මහින්ද හිටියා නම් 2017 දී රටේ දුප්පත්කම ඉවරෙටම ඉවරයි.. මහ බැංකුවේ අලූත්ම වාර්තාවෙන් හෙලිවේ..

November 26, 2016 at 1:07 am | lanka C news
මහින්ද හිටියා නම් 2017 දී රටේ දුප්පත්කම ඉවරෙටම ඉවරයි.. මහ බැංකුවේ අලූත්ම වාර්තාවෙන් හෙලිවේ..

මහින්ද රාජපක්ෂ යුගයේ එනම් 2005 සිට 2014 දක්වා දශකය ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්වර්ණමය යුගය ලෙස හැදින්වීමට හැකි බවත් ලොව බිහිසුනම ත්‍රස්තවාදී යුද්ධය අවසන් කරමින් 2005 වනවිට 18ක් පමණ තිබු රටේ දුගීබව 2014 අවසන් වන විට 3%කට වඩා අඩු මට්ටමට ගෙන ආ බවත් 2017 වසර වන විට දුප්පත්කම සම්පූර්ණයෙන්ම තුරන් කිරීමටත් අවශ්‍ය සියලු පියවර ගෙන තිබු බවත් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.

එසේ සාර්ථක ඉලක්කයක් කරා යාමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට හැකි වූයේ ඔහු සමඟ දක්ෂ ඇමති මණ්ඩලයක් මෙන්ම නිලධාරින් පිරිසක් සිටි නිසා බවද කී හිටපු ඇමතිවරයා මහින්ද යුගයේ 3% වඩා අඩු කළ දුප්පත්කම යූඑන්පී ශ්‍රීලංකා හවුල් ආණ්ඩුවට ඇමතිවරු 89 ක් සහ දිස්ත්‍රික් සංවර්ධනය කමිටු 25ක් තිබීලත් එම ඉලක්ක සපුරා ගැනිමට නොහැකි වී ඇති බවක් පෙනෙන්නට ඇති බවද කියා සිටියේය.

සරත් අමුණුගම අමාත්‍යතුමා යටතේ තවත් ඉහළ පෙලේ කමිටුවක් 2017 දුප්පත්කම තුරන් කිරීමට ජනාධිපතිවරයා විසින් පිහිටුවා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවේ ද්‍රරිද්‍රතාව දර්ශකය අනුව 1995-96 වසරේ පැවති 28.8% සිට 2009-10 වසර වනවිට 8.9% දක්වා ද 2012-13 වසර වනවිට 6.7% දක්වා ද අඩුවී ඇති බවත් 2012-13 basil-rajapaksaවසරේ දි එය 3% කට වඩා අඩු අගයකට පහත වැටී ඇති බවත් 2015 ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පිටු අංක 27 උපුටා දක්වමින් ඔහු කියා සිටියේය.

එහෙත් වත්මන් ජනාධිපතිවරයා විසින් රටේ ද්‍රරිද්‍රතාව 2017 දි තුරන් කිරීමට ඇමතිවරු ආණ්ඩුකාරවරු, ඇතුළු රජයේ ඉහළ නිලධාරින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පිහිටුවීමට හේතුව බොහෝ දුරට මෙතරම් විශාල අමාත්‍යාංශ ගණනාවක්ම මෙන්ම ඇමතිවරු සිටියත් ඔහුගෙන් රටේ දුප්පත්කම තුරන් කිරීමට අවශ්‍ය පියවර හරියාකාරව මෙතෙක් ගෙන නොමැති බවද පෙන්වා දුන් රාජපක්‍ෂ මහතා පසුගිය රජය භාර දෙන විට තිබු 3%ට වඩා අඩු මට්ටමේ දුප්පත්කම සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට පිහිටුවා ඇති අමාත්‍යාංශ වලින් නිසියාකාරව දායකත්වය ලබාදීමට අපොහොසත් වී ඇති බවද පැවසීය.

