‘මහින්ද-ස්ටාලින්’ රට කැළඹූ පින්තූරයේ කතාව හෙලිවෙයි.. කෝටි 85ක කතාවකුත් පැටලේ..

October 13, 2021 at 10:02 pm | lanka C news
‘මහින්ද-ස්ටාලින්’ රට කැළඹූ පින්තූරයේ කතාව හෙලිවෙයි.. කෝටි 85ක කතාවකුත් පැටලේ..

ගුරු විදුහල්පති විරෝධතා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එම ගුරු විදුහල්පති සංගම් නියෝජිතයන් අතර අරලියගහ මන්දිරයේදී ඊයේ සාකච්ඡාවක් පැවත්වින.

මෙම සාකච්ඡාව අතරතුර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමීපව සාකච්චා කරන පින්තූරයක් සමාජ ජාල ඔස්සේ සංසරණය විය.

එම අවස්ථාවේ ඔවුන් දෙදෙනා අතර වූ සංවාදය දෙරණ රූපවාහිනී පැවැති වැඩසටහනක දී ‍ශ‍්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය හෙළි කළාය.

“මෙතුමා ගිහින් කිව්වා අගමැතිතුමාට, සර් මම ජෝසෆ් ස්ටාලින්. මට මඩ ගහනවා කෝටි 85ක් ආවා කියලා කිව්වා. එතකොට මං කිව්වා, ඔව් සර් ඒ ගැන හොයන්න කියලා. ඊට පස්සේ අගමැතිතුමා මෙතුමගේ පිටට අත තියලා කිව්වා අපි සේප්පුවක් හදලා දෙමු ඒක දාන්න කියලා. ඒකයි එතන යන දෙබස”

ඇය විසින් පැවසූ දේය සත්‍ය බව ස්ටාලින් මහතාද එහිදී පැවසීය.

“ඕව් ඔව්. මෙතුමිය ළඟට ආවාම මම කිව්වා. මෙයා හැම වෙලේම කියනවා කෝටි 85ක් හම්බුණයි කියලා අපිට. මොකක්ද මේ කථාව කියලා. විහිළු කථාවක් මේ කරන්නේ හැමවෙලේම. ඇයි ඉතින් මේ වගේ බොරු කියනවා නේ.”

200,436 views

22 Comments to “‘මහින්ද-ස්ටාලින්’ රට කැළඹූ පින්තූරයේ කතාව හෙලිවෙයි.. කෝටි 85ක කතාවකුත් පැටලේ..”

  1. ලැජ්ජයි ස්ටාලින් සහෝදරයා ඔබ මහ නිවටයෙක්. ඔය විදිහට සීරුවෙන් ඉන්නවා දකින්න ලැජ්ජයි.

    • Janaranjana says:

      මේ හොර ගුරුවරුන්ගේ වැඩවර්ජනයට ආන්ඩුවේම ප්‍රභල පිරිසක් සහයෝගය දෙනව. මෙහි අරමුණ මෙහි සම්පූර්ණ වරද2ජනාධිපති මත පටවා එතුමා2අප්‍රසාදයට පත් කොට එතුමා ලබන ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්වීම වැලැක්වීම. නමුත් ඔය ප්‍රභලයෝ දන්නේ නෑ ගෝටාබය දේශපාලනයෙන් ඉවත් උනොත් රාජපක්ශ දේශපාලනය ඉන්පසු අවසන් බව. බැසිල්ට අවුලක් නෑ. ඔහු ඇමෙරිකාවට යයි .ඉන්පසු කුමාරවරුන්ට සිදුවන්නේ සජිත් ගේ පාලනයක් යටතේ මන්ත්‍රී දූරයක් දැරීම. මේක තමා තිත්ත ඇත්ත .ජනාධිපති ඔහුට විරුද්ධ තමන්ගේම පාපී බලවේග ඉවත් කර ස්වාධීනව තමන්ගේ දර්ශණය ක්‍රියාත්මක කලොත් ඔය 69 ලක්ශයට තවත් බොහෝ පිරිසක් එක්වේවි. විකල්ප නායකයෙක් පේන තෙක් මානයක නෑ. ගෝටා කරන ලොකුම මෝඩකම ඔහු නැවතවරක් ජනාධිපති වරණයට ඉදිරිපත් නොවන බව ඇගවීම. මෙයින් රටට සිදුවන හානිය ඔහු දන්නේ නෑ. එකම පක්ශයේ අය තමාට හිතවත් මීලග නායකයා පිටුපස යනව ජනාධිපතිව නොසලකා හරිනව. නමුත් ජනතාවා ඔය හිතන එකෙකුටවත් කැමති නෑ2. පවුල් දේශපාලනය අවසන් .

  2. SL says:

    ළමයෙක් උපන් දා ඉඳල රජයේ රෝහල් වලින් බලාගෙන,පාසල් අධ්‍යාපනය දීල ,විශ්ව විද්‍යාල,ටෙක්නිකල් කොලේජ් දේවල් වල ඉගෙන ගන්න දීල ,රජයේ රස්සා වලටත් අරගෙන ,රෝහල් පහසුකමුත් දීල , පෙන්ෂනුත් දීල මේ රටේ මිනිස්සුන්ට රජය වල කරන දේ හොඳට ම ඇති.

    කරුමේ කියන්නේ හැම පක්ෂයක්ම හදන්නේ හැම දෙයක්ම නොමිලේ දෙන්න. කරන්න පුළුවන් දේවල් ද.

