මහින්ද හදන්නේ විසි අවුරුද්දක් එජාපයට බලයේ ඉන්න දෙන්නයි.. මහින්ද දැන් විශ්රාම ගත යුතුයි..
October 11, 2016 at 12:00 pm | lanka C news
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සහ ඔහුගේ මල්ලිලා දෙදෙනා උත්සාහ දරනුයේ විසි අවුරුද්දකට එජාපයට බලයේ සිටින්නට උදවු වෙන්න යයි ඇමති චම්පික රණවක පවසයි.
හිටපු ජනාධිපතිවරයා දැන් කල යුත්තේ ජනතාව ඉදිරියේ තවත් අවමානයට ලක් නොවී දේශපාලනයෙන් සමුගෙන විශ්රාම සුවයෙන් සිටීම බවද ඇමති රණවක කියා සිටියේ ඊයේ දිනයේ මල්වතු-අස්ගිරි මහ නාහිමිවරැන් මුණ ගැසීමට ගිය අවස්ථාවේ මාදය අමතමිනි.