24 views

14 Comments to “මහින්ද හිටියා නම් 2017 දී රටේ දුප්පත්කම ඉවරෙටම ඉවරයි.. මහ බැංකුවේ අලූත්ම වාර්තාවෙන් හෙලිවේ..”

  1. මහාචාර්ය විජේසුන්දර says:

    ශ්‍රීලංකාවේ ඉතිහාසයේ මහ දවල් සිදු වූ විශාලතම මුදල් මංකොල්ලය සම්මුති ආණ්ඩුවේ යහපාලන කාලය තුලදි සිදුවී ඇත, එය සිදු කල නියම හොරු ඇල්ලිම වෙනුවට ජනතාව ගොනාට ඇන්දවීමේ මහා තරගය මේ වන විට ආරම්භ කොට ඇත, ඒ අනුව සිද්ධිය ජනතාවටම හිස රදයක් වනසේ ජනතාව නොමඟ යන ලෙස වරින් වර මාධ්‍ය සංදර්ශන පවත්වමින් එහි බරපතළකම හා ඒ තුලින් සමස්ථ ආර්ථිකයට වූ හානිය යටපත් කිරීම හා එහි නියම චුදියන් නිදහස් කිරීම මෙන්ම එයට විරුද්ධව හඩ නැගු කොටස නිහඬ කරවීම මෙම ජාවාරම්කාරයින්ගේ උපක්‍රමය වී ඇත, තවද මෙම දූෂිත ගණුදෙනුව සාධාරණිය කොට අදාළ චෝදනාවලින් නිදහස් කිරීම මෙන්ම එසේ චෝදනා ලැබු පිරිසට සුදුහුනු ගෑම මෙම උපක්‍රමයේ දිගුවක් ලෙස ක්‍රීයාකිරීමටත් ,මේ වෙනුවෙන් විශාල හඩක් නගන මාධ්‍ය හෝ එයට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඔහුන් මිලදී ගත හැකි අයුරින් කටයුතු කිරීම මෙම ජාවාරම්කරුවන්ගේ අනිත් උපායමාර්ගයයි. ඔහොම තමයි රටේ දුප්පත්කම තුරන් කරන්නේ,

  2. සුමනසේකර says:

    බැසිල් ඇමති තුමනි අපි දන්නවා කවුරු මොනවා කිව්වත් අපේ රටේ ආර්ථිකය හොඳ තත්ත්වයට ගේන්න මොනතරම් කැපවීමක් කලාද කියලා,

  3. vf says:

    රටක දියුණුව මැනීමේදී ඒ රටෙ ක්‍රියාත්ක වෙන සංස්කෘතිය සැලකිල්ලට ගන්නේ නැද්ද, ඇමෙරිකාවේ සභ්‍ය දේ ලංකාවේ අසභ්‍ය වේ,

    ඒක පුද්ගල අදායම අනුව රටවල සංසන්දනය කිරීම පෙර ඒ රටවල් ඒක පුද්ගල ණය ප්‍රමාණය ගණනය කර නිවැරදි එක පුද්ගල අදායම හෙළිකල යුතුයි.

    ලංකාව වගේ රටවල්වල දේශපාලකයන් විසින් ගොලිකරන මාෆියාවට එරෙහිව ජනතාවට සත්‍යය ප්‍රකාශ කලයුතු වුවත්, ඒ සදහා නායකත්වය දීමට තරම විචාර බුද්ධියක් නොමැති නම් රට අභාග්‍යට පත්වේ

  4. minimuthu says:

    රජයේ ඉහල පුටු කීපයක්ම දරමින් පාර්ලිමේන්තුව නියොජනය කරන්නේ චන්දයෙන් පෑරදුන ජනවරමින් නෙරපුනු පුද්ගලයින් නම් මෙය නිත්යානුකුල රජයක් කියා පිලිගතහෑකිද?මේවාට නීතිමය ප්‍රතිපාදන නෑතිද?

Main News