මහින්ද සමග ‘නව ගමනක් අරඹමු’ වේදිකාවට අමරවීරත් ගොඩවේ.. මහින්ද කියු කතාව මෙන්න..

March 21, 2019 at 11:20 am | lanka C news
මහින්ද සමග ‘නව ගමනක් අරඹමු’ වේදිකාවට අමරවීරත් ගොඩවේ.. මහින්ද කියු කතාව මෙන්න..

පළාත්සභා මැතිවරණය ඉල්ලා අපි උසාවියේ නඩු 3ක් දමා තියෙනවා. අපට ඉන්නවා මැතිවරණ නැති මැතිවරණ කොමසාරිස්වරයෙක්. අපි බලාපොරොත්තු වෙනවා මැතිවරණ ලබා ගැනීමට මැතිවරණ කොමසාරිස් උසාවියේදී කටයුතු කරනු ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙරවරුවේ තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ දී තංගල්ල ප්‍රාදේශිය සභා නව දෙමහල් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සවයේදී පැවසීය.

‘ජනතාවට සේවය කිරීමට අවශ්‍ය පහසුකම් තිබිය යුතු බවත්, මෙම නව කාර්යාලය විවෘත කිරීමෙන් ඒ සඳහා පහසුකම් සැලසෙනවා. මෙම ප්‍රදේශයේ විශාල වශයෙන් හෝටල් ඉදිවී තිබෙනවා. විදේශ සංචාරකයින් විශාල වශයෙන් එනවා. තම බල ප්‍රදේශයේ ජනතාවට පමණක් නොව මෙම ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සැපයීම් තුලින් සංචාරක ව්‍යාපාරය වර්ධනය කර ගැනීමටද ප්‍රාදේශිය සභාවට හැකි වේ.

අපි අවුරුදු 04ක් විපක්ෂයේ හිටියා. දැන් ජනාධිපතිතුමන් විපක්ෂය සමඟ කටයුතු කිරීමට එකඟ වී සිටිනවා. හම්බන්තොට, මොණරාගල ප්‍රදේශ සංවර්ධනය විය යුතුයි. සුදු අධිරාජ්‍යවාදීන් හිතාමතාම මෙම ප්‍රදේශවලට කුඩම්මාගේ සැලකිලි දැක්වුවා. යාපනේට, කන්කසන්තුරේට රේල් පාර ගියා. හම්බන්තොට ප්‍රදේශයේ ලුණු ලේවාය තිබිලත් දුම්රිය ආවේ නැහැ. එදා හදන්න තිබුන කෝච්චි පාර බෙලිඅත්තට එනවා. එය කතරගම දක්වා දික් විය යුතුයි.

ආණ්ඩුව රටේ ආදායම වැඩි කරන බව ආඩම්බරයෙන් කියනවා. බදු ආදායම දෙගුණයක් කිරීමෙනුයි ඒ ආදායම වැඩිකරගෙන තියෙන්නේ. නමුත්, බදු ආදායමෙන් කරන දෙයක් ගැන ආණ්ඩුව කියන්නේ නැහැ. වරාය විකිණුවා. ගුවන්තොටුපල විකුණන්න හදනවා. වරාය වගේ නොවේයි ගුවන්තොටුපල විකුණුවාම ගුවන් කලාපයේ අයිතිය ඔවුනට යනවා. රට විකුණන තත්වයට මේ ආණ්ඩුව පත්වෙලා.

අපි නොරොච්චෝලේ හැදුවා. සාම්පුර් බලාගාරය හදන්න සියල්ල සුදානම් කරලයි තිබුනේ. නමුත් මෙම රජය බලයට ඇවිත් එය නතර කලා. ඒ නිසා ඉදිරියේදී විදුලි අර්බුදයකටත් අපිට මුහුණ දෙන්න සිදුවේවි.

යුද්ධය අවසන් කළ හමුදා නායකයින්ට රටවලට ඇතුළු වීම තහනම් කරලා. ත්‍රස්ත්‍රවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමට යනවා. එය ක්‍රියාත්මක වන්නේ හදිසි නීතිය තුළයි. නමුත් එය සාමාන්‍ය නීතියට එකතුකරාම විරොධතාවයන්, සිසු අයිතින් වෙනුවෙන් වන උද්ඝෝෂණ, දේශපාලන රැස්වීම් වැනි දේ තහනම් කරමින් ජනතා මර්ධනයටයි ආණ්ඩුව සැරසෙන්නේ.

පසුගියදා නවසිලන්තයේ 49 දෙනකු ඝාතනය වුනා. දැන් ලංකාවේ මෙවැනි දේ සිදුවන්නේ නැහැ. එමගින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව විශාල සහනයක් ලැබුනා. ඒ ගැන ඔවුන්ගේ දේශපාලන නායකයින් කථා කරන්නේ නැහැ. ඔවුන්ගේ නායකයින් මෙම ආණ්ඩුවට සහය ලබා දෙමින් සියලු පහසුකම් භුක්ති විදිනවා. සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න ගැන ඔවුන් කිසි උනන්දුවක් නැහැ යයිද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ඩී.වී චානක, මහින්ද අමරවීර, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ,  පළාත් අමාත්‍ය ගුණසේන ගුණසේකර, පළාත් සභා මන්ත්‍රීවරුන් වන ඩී.වී උපුල්, එස්.වී.පී.ආනන්ද, තංගල්ල ප්‍රාදේශිය සභාවේ  සභාපති ලාලිත වනිගසේකර ඇතුළු මන්ත්‍රිවරුන් සහභාගී විය.

– MR midea

70,086 Viewers

3 Comments to “මහින්ද සමග ‘නව ගමනක් අරඹමු’ වේදිකාවට අමරවීරත් ගොඩවේ.. මහින්ද කියු කතාව මෙන්න..”

  1. sunimal says:

    දොන් ජුවන් පාලනය පන්නමු රට එක්සේසත් කරමු සිංහල දෙමල මුස්ලිම් සියලු දෙනාම එක්වී රට පෙරට ගෙන යමු

  2. Mr. Been says:

    Super

  3. R.D.sirisena says:

    lankawa maha puduma modayangen piruna ratak.. PODU PERAMUNa APE MISq RAJAPAKSAGE NOWE.
    JANAPATHIA APEKSAKAYA THERIYA YUTTE madyama karaka sabawa misa mahinda nowe.
    dekotiyakata wedi janathawage palakaya thereema eka minisekuta dena harak ethi paksayak/ ohu darsanikayekada? maha loku ugathekada? wiswa vidyalayaka igana gena thibeda?
    harak harakk inna wahalungen piruna paksayak
    siyallangema kemetten nayakaya thoramu mahindata enna behene
    SURE MEYA PALARANNE NETHA

Main News