‘මහින්ද සාටකෙන් එල්ලා මරන්න මං කිවේ නෑ.. කකුල් දෙකෙන් එල්ලන්න කියලයි කිවුවේ..’- ෆොන්සේකා පච මෝලක් වෙයි.. මෙන්න උණු උණු වීඩියෝ..

May 6, 2017 at 10:49 pm | lanka C news
‘මහින්ද සාටකෙන් එල්ලා මරන්න මං කිවේ නෑ.. කකුල් දෙකෙන් එල්ලන්න කියලයි කිවුවේ..’- ෆොන්සේකා පච මෝලක් වෙයි.. මෙන්න උණු උණු වීඩියෝ..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති සාටකයෙන් පණ යනතුරු එල්ලා තැබිය යුතු බවට තමා ප‍්‍රකාශ කලේ නැතැයි ඇමති සරත් ෆොන්සේකා මහතා දේශය පුවත් පත හා අදහස් පල කරමින් සදහන් කරයි.

‘පණ යනකන් කිව්වෙ නෑ. මට මතක නෑ මොකක් නිසාද කිව්වේ කියලා. මං කිව්වේ කකුල් දෙකෙන් එල්ලලා තියන්න ඕන කියලා. හුස්ම යනකන් කියා කීවේ නෑ. ඒක වෙන්ඩ බෑ. කකුල් දෙකෙන් කියලයි කිව්වේ’ යයි ඇමතිවරයා පුවත්පතට කියා ඇත.

නමුත් එක්සත් ජාතික පක්‍ෂ මැදිය දින වේදිකාවේදී ෆොන්සේකා මහතා කියා සිටියේ ‘සාටකෙන් එල්ලන්න ඕන. සාටකයෙන් එල්ලලා තියන්න ඕන පණ යනකන්. ඒක තමා දෙන්න ඕන පිළියම’ ලෙසයි.

මේ බව පහත වීඩියෝවෙන් තහවුරු වෙයි.

193 views