මහින්ද හා ආණ්ඩුව විශ්වාස භංගයෙන් පරාදයි.. ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්න..- කතානායක ජනපතිට දන්වයි..

November 14, 2018 at 12:40 pm | lanka C news
මහින්ද හා ආණ්ඩුව විශ්වාස භංගයෙන් පරාදයි.. ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්න..- කතානායක ජනපතිට දන්වයි..

කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද මාධය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද 2095/50 දරණ 2018 නොවැම්බර් 04 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව අද දින (2018-11-14) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස් විය.

ගරු කථානායකතුමන් විසින් දවසේ සාමාන්‍ය කටයුතු අනුව නිවේදන ඉදිරිපත් කිරීමෙන් පසු ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරම් මහතා විසින් ස්ථාවර නි‍යෝග අත්හිටුවා ඉදිරි කටයුතු කර ගෙන යාමට යෝජනා කරන ලදී.

ඒ පිලිබඳව සභාවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඡන්ද විමසීමක් යෝජනා කෙරුණු අතර, එහිදී බහුතර‍යේ එකඟත්වයෙන් ස්ථාවර නියෝග අත්හිටුවන ලදී.

ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා රජයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සභාවට ඉදිරිපත් කරන ලදී. අද දිනම ඒ පිලිබඳව සභාවේ මතය විමසිය යුතු බව ද ඔවුහු යෝජනා කළහ.

ඒ අවස්ථාවේ දී විපක්ෂයෙන් බෙදීමක් ඉල්ලා සිටි අතර, බෙදුම් සීනුව නාද කිරීමෙන් පසු කථානායකතුමා විසින් ඡන්ද විමසීමට නියෝග කරන ලදී.

එහිදී විශ්වාස භංග යෝජනාවට පක්ෂව බහුතරය ඡන්දය ප්‍රකාශ කළ අතර, ඒ අනුව එම විශ්වාස භංග යෝජනාව බහුතරයෙන් සම්මත වූ බවට ගරු කථානායකතුමන් විසින් සභාව වෙත නිවේදනය කරන ලදී.

ඉන් අනතුරුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමන් විසින් හෙට පෙ:ව 10.00 දක්වා සභාව කල් තැබිය යුතු බව ට යෝජනා කරන ලද අතර, ඒ සඳහා සභාවේ අනුමැතිය හිමි විය.

අද දින භාර දෙන ලද විශ්වාස භංග යෝජනාවේ පිටපතක් සහ ඊට අදාළ සභාවේ තීරණය ද ගරු ජනාධිපතිතුමන් විසින් පසුගිය දා පත් කරන ලද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධි බවට සදහන් මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් තබන ලද ලිපියේ පිටපතක් ද

ව්‍යවස්ථානුකූලව ඉදිරි පියවර ගැනීම සදහා ගරු ජනාධිපතිතුමන් වෙත දන්වා යැවීමට ගරු කථානායකතුමන් විසින් පියවර ගනු ඇත.

– කථානායක මාධ්‍ය ඒකකය

103 views

52 Comments to “මහින්ද හා ආණ්ඩුව විශ්වාස භංගයෙන් පරාදයි.. ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්න..- කතානායක ජනපතිට දන්වයි..”

  1. Samrapaala says:

    Siraa Noondi Unata Kamak Naha ..MaRaaa Pacha Una Ekai Apita Duka

  2. George says:

    The Speaker has become a joker. He simply doesn’t follow or doesn’t know paliamentary procedure. When a no confidence motion against the PM or government is filed there is an established procedure. It has to get into the order paper and thereafter a minimum of 5 days should lapse before is debated and then a division taken.The Speaker takes a division just after is filed and says it carried through. What a joke. Where are we heading?

  3. Elara says:

    Singalayini, danwath pakshabeda atahara ekethuwemu…….!

  4. sunimal says:

    මැතිසබේ කවටයා ට මෙය දැන්වීමට කිසිම බලයක් නැත

  5. Third Party says:

    I am also one of 62 Lacks. But my vote to Mahinda now. So this is not Democracy. Democracy is Election or vote for Prime Minister.
    Third Party

  6. ළදරුවා says:

    ඒ 122 ලිස්ට් එකේ ඩේට් ඒක තියෙන්නෙ නොවැම්බර් 02 කියල. දැන් ඒතකොට විශ්වාසභංගෙ තිබ්බෙ දෙවෙනිදද?

  7. Wimal says:

    Dear President/ Prime Minister

    Under the different conditions of the country the elected ministers of the year 2015 are thinking that they are having the majority of the people are still with them in Sri Lanka.

    To see the truth kindly go for an general election.

  8. Saman says:

    Long live our hero!
    Mahinda

  9. Ranjith says:

    දැන් රටේ ලොක්ක ජනපතිද කරුද​?

  10. Nandasoma Suriyaarachchi says:

    විශ්වාසභංගෙ තියෙන්නෙ, අගමැති සහ ඇමති මණ්ඩලය පත් කිරීම නීති විරෝධී යි. (පළමු වගන්තිය) . එබැවින්, මෙම අගමැති සහ ඇමතිමණ්ඩලය කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැත ( දෙවන වගන්තිය). මා දන්නා පරිදි එපමණයි……

    එමගින් පාර්ලිමේන්තුව සිදු කර ඇත්තේ ජනාධිපති බලතල අභියෝගයට ලක් කිරීමකි….(මෙය පාර්ලිමේන්තුවට සිදු කළ නොහැකි කාර්යයකි… නැතහොත් බලයක් නොමැති කරුණක් යොදා ගනිමින් යෝජනාවක් සම්මත කර ගැනීමකි….. මෙයට අදාලව කිසිදු පියවරක් නොගෙන සිටීමට ජනාධිපතිට බලයක් ඇත…..

    අද දින පාර්ලිමේන්තුවේ සිදුවූ කිසිවක් නීත්‍යානුකූල වන්නේද නැත.

Main News