මහින්ද, ෆොන්සේකාගේ හොද කියයි..

June 24, 2019 at 1:20 pm | lanka C news
මහින්ද, ෆොන්සේකාගේ හොද කියයි..

රටේ වර්තමාන ආරක්ෂාව සම්බන්ධයෙන් අද ආණ්ඩුවේ අවබෝධයක් තිබෙන්නේ සරත් ෆොන්සේකා හිටපු හමුදාපතිට පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

රටේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු නැතැයි ෆොන්සේකා මහතා විසින් කරන ලද ප්‍රකාශය සත්‍ය බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළකරන ලද්දේ ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්‍ෂ මහතා,

‘රටක ජාතික ආරක්‍ෂාව නැත්නම් හැමදේම කඩා වැටෙනවා. රටේ ජනතාවට බියෙන් තොරව ජීවත්වීමට හැකි සමාජයක් අපි ලබාදුන්නා. රටකට ස්ථාවර ආණ්ඩුවක් තිබිය යුතුයි.

එදා කැබතිගොල්ලෑවේ බෝම්බ පුපුරන කොට මම හිටියෙ ආරක්‍ෂක මණ්ඩලයේ. මම ඒ වෙලාවෙම යෝජනා කරා අපි එම ස්ථානයට යමු කියලා. අපි සේරම ඒ ස්ථානයට ගියා. එදා අපට අවශ්‍ය වුණේ ජනතාවගේ බිය නැති කිරීමට.

අද තියෙන්නේ අස්ථාවර ආණ්ඩුවක්. යම් දෙයක් කරන්න ගියාම ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කඹ අදිනවා. අද බෝම්බ පිපිරීම තුළ විවිධ මත පළවෙනවා. මිය ගණන සැරින් සැරේ වෙනස් වෙනවා. ජීවත් වීමේ මූලික මිනිස් අයිතිවාසිකම අපට නැතිකරලා. ආගම ඇදහීමේ අයිතිය අපෙන් උදුරාගෙන මෙවැනි තත්වයක් රටතුළ ඇතිවීම නිසා ආණ්ඩුවට රැකියා දසලක්‍ෂය දීමේ පොරොන්දුව ඉටුකරන්න හැකිවුණා. මොකද දෙමාපියන්ට පාසල් මුරකිරීමට අවස්ථාව ලබාදීමෙන් මෙම ආණ්ඩුව තුළ ත්‍රස්තවාදය ගැන අත්දැකීම් ඇති කෙනෙකුට ඉන්නේ සරත් ෆොන්සේකා මහත්තයා විතරයි. ඔහු කියනවා මෙම අන්තවාදීන්ගේ ක්‍රියා තවම අවසන් නැතිබව. මෙවැනි තත්වයක් තිබියදී රටට ආයෝජකයින් එන්නේ නැහැ. මේ ආණ්ඩුව ගහන බදුවල හැටියට ආයෝකයින් එයිද? අද හැමදෙනාගෙන්ම බදු අය කරනවා.

මෙම බදු ක්‍රමයේ වෙනසක් නොකර ආයෝජකයින් ගෙන්වාගන්න බැහැ. අද වෘත්තිය වේදීන්, බුද්ධිමතුන් මේ ගැන කතිකාවක යෙදෙනවා.

අද කුඩුවලින් සමාජය විනාශ වෙලා. පසුගිය අවස්වල කුඩු ඇල්ලුවා කියා දිනපතා කිවුවා. දැන් ඒ ගැන කතාවක්වත් නැහැ.

ගුරුවරුන්, දේශකවරුන් වශයෙන් අනාගත පරපුර රටට, සමාජයට, සංස්කෘතියට හා ජාතියට ආදරය කරන දුරාචාරයෙන් ඈත්වෙන පරපුරක් නිර්මාණය කිරීමට ඔබට හැකියාවක් තියෙනවා. ඒ සඳහා ඔබ පෙරමඟ ගතයුතුයි’

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල,  දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, නෙනුක විදානගමගේ හා අනුරාධ ජයරත්න යන මහත්වරුන්ද එක්වූහ.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

84,310 Viewers

13 Comments to “මහින්ද, ෆොන්සේකාගේ හොද කියයි..”

  1. Sun says:

    Fonseka is looking only from his angle at the issue. Other thins such as political issue and law are beyond his reach. Probably he has some ideas but not very balance. He has to go beyond this army point of view my dear friends.

    • Sam says:

      Hello Sun,
      How aold are you? If you born after 2009, Your coment is right for both SF and MR.

    • සමරේ says:

      රොබට් බ්ලේක් කිව්වා ආරක්ෂාව ගැන ගෝටග‌ෙන් ඉග‌ෙන ගන්න කියලා.Blake මහින්දවත් හමු වුනා.හැමෝටම එකට එකතු ව‌ෙන්න කිව්වා, දැන් මහින්ද ෆොන්සේකාගේ හොඳ කියනවා..ෆොන්සේකා ගෝටගේ හොඳ කියනවා.Blakeගේ කපුකම හොඳට වැඩ වගේ…හැම දේම ගානට අතට අරග‌ෙන.

  2. සමරේ says:

    රොබට් බ්ලේක් කිව්වා ආරක්ෂාව ගැන ගෝටග‌ෙන් ඉග‌ෙන ගන්න කියලා.Blake මහින්දවත් හමු වුනා.හැමෝටම එකට එකතු ව‌ෙන්න කියලා බ්ලේක්. දැන් මහින්ද ෆොන්සේකාගේ හොඳ කියනවා..ෆොන්සේකා ගෝටගේ හොඳ කියනවා.Blakeගේ කපුකම හොඳට වැඩ වගේ…හැම දේම ගානට අතට අරග‌ෙන.

  3. කූඩාමොළේ says:

    පාස්කු ප්‍රහාරයට ගෝටා හා මහින්ද සෘජුවම වග කිව යුතුය.ඒ මන්ද ?
    2007 මැයි මස රාජපක්ෂගේ පූර්ණ අනුමැතිය ඇතිව, ශ්‍රී ලංකාවට ඇම‌ෙ‌රිකාවේ අතප‌ෙවීම පුලුල් ක‌ෙරමිිිින් ඇමරිකන් පුරවැසියන් ද‌ෙද‌ෙන‌ෙකු අත්සන් කල ගