මහින්ද සමග ආණ්ඩු කරන්න ශ‍්‍රීලනිප ඇමති පිරිසක් විරුද්දයි.. තීරණයක් අද ගනී..

February 15, 2018 at 6:27 am | lanka C news
මහින්ද සමග ආණ්ඩු කරන්න ශ‍්‍රීලනිප ඇමති පිරිසක් විරුද්දයි.. තීරණයක් අද ගනී..

ඒකාබද්ද විපක්‍ෂයේ සහයෝගයෙන් ආණ්ඩුවක් පිිහිටුවන්නේ නම් ඊට සහයෝගය ලබා නොදීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකු තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

දුමින්ද දිසානායක, විජිත් විජිතමුණි සොයිසා, එස්.බී. දිසානායක ඇතුළු පිරිසක් මෙම විරුද්ද මතයේ සිටින්නේ යයිද සදහන්ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැඩි ලෙස විවේචනය කිරීම හේතුවෙන් තව දුරටත් ඔහු සමග එක්ව කටයුතු කිරීම හැකියාවක් නැතැයි ඔවුන් අවස්ථා කිහිපයකදී පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් මෙම පිරිස් අවසන් තීන්දුවක් ගෙන නැති අතර අද දිනය ඇතුලත මෙම ගැටළුව සමනය වනු ඇතැයිද සදහන්ය.

66 views

27 Comments to “මහින්ද සමග ආණ්ඩු කරන්න ශ‍්‍රීලනිප ඇමති පිරිසක් විරුද්දයි.. තීරණයක් අද ගනී..”

  1. Winsara says:

    Bata Kola Aachchi ta katha karala ithuru awurudu deka karaganna kiyamu me gollanta.

  2. unicorn says:

    මුං හිතනවා ඇති රජයක් පිහිටුවන්න උං නැතිව බෑ කියලා.. උංබෑ කියකියා හිටපල්ලා.රට ඉදිරියට යයි. ඔතනම හිටපල්ලා.
    මොවුන්ගෙන් වොයිස් කට් ගන්න යන් එවුනුත් මෝඩ රැලක්.

  3. NAK says:

    Those who are unwilling to join with a government that includes MR are the one who got pina positions. If they don’t like they can go home which is their ,soon to be,destination any way.

Main News