මහින්ද සමු නොගත් නිසා අපි හැමෝම අමාරුවේ.. බල තන්හාව නිසා මෙවන් දේවල් වෙනවා..- චමල්

May 20, 2022 at 12:02 am | lanka C news
මහින්ද සමු නොගත් නිසා අපි හැමෝම අමාරුවේ.. බල තන්හාව නිසා මෙවන් දේවල් වෙනවා..- චමල්

රාජපක්ෂ පවුලේ දේශපාලනය පිළිබඳව වර්තමාන පාර්ලමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතමයා වන චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී සංවේදී කථාවක් කළේය.

“රාජපක්ෂලාගේ දේශපාලනය ගැන කියන්න ඕන නෑ. අවුරුදු 90කට වැඩියි. 1932 විතර පටන් ගත්තේ. එහෙම නැත්නම් මෙච්චර කලක් දේශපාලනය කරන්න බෑ. අපි දේශපාලනය පටන් අරගෙන තියෙන්නේ තියෙන දේපල උගස් කරලා ඒවා මැතිවරණයට යොදවලා.

අපිට තවමත් බේර ගන්න බැරිවුණ ඒවා තියෙනවා. උගස්කරපු ඒවා බේරා ගන්න බැරිවෙලා තියෙනවා. ඒ අවංකව දේශපාලනය කරපු නිසා තමයි ඒ දිස්ත්‍රික්කවල එදා ඉදන් අද වෙනකම් දේශපාලනය කරන්න හැකි වෙලා තියෙන්නේ.

ගරු අගමැතිතුමා (මහින්ද රාජපක්ෂ). එතුමාගේ ජනාධිපතිධුර දෙක ඉවරවුණාට පස්සේ සමුගත්තානම් හොඳයි. ඒ නැති නිසා අද සියලුම දුක් වේදනාවටල ලක්වෙනවා. විශාල පරිත්‍යාගයක් කරලා තියෙනාවා අවුරුදු 50ක දේශපාලන ඉතිහාසයේ. අද ඒ සියල්ලම නැතිවෙලා තියෙනවා.

අපි දේශපාලනය කරනවානම් අත්හැරිමත් කරන්න ඕන. අපි මේ තනතුරුවට ලෝභ වුණොත් මෙවැනි දේවල්වලට මුහණ දෙන්න වෙනවා. නියම වෙලාවේදී දැනගත්තෝත් අපිට මේ දේ කරන්න පුළුවන් වෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා හරිම වාසනාවන්තයි. 2015 දී බහුතරයක් නැතිව අගමැති වුණා. අද එක්කෙනෙක්වත් නැතිව අගමැති වෙලා ඉන්නවා. ඒකත් වාසනාව. ”

– අද

47,962 views

28 Comments to “මහින්ද සමු නොගත් නිසා අපි හැමෝම අමාරුවේ.. බල තන්හාව නිසා මෙවන් දේවල් වෙනවා..- චමල්”

  1. Didi says:

    අම්මට හුඩු.. මුන් මෙහෙ දේපල උකස් කරල දේසපාලනය කරල, පිටරටවල් වල ඉඩම් අරං. පවු… කාලකන්නි හොරු. තොපෙ අප්ප සරමෙ පිහදාගත්ත නැති කරුමෙ මේ.

  2. Tharaka says:

    උන්ගෙ වාසනාව, අපේ අවාසනාව

  3. Ratawasiya says:

    We elected Mahinda to be the PM for the next five years. Now we can understand that the brothers have forced him to resign for their existence. However that is over, we want to see that he is given his due place.

  4. On the spot says:

    ඔවා දෙනු පර හට​,තමා සම්මතයේ පිහිටා සිට​.පවුලේ ලොකුම එකා බලය අත් නොහැර ඊට යටින් ඉන්නා උන්ට බණ කීවාට වැඩක් නැත​.ඔය මල ඉලව් බණ අරලිය මැදුරේ උන් මල්ලීට කීවා නම් මෙච්චර හරියක් වෙන්නෙත් නැත​.ඕකට කියන්නේ පඩ ෂෝ කියලාය​.රෙද්දක් ඇඳගෙන් ඉන්නේ නම් දැන් ඔහෙත් ගෙදර යා යුතුය​.

  5. නලින්ද සිල්වා says:

    අනේ මුත්තේ, ගෙදරට වෙලා බුලත් විටක් කොටාගෙන කාලා පොඩි එකෙක්ට කතන්දරයක් කියාගෙන හිටහං තවත් මිනිස්සුන්ගේ ලේ කෝප නොකර.

  6. gamaya says:

    රට හොරා කාපු අය

Main News