මහින්ද සමරසිංහට රනිල්ගෙන් හොද ලකුණු.. ජනපති සමග ශ‍්‍රීලනිපය පුදුමයෙන්..

September 10, 2019 at 6:28 am | lanka C news
මහින්ද සමරසිංහට රනිල්ගෙන් හොද ලකුණු.. ජනපති සමග ශ‍්‍රීලනිපය පුදුමයෙන්..

පසුගිය දා සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ පැවැති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේ විකාශය වූ විඩියෝවක් පිළිබදව පසුගිය සති අන්ත ප්‍රධාන පුවත්පත් කිහිපයක දේශාපාලන තොරතුරු තිරුවෙහි සදහන්ව තිබුණි.

ජනාධිපතිවරයාගේ පසු ගිය සිව් වසරක කාලය තුළ සිදු කල සමාජිය හා ආකල්පිය වෙනස්කම් සහ රනිල් වික්‍රමසිංහ සමග ආණ්ඩු මුහුණ දිමට සිදු වූ අපහසුතා අලලා මෙම විඩියෝව නිර්මාණය කිරිම සිදු කර තිබුණේ ජනාධිපති මාධ්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නිෂාද් උපේන්ද්‍ර විසිනි.

සංවස්තරයෙන් අනතුරුව ජනාධිපතිතුමා සමග මහගමසේකර නිළ නිවසේ මන්ත්‍රිවරු කිහිප දෙනෙකු සමග  පැවති හමුවකි දී මහින්ද සමරසිංහ විසින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කල ප්‍රධාන කරුණ වුයේ අන් කිසිවක් නොව අදාල විඩියෝවෙහි අගමැති රනිල් වික්‍රමසිංහට හා රවි කරුණානායකට අගතිදායක ලෙස රූපරාමු ගොනු කර තිබිම පිළිබද ව ය.

ඒ මොහොතේ ජනාධිපතිවරයා විසින් ඒ පිළිබද ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරි ජයසේකරගෙන් සහ ජනාධිපති නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ නිෂාද් උපේන්ද්‍රගෙන් ද දුරකථනයෙන් කරුණු විමසා ඇත.මෙම සිදු වීම සති අන්ත ඉංග්‍රිසි පුවත්පත්වල ද පලවිම සිදු විමෙන් අනතුරුව අගමැති රනිල් මහින්ද සමරසිංහට දුරකථන ඇමතුමක් ලබා දිම සිදු කර ඇති අතර තමා වෙනුවෙන් කරුණු දැක්විමට ඉදිරිපත් විම පිළිබදව අගමැතිවරයා තම ස්තූතිය මහින්ද සමරසිංහට පල කර ඇති අතර මෙම විඩියෝව නිර්මාණය කරන ලද පුද්ගලයා පිළිබදව විමසා ඇත.

මෙම සිදු විමෙන් අනතුරුව ශ්‍රිලනිප මන්ත්‍රිවරුන්ගේ පුදුමය පල කරනුයේ  එජාප මන්ත්‍රිවරුන්ට පවා නොමැති අනුකම්පාවක් මහින්ද සමරසිංහ මන්ත්‍රිවරයාට රනිල් වික්‍රමසිංහ පිළිබදව පැවැතිමයි.

– repoter

62,108 Viewers

8 Comments to “මහින්ද සමරසිංහට රනිල්ගෙන් හොද ලකුණු.. ජනපති සමග ශ‍්‍රීලනිපය පුදුමයෙන්..”

  1. Sunny says:

    Very Simple answer. Looking for a political future with UNP as he do not have future with othparties

  2. Critic says:

    No where to go that’s why he’s safeguarding the Whites’ pet.

  3. gamage says:

    පසුගිය මහ මැතිවරණයෙන් එජාපය බහුතර ආසන සංඛ්යාුවක් දිනාගන 50% සඳහා අවශ්යඟ සුළු මන්ත්රී න් සංඛ්යා ව විපක්ෂයෙන් බිලිබා ගෙන (මුදල් හෝ ඇමතිකම්) ඉතා පහසුවෙන් එජාප රජයක් පිහිටුවීමට හැකියාව තිබිය දීත් සුළු පක්ෂ සමඟ ගනුදෙනු කරනවා වෙනුවට මහ පක්ෂය (ශ්රීපලනිපය) සමඟ රජයක් පිහිටුවා මහ ජාතිය එක්ව රට පාලනය කිරීමට ගත් උත්සාහය බිඳ වැටෙන්නේ 1956 බණ්ඩාරනායක කලාක් මෙන්ම ශ්රීයලනිප යෙන් පලුවක් ගලවාගන පොහොට්ටුව පිහිටුවීමෙනි. දෙගොල්ලම සමගි වී රටවෙනුවෙන් එක්සත්ව වැඩ කලානම් අද යහපාලනය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන් යුගයකි. අදටත් සමහර එජාප පාක්ෂිකයින් රනිල් ට බනිනිනේ එම යහපාලන ඇතිකලාටය. නමුත් රනිල් පක්ෂය වෙනුවට රට තෝරාගත් නායකයෙකි.

  4. malraj says:

    true, u are correct…

  5. CHANDA says:

    මහින්ද සමර සින්හේ ලාංකිකයෙකු වුනත් හැම වතාවකම කෙසේ හෝ රටේ පාලන තන්ත්‍රයට රිංගාගෙන බටහිර රටකට චරපුරුෂ සේවයක් කරමින් අති සාර්ථක ගමක් යමින් ඉන්න සටකපට බුවෙක්.

  6. CHANDA says:

    මහින්ද සමර සින්හේ ලාංකිකයෙකු වුනත් හැම වතාවකම කෙසේ හෝ රටේ පාලන තන්ත්‍රයට රිංගාගෙන බටහිර රටකට චරපුරුෂ සේවයක් කරමින් අති සාර්ථක ගමනක් යමින් ඉන්න සටකපට බුවෙක්.

  7. CHANDA says:

    මහින්ද සමර සින්හේ හැම වතාවකම කෙසේ හෝ රටේ පාලන තන්ත්‍රයට රිංගාගෙන බටහිර රටකට චරපුරුෂ සේවයක් කරමින් ඉන්න සටකපට බුවෙක්.

Leave a Comment

Main News