    මුලික අධ්‍යාපනය ,සෞඛ්‍ය පහසුකම් ,සීමා සහිත ගොවි සහනාධාර ඇරෙන්න ඉතිරි සියල්ල රජය ක් නොමිලේ දියයුතු නැහැ .රටක මිනිස්සු ත් රටේ සංවර්ධනයට තමන්ගේ දායකත්වය දිය යුතුමයි.

    අපේ රට වලපල්ලටම යන්නේ මේ සඳහා කරන්න වෙන වියදමත්, ඒ හරා කරන යටි මඩි ගසිලිත් එක්ක.

  3. rawan says:

    ළමයි ටියුෂන් යන එක නවත්වන්න.
    එදාට අපිත් ඔබලා සමග සටනට එනවා සත්තයි ස්ටාලින් මහත්තයො

  4. දයා says:

    ස්ටාලින් සහෝදරයා මෙ අහන්න
    ගුරැ ගැටලුව විසදන්නට පෙර ටියුෂන් නවත්වල දෙන්න එදිනට අපිත් ඔඹෙ සටනට එක්වෙනවා

  5. බන්ඩා says:

    මෙවැනි භයානක තත්ත්වයක් රටේ තියෙද්දී ලන්කාවෙ කොඳු නාරටිය වූ ලමා පරපුර විනාශ කිරීමට කුමන්ත්‍රණය කරපු සජිත් අනුර යුගලය ට කිසිම දිනක චන්දයක් නොදිය යුතුය. මුන් කරපු අපරාධයේ තරම තව අවුරුදු කීපයක් ගිය විට පෙනී යනු ඇති. මෙවැනි විනාශ කාරී පුද්ගලයන් රටේ මෙහෙය වීමට නොසුදුසු කාලකන්නි සතුන් වේ.

    • ජනජය says:

      ඇත්ත ඔබේ කතාව බන්ඩා…උංට ළමයි කියල ළමයින්ගෙ අධ්‍යාපනය කියල සතේකට මායිම් නෑ…බලය විතරයි ඕන ….පුෂ්පයගෙ පුතානෙ…ගහේ කටු උල් කරන්න ඕන නෑනෙ…!

  6. Kalu Albot says:

    Stalinge wedapiliwelata mamath kemathi nehe. Eth me pinthuraye inna watti ammaa pohottuwe pakkali weda karana bawa penawa. Koti Gananak e ammandita nam labenna athi.! Satalinge satana kebandu wuwath ohu ithaa honda Naayakayek. Janaadhiathi kamata hondayi!!

  7. depettak thiyenawa. atapass mantri, emathi wetup, waradana, wasi, wasara 5 pension desa balanna. kisima wedak sewayak nokala PABA pension gannawa KOYI THARAM ASADARANADA? o.l ETHI NETHI SEBALEKUGE WETUP BALANNA ? ema nisa guru awama wetupa 50000m wath wiya yutuyi, pasel 3.00 p.m. dakwa pawthwamu eth kamak nehe

  8. Alapaluwa says:

    අපිට සිතාගන්න පුළුවන් මෙය සත්‍යක්නම් මොකද සැලුන් දෝරවල් ඇරලා හොඳට පුරුදු අප්පුහාමි කෙනෙක් තමයි මේ මැදමුළානේ අප්පුහාමි.ඒ වගේම ෆයිල් උඩ හිඳගෙන සිටීමත් හොඳටම පුරුදු කෙනෙක් තමයි මේ අප්පුහාමි.දැන් එය අර බේබි අප්පුහාමිත් යන්නේ ඒ අඩි පාරේම තමයි.Alapaluwa from Sa.

  9. Janaranjana says:

    මේ හොර ගුරුවරුන්ගේ වැඩවර්ජනයට ආන්ඩුවේම ප්‍රභල පිරිසක් සහයෝගය දෙනව. මෙහි අරමුණ මෙහි සම්පූර්ණ වරද ජනාධිපති මත පටවා එතුමා අප්‍රසාදයට පත් කොට එතුමා ලබන ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්වීම වැලැක්වීම. නමුත් ඔය ප්‍රභලයෝ දන්නේ නෑ ගෝටාබය දේශපාලනයෙන් ඉවත් උනොත් රාජපක්ශ දේශපාලනය ඉන්පසු අවසන් බව. බැසිල්ට අවුලක් නෑ. ඔහු ඇමෙරිකාවට යයි .ඉන්පසු කුමාරවරුන්ට සිදුවන්නේ සජිත් ගේ පාලනයක් යටතේ මන්ත්‍රී දූරයක් දැරීම. මේක තමා තිත්ත ඇත්ත .ජනාධිපති ඔහුට විරුද්ධ තමන්ගේම පාපී බලවේග ඉවත් කර ස්වාධීනව තමන්ගේ දර්ශණය ක්‍රියාත්මක කලොත් ඔය 69 ලක්ශයට තවත් බොහෝ පිරිසක් එක්වේවි. විකල්ප නායකයෙක් පේන තෙක් මානයක නෑ. ගෝටා කරන ලොකුම මෝඩකම ඔහු නැවතවරක් ජනාධිපති වරණයට ඉදිරිපත් නොවන බව ඇගවීම. මෙයින් රටට සිදුවන හානිය ඔහු දන්නේ නෑ. එකම පක්ශයේ අය තමාට හිතවත් මීලග නායකයා පිටුපස යනව ජනාධිපතිව නොසලකා හරිනව. නමුත් ජනතාවා ඔය හිතන එකෙකුටවත් කැමති නෑ. පවුල් දේශපාලනය අවසන් .

  10. Asd says:

    😅😅😅හූඌඌඌඌඌ

Leave a Comment

Main News