිබදව කරුණු විමසා ඉවත් කිරීමේ තීරණය ක්‍රියාත්මක කරනු ඇතැයිද වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.