‘මහින්ද සමග එක්ව ඡන්දය ඉල්ලන්නේ නෑ.. සරමක් ඇදගෙන මට ඒක කරන්න පුළුවන්ද..’- ජනපති මෛත‍්‍රී කියයි…

November 20, 2017 at 10:00 am | lanka C news
‘මහින්ද සමග එක්ව ඡන්දය ඉල්ලන්නේ නෑ.. සරමක් ඇදගෙන මට ඒක කරන්න පුළුවන්ද..’- ජනපති මෛත‍්‍රී කියයි…

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කණ්ඩායම සමග එක්ව තරග කරන්නේ නැතැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සදහන් කර ඇතැයි අද ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.

ජනාධිපතිවරයා මේ බව එක්සත් ජාතික පක්‍ෂයය දන්වා ඇත්තේ එජාප මහ ලේකම් ඇමති කබීර් හෂීම් හා ඇමති මලික් සමරවික‍්‍රම සමගින් පසුගිය ඉරිදා දිනයේ පැවති සාකච්චාවකදී බවද වාර්තාවේ දැක්වෙයි.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති සමග එක්ව තරග කිරීමට තීරණයක් ඇත්දැයි එජාප ඇමතිවරුන් දෙදෙනා විමසූ අවස්ථාවේ ජනාධිපතිවරයා ඇදසිටි සරම පෙන්වා ‘මේ සරම ඇදගෙන ඒක කරන්න පුළුවන්ද’ යයි අසා ඇතැයිද සදහන්ය.

කෙසේ වෙතත් දෙපාර්ශවය එක්කිරීම සදහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන්න මැදිහත්කරැවෙකු වන්නැයි ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතාට ජනාධිපතිවරයා විසින්ම අනුමැතිය දී ඇති බව කැබිනට් ප‍්‍රකාශක දයාසිරි ජයසේකර මහතා විසින් කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසීය.

144 views

43 Comments to “‘මහින්ද සමග එක්ව ඡන්දය ඉල්ලන්නේ නෑ.. සරමක් ඇදගෙන මට ඒක කරන්න පුළුවන්ද..’- ජනපති මෛත‍්‍රී කියයි…”

  1. ajita de costa says:

    tin tin wadinawada hitan

  2. Power says:

    මේ සරම ඇදගෙන ඒක කරන්ඩ පුළුවන් කියලා ආප්ප කනකොට මතක් වුණේ නැතිද දන්නෑ..

  3. Saroja says:

    Reddak andagena pare bahala yanna puluwan wadada thamun korala thiyenne?

  4. SL says:

    Ekai Meya Karuwala Wetunama Mahinda Balanna Yanne …

  5. CID MAN says:

    එහෙම කියල , මහින්දට ලැබෙන චන්ද කඩාකප්පල් කිරීම තමා මුගේ ප්ලැන් එක ….රැවටෙන්න එපා

Main News