මහින්ද සුලග ඉන්දීය-ඇමරිකා පීල්ලට දාන්න දෙන්න බෑ.. අපව රම්පෙ කරපිංචා කරන්න දෙන්නේ නෑ..- ගම්මන්පිල සිවු අතේ නෙලයි..

March 21, 2018 at 10:42 pm | lanka C news
මහින්ද සුලග ඉන්දීය-ඇමරිකා පීල්ලට දාන්න දෙන්න බෑ.. අපව රම්පෙ කරපිංචා කරන්න දෙන්නේ නෑ..- ගම්මන්පිල සිවු අතේ නෙලයි..

බලය ලද විට බලයෙන් මත් නොවී දේශපාලනයේදී කෙලෙහි ගුණ සැලකිය යුතු බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි.

තමන් ඇතුළු පිරිස විසින් ගොඩනගන ලද ජාතික ව්‍යාපාරය ඉන්දීය න්‍යාය පත‍්‍රයකට හෝ ඇමරිකානු න්‍යාය පත‍්‍රයකට ගෙන යාමට කිසිවෙකු උත්සාය දරන්නේ නම් එහිදී තීරණාත්මකට සටනට එළැඹෙන බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

මන්ත‍්‍රී ධුර නොදුන්නේ යයි ජාතික සටන අත් නොහරින නමුත් ජාතික න්‍යාය පත‍්‍රයෙන් පීලි පැන්නවීමට කිසිවෙකු උත්සාහ දරුවහොත් එදිනට මහා දැවැන්ත අරගලයක් කරන බවද ඔහු කියා සිටියේය.

හිරු රූපවාහිනයේ සලකුණු වැඩසටහන හා අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

සම්පූර්න වීඩියෝව මෙතනින්

146 views

6 Comments to “මහින්ද සුලග ඉන්දීය-ඇමරිකා පීල්ලට දාන්න දෙන්න බෑ.. අපව රම්පෙ කරපිංචා කරන්න දෙන්නේ නෑ..- ගම්මන්පිල සිවු අතේ නෙලයි..”

  1. ranjith says:

    මහින්ද සුළඟ සමග ආරම්භයේ සිට මේ ගමනේ සිටින ගම්මන්පිල සහ වීරවංස මන්ත්‍රී තුමන්ගේ පක්ෂවලට එකඟ වූ මන්ත්‍රී කෝටාව නොදීම ලොකු වරදක් ?ඔවුන් විශාල සේවයක් පොදු ජන පෙරමුණ වෙනුවෙන් කලා නේද ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම බහුතරය බව ඇත්ත .නමුත් කුඩා පක්ෂවලටත් සාධාරණය ඉටුවිය යුතුයි .මෙහි වගකීම ඒකාබද්ද නායකයින් බාරගත යුතුයි .

  2. ranjith says:

    මහින්ද සුළඟ සමග ආරම්භයේ සිට මේ ගමනේ සිටින ගම්මන්පිල සහ වීරවංස මන්ත්‍රී තුමන්ගේ පක්ෂවලට එකඟ වූ මන්ත්‍රී කෝටාව නොදීම ලොකු වරදක් ?ඔවුන් විශාල සේවයක් පොදු ජන පෙරමුණ වෙනුවෙන් කලා නේද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම බහුතරය බව ඇත්ත .නමුත් කුඩා පක්ෂවලටත් සාධාරණය ඉටුවිය යුතුයි .මෙහි වගකීම ඒකාබද්ද නායකයින් බාරගත යුතුය ි.

  3. Kamal says:

    කොහොමත් මන්ත්‍රි….

  4. එක්නැලිගොඩ says:

    මෙතන උදය මන්ත්‍රීතුමන් කතා කරන්නේ තමන්ට හා විමල්ට නොලැබුනු මන්ත්‍රීධූර ගැන නොවොයි. එතනින් එහා ගිය මහා කුමණ්ත්‍රණයක පුර්ව පෙරනිමිතියි ඔහු මේ කියන්නේ. විමල් උදය දිනේෂ් මේ වන විටත් 2020 ඔවුන් සහය දක්වන ජනපති අපේක්ෂකයා ගෝඨාභය කියල කියල ඉවරයි. මේ ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටින උදය විමල් දිනේෂ් වැනි පක්ෂ නායකයන් පොහොට්ටුවෙන් කපා දමන්නේ ගෝඨාභය ගෙන එමේ සටන නවත්වන්නද? වෙනත් ජනපති අපේක්ෂකයෙක් පොහොට්ටුවෙන් ගෙන එන්නද? මේ පිලිබද යම් ඉගියක් උග්‍ර බැසිල් වාදියෙක් වන මහින්ද පතිරණ (Mahinda Pathirana) ගේ පේස් බුක් පිටුව පරීක්ෂාකිරීමෙන් සොයා ගන්න පුලුවන්

  5. daminda says:

    sooththara kumanthrana nath ratakata ……………….?

  6. ranjith says:

    Eknaligoda – You are correct, SLPP voters we are already with Gota.

Main News