මහින්ද සුපිරි වැඞ්ඩෙක්.. ඔහු දක්‍ෂයි.. මගේ අමනාපයක් නෑ..- දුමින්ද

February 18, 2018 at 10:40 am | lanka C news
මහින්ද සුපිරි වැඞ්ඩෙක්.. ඔහු දක්‍ෂයි.. මගේ අමනාපයක් නෑ..- දුමින්ද

එක්සත් ජාතික පක්‍ෂය හා අගමැති රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවන් ඉවත් කර පිිහිටුවිමට සාකච්චා කෙරෙමින් ඇති නව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා දරමින් සිටි ස්ථාවරය වෙනස් කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

ඒකාබද්ද විපක්‍ෂය සමග එකව ආණ්ඩු කිරීමට දැඩි විරෝධී ස්ථාවරයක සිටි ඇමතිවරයා මේ වන විට සිය මුල් ස්තාවරය වෙනස් කරමින් අදහස් පල කරමින් සිටී.

කොළඹ ඔහුගේ නිවසට ගිය ජෝන් සෙනෙවිරත්න හා දයාසිරි ජයසේකර ඇතුළු ශ‍්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් හා ඔහු සදහන් කර ඇත්තේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති දක්‍ෂයෙක් බවත් ඔහු තමන්ගේ අමනාපයක් නැති බවත්ය.

කෙසේ වෙතත් ඒකාබද්දයේ සෙසු පිරිස ගැන තමනට එතරම් පැහැදීමක් නැති බවත් තම පියාට රාජපක්‍ෂ යුගයේ සිදුව ඇති අසාධාරණය අමතක කල නොහැකි බවත් ඔහු සදහන් කර ඇත.

0 views

23 Comments to “මහින්ද සුපිරි වැඞ්ඩෙක්.. ඔහු දක්‍ෂයි.. මගේ අමනාපයක් නෑ..- දුමින්ද”

  1. Aurora says:

    මහින්ද රාජපක්ෂ – ජනාදරයේ හිමිකාරයා
    බැසිල් රාජපක්ෂ – මොළකාරයා
    ගෝඨාභය රාජපක්ෂ – වැඩකාරයා
    මේ තිදෙනා එක්ව අපේ රට ආශ්චර්ය කරා ගෙන යනවා සත්තයි.
    ජය ශ්‍රී!

  2. M de silva says:

    Don’t trust this back stabber. Only Second to Appa Sirisena. Why has he changed his tune.

  3. Alapaluwa says:

    ආආ ඇත්තට මොකුත් බිලාද ඉන්නේ??

    • Asaranaya says:

      දැනගෙන ගියොත් කතරගමයි,
      නොදැනගියොත් අතරමගයි,
      හත් දෙයියනෙ පඹයාගෙ හැටි තවමත් නොදන්න ඒකාබද්ද විපක්ශය,
      ඇන්දුවා නේද මයිතුන ලස්සනට,
      පඹයට ඒ මොලේ ඇත බොහෝවිට,
      “ජේ.ඕ” එකේ හැඩ “කේපු ” ට,
      යැව්වා නේද පඹයා තදයට

  4. ranaweera gunasena says:

    මේ මිනිහා ඉදිරිපත් කරන්නේ පුද්ගලික ප්‍රශ්න මිස රටේවත් ජනතාවගේවත් ප්‍රශ්න නොවෙයි

  5. පොඩි එකා says:

    බඩ ගාගෙන ආවත් මේ හාදයා පොහොට්ටු කාර්යාලයේ එලිපත්තටවත් ගන්න අවශ්‍ය නෑ… ගිහින් යූ.ඇන්.පියටම හේත්තු වේචාවේ..

  6. rarasanga says:

    තමාගේ පක්ශය,නායකයා ගැනත් තමන්ගේ මවට,පියාට සහ නෑයන්ට වුන අසාධාරණ කම් අඩුපාඩු ගැන සිතමින් පාලන බලයේ ඉන්නවා හැර.. රට ජාතිය ගැන දියුනුවක් ආගමක් දහමක් රට වැසියා ගැන සෙතක් ගැන සිතා වැඩ කරන එකම පාලකයෙක් වත් නෑ.. තත්වය ඉතමත්ම ශෝචනීයයි 😞

Main News