මහින්ද ශ‍්‍රීලනිපයෙන් නෙරපීමට තීරණය කෙරේ…

October 22, 2017 at 10:00 am | lanka C news
මහින්ද ශ‍්‍රීලනිපයෙන් නෙරපීමට තීරණය කෙරේ…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු ඒකාබද්ද විපක්‍ෂයේ සිටින පිරිස එළැඹෙන පළාත් පාලන මැතිවණයේදී ශ‍්‍රීලනිපය දිනවීය සදහා කටයුතු නොකලහොක් ඔවුන් සියල්ලන් පක්‍ෂය අතහැර ගිය සේ සැලකීමට එම පක්‍ෂය තීන්දු කර ඇත.

ඉදිරි මැතිවරණය ගැන තරග වැදීම ගැන සාකච්චා කිරීමට පැමිණෙන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ පිරිසට ආරාධනා කර ඇති බවත් එම ආරාධනය ප්‍රතික්‍ෂේප කලහොත් මෙම තීන්දුව ගැනීමට ශ‍්‍රීලනිපය තීරණය කර ඇත.

හිටපු ජනාධිපති හා ඒකාබද්ද විපක්‍ෂය ශ‍්‍රීලනිපයට විරුද්දව කඳවුරු බඳින්නට තීරණය කලහොත් ගත හැකි වෙන විකල්පයක්‌ නැති බවද එම ශ‍්‍රීලනිපයේ අදහස් වී ඇත.

කෙසේ වෙතත් ඒකාබද්ද විපක්‍ෂය සදහන් කරන්නේ මේ වන තෙක් ඒ ආකාරයේ ආරාධනාවක්‌ ලැබී නැති බවකි.

19 views

3 Comments to “මහින්ද ශ‍්‍රීලනිපයෙන් නෙරපීමට තීරණය කෙරේ…”

  1. Minimuthu says:

    උදව් කිරීමට දැන් ශ්‍රි.ල.නි.ප.යක් නැති බව කවුරුත් දනිති. එය එ.ජා.ප වී බොහෝ කල්ය.

  2. යුක්තිය says:

    මේ සැරෙත් පිං සිරා මහින්දයි,රටේ මිනිස්සුයි රවට්ටං චන්දෙ කරල පස්සෙ පැත්තකට දාල යූඑන්පී එකත් එක්ක පාදඩේ යන්න යූඑන්පී නිල් බිරින්දෑවරැන්ගෙ සංගමේ පක්ශෙ‍යි,සාමාජිකාවන් හිතං ඇත්තෙ…ඒව හදේ තමයි…! බන්ඩාරනායක මහත්තය යූඑන්පී විරොධී මිසක් යූඑන්පී සරණ,හවුල් පූට්ටු නෙවෙයි..!

  3. daham says:

    sirisena me okkoma karanne unp eka dinawanna, sri lanka eka diya karala. moota hena gahalath madi neda?

Main News