මහින්ද හදිසියේම අගමැතිකම ගත් හේතුව ගෝටා කියයි..

November 19, 2018 at 6:28 am | lanka C news
මහින්ද හදිසියේම අගමැතිකම ගත් හේතුව ගෝටා කියයි..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවිස්සාවේල්ල, කොස්ගම ලැවෙන්රෝ ගාර්ඩන් හෝටලයේ දී පසුගියදා පැවති එළිය වැඩසටහනට සහභාගි වෙමින් මෙසේ අදහස් දැක්වූවිය.

අද සමහර අය අහන ප්‍රශ්නයක් තමයි මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට තව අවුරුදු එකහමාරක් හිටිය නම් තුනෙන් දෙකක බලයක් සමග ආණ්ඩුවක් පිහිටුවන්න තිබුණා නේද කියන එක. මම හොදින් දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඒක කරන එක සුළු දෙයක් කියලා. නමුත් ප්‍රශ්නය වෙලා තිබුණේ අවුරුදු එකහමාරක් යනකොට අපේ රට මොන තත්ත්වයකට පත්වෙලා තියේවිද කියන එක. රට අනතුරේ හෙළා අපට පසෙකට වී බලාසිටින්ට පුළුවන් ද කියලා අප කාටත් හිතන්න වෙනවා.

එදා නොයෙක් අවස්ථා වල ලක්ෂ සංඛ්‍යාත ජනකායන් කොළඹට ඇවිල්ලා ඉල්ලා සිටියේ රට ආගාධයට ඇද දමන මේ රජය පලවා හැරලා නව රජයක් බිහිකරන්න කියන එක. ඒ වගේම මේ රටේ සිටින වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, ගොවියන්, කම්කරුවන් මේ සියලු දෙනාම බලා සිටියේ කවදද ඒ රජය එලවන්නේ කියලා. පැහැදිලිවම එයට හේතු තිබුණා. ආර්ථිකය වනසලා, රණවිරුවන් දඩයම් කරලා, රට බෙදන ව්‍යවස්ථා ගෙනැල්ලා, සෑම අංශයකින්ට රට පහළ ඇද දැමීමමයි පැහැදිලි හේතුව.

එදා රනිල් වික්‍රමසිංහ රජය බිහිකළේ විජාතික බලවේග. පසුගිය රජය වැටුණට පස්සේ ඔවුන් හැසිරුණු ආකාරයෙන් අපි දැක්කා කාට අවශ්‍ය රජයක් ද මේ රටේ තිබුණේ කියන එක. එදා ශබ්දයෙන් විමසපු විශ්වාසභංගය ස්ථිර වුණා කියනකොට කතානායක ගැලරියේ හිටපු බටහිර තානාපතිවරු අත්පොළසන් දුන්නා. විදෙස් තානාපතිවරු රටකට පත්කරන්නේ එවැනි කටයුතු කරන්න ද ?

වර්තමානයේ සියලුම රටවැසියන් දන්නවා හම්බන්තොට වරායේ ඉදලා අපේ සම්පත් විජාතිකයන්ට විකුණුවා, විකුණන්න සැලසුම් හැදුවා කියලා. නිදහස් වෙළඳ ගිවිසුම් හරහා රටට කරන්න ගිය දේ ගැනත් සියලුදෙනා දැනුවත්. රට බේරාගත් රණවිරුවන්ට සිදුකළ නිමක් නැති කරදර පිළිබඳව යළි යළිත් කියන්න අවශ්‍ය නැති බව මම හිතනවා.

මා දකින අභාග්‍යම සම්පන්න දෙය තමයි මොවුන් ගෙන එන්නට සැලසුම් කරලා තිබුණු ව්‍යවස්ථාව. බලරහිත ජනාධිපතිවරයෙක් බිහිකරලා, පාර්මේන්තුවේ බලය අඩු කරලා,  ෆෙඩරල් රාජ්‍යයක් ඇති කරලා, පළාත් සභා වලට බලය ලබාදෙන වැඩ පිළිවෙලක් එහි අන්තර්ගත වෙලා තිබුණා.

පසුගිය රජය ගෙන ආ 19 වැනි සංශෝධනය හරහා අද රට වැටී ඇති තත්ත්වය දිහා බැලුවහම නව ව්‍යවස්ථාවක් සම්මත කරගත්තා නම් රට කුමන තත්ත්වයකට ඇද වැටෙයි ද කියලා කාටත් හිතාගන්න බෑ. නව ව්‍යවස්ථාවෙන් ගෙන එන්නට සැලසුම් කළ ව්‍යුහයක් තුළ බැරෑරැම් කාරණා කෙසේ වෙතත් රටේ එදිනෙදා පාලනයට අදාළ කටයුතු, අඩුම තරමේ සංවර්ධනයක්වත් සිදුකරන්නේ කොහොමද කියලා තීරණය කරන්න අපහසු තත්ත්වයකයි තිබුණේ.

මේ විදියට බලද්දි පසුගිය රජය පෙරළා දැමීමෙන් මව්බිමට සිදුවුණු විශාලතම ලාභය තමයි මේ වගේ රටට අහිතකර ව්‍යවස්ථාවක් ගෙන ඒම වැළැක්වීම.

රටේ ආර්ථිකය විනාශ කරපු, අපේ සම්පත් විදේශිකයන්ට විකුණා දැමූ, අපේ රණවිරුවන් යුධාධිකරණ වලට ගෙනයන්න හදපු, දේශීය කර්මාන්ත විනාශ කරපු, අපේ කෘෂිකර්මාන්තය, ගොවියා වළපල්ලට ඇද දැමූ, නව ව්‍යවස්ථා මගින් රටේ පාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම විනාශ කරන්නට සැලසුම් හැදූ ඒ රජයට තව අවුරුදු එකහමාරක් ඉදිරියට යන්නට ඉඩදෙනවාද, දෙන්න තිබුණා ද කියන පැනය තමයි අපිට තිබුණේ.

