මහින්ද සුළග ඇතුගලත් සොලවයි.. වයඹ පළාත් සභාවේ බහුතරය මහින්දටයි..

May 16, 2017 at 10:00 am | lanka C news
මහින්ද සුළග ඇතුගලත් සොලවයි.. වයඹ පළාත් සභාවේ බහුතරය මහින්දටයි..

වයඹ පළාත් සභාවේ බහුතර බලය දැනටමත් ඒකාබද්ද විපක්‍ෂ කණ්ඩායම සතු බැවින් සභාවේ මහ ඇමතිගේ බලය අභියෝගයට ලක් කිරීමට සූදානම් බව වයඹ පළාත් සභා මන්ත‍්‍රී ඞී.බී. හේරත් මහතා පවසයි.

ඉදිරියේ මහ ඇමතිවරයාගේ කණ්ඩායම සුළුතරය බවට පත් කරන බවද පවසන ඔහු දැනටමත් සභාවේ ආසන 52න් බහුතර මන්ත‍්‍රී කණ්ඩායම ඒකාබද්ද විපක්‍ෂය සතුව සිටින බවද සදහන් කරයි.

මේ පිලිබද ඉව වැටී පළාත් සභාවේ සන්ධාන මන්ත‍්‍රින් පසුපස බුද්ධි අංශ නිලධාරීන් යොදවා ඇතැයිද පැවසූ මන්ත‍්‍රීවරයා එය අනවශය මහන්සියක් බවත් නුදුරේම මහ ඇමතිගේ බහුතර බලය අහිමි කර පෙන්වන බවද කියා සිටියේය.

207 views
Main News