අද ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. ඒත් ඡන්ද පැවැත්වීම ප්‍රජාතත්ත්‍ර විරෝධී කියා හංවඩු ගසනවා. සමහර විට බටහිර බලවේගත් සිතනවා ඇති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ කියලා. එයයි රටේ අභාග්‍යසම්පන්න බව.

එදා කියූ යහපාලන කතා වලට ජනතාව රැවටුණු ජනතාවම ටික කාලයකට පස්සේ කියන්න පටන් ගත්තා අපට වැරදුණා කියලා. රටේ උන්නතිය උදෙසා එදා අප ගෙනගිය සියලු වැඩපිළිවෙලවල් ඇණහිටින කොට ජනතාව තේරුම් ගත්තා යහපාලනය යනු කටකතාවක් පමණයි කියලා.

අපි යම්කිසි ඉලක්කයකට යනවා නම් බාධක වලට මුහුණ දෙන්න සිදුවෙයි නමුත් ඒවා නොසලකා හැර අපි සියලු දෙනාම එකාවන්ව එක් වී යළිත් රට ගොඩනගන සටනට උරදෙමු, අපේ ඉලක්කය කරා යමු යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසුවා.

– එළිය මාධ්‍ය ඒකකය

 

10 views

17 Comments to “මහින්ද හදිසියේම අගමැතිකම ගත් හේතුව ගෝටා කියයි..”

  1. wijebahu says:

    its not rocket science, he robbed the PM post to protect his family members going to the Jail including you mr Gotler. thats why he could not wait for another 18 months.

    • සිංහල කොන්ග්‍රස් says:

      පරයින්ට සහ ලොල්ලන්ට ගෝටා කියන කතාව ඇහෙන්නේ නැහැ. රටේ වාසනාව තමයි අද පරයො සුලුතරය වෙලා තියන එක. ඉතින් උන් චන්දෙකට බයය්.

      • පිනා says:

        ඇමරිකන් පුරවැසි ගෝඨයි බැසිලයි බටහිර පිල්ලි දෙකක් නෙමේද ආයිබොවං ? දන්නේ නැති නිසයි ඇහුවේ..

    • Amith says:

      Well said my Bro.

    • Norata Eka says:

      Going to the jail for doing what ??? for saving the country ???

      • Daham says:

        The armed forces saved the country.

      • වෙරි සොරි says:

        රනිලා පණ බයේ ඉන්නේ ජම්පරය අඳින්න වෙයි කියලා. ඒ නිසා තමයි ප්‍රජාතන්ත්රවාදේ රකිනවා කියාගෙන බලෙන් අගමැතිකමේ ඉන්න දඟලන්නේ. හිටපු අවුරුදු තුනේම ප්‍රජාතන්ත්‍රවාදේ කම්බස් කරපු එකාට දැන් ද මතක් උනේ ඒක රකින්න ?

    • Daham says:

      Exactly, all the cases against Gota, Basil, Namal, Johnston ,Mahindananda, Wimal, Wimal’s wife etc will begin starting end of November this year till end of March 2019. These fellows are dead scared and hence with the help of insane president are trying their best to be in power to stop these cases be heard.

    • Dayani says:

      You seemed to be some from a rasist minority, but using a psedo name.!!! Stop writing nonsence.!!! Do you know that Hon. RW and Hon. MR are closely related???That’s why Hon. RW never took any action against Hon. MR too, never took any action against Hon. RW!! Blood is thicker than water, though politically they rivals.!!!
      This is for your information.

  2. බටහිර සමනලු නැටුම says:

    මංගල රාජිත රවියත් එකතු වෙලා
    කල විපත රටට දැනුනි එපා වෙලා
    නිහඬ හිටියනම් රටත් කෑලිි වෙලා
    බටහිර නැටුම සමනලුට ඕනි වෙලා

  3. bandu says:

    MR did a foolish thing, his popularity gone down 50% ‘cos of his greediness for PM post. The whole problem behind is the legal matters faced by his family members. For that Hanuma did set fire.

  4. පිනා says:

    ඇමරිකන් පුරවැසි ගෝඨයි බැසිලයි බටහිර පිල්ලි දෙකක් නෙමේද ආයිබොවං ? දන්නේ නැති නිසයි අහන්නේ

    • sh says:

      ube namath ekka baluwama niyama nama pino

    • මූ කවුද කියා මූ දන්නෙත් නෑ . says:

      ඒක කියල දුන්නත් උඹට තේරෙන්නෙ නෑ පිනා,උඹ දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉඳින්.උඹ කව්ද කියල උඹ දන්නෙත් නෑ.

  5. UD says:

    What Gota says is correct. If Ranil stays in power another 6 months, he will sell most of our assets, will bring new constitution to divide the country, by paying lots of bribery money to the MPs. Then in another year we will not have a country to fight for except 9 or 10 states which the main government has no power to do anything. A disaster! We will be fighting for borders.

  6. Jagath says:

    Parayin edath hitiya, adath innawa, owun dushtai, akarunikai ! Thamanta jeewathwimata nidahasa dun palakayanta wiruddawima, owun handunagenime lakshanayayi !

  7. Dayani says:

    My comment above is in response to the minority racist WIJEBAHU, writing in a Sinhalese psedo name, who seems to disgrace PM Mahinda Rajapakse, and doesn’t know that PM RW and PM MR are close relatives.

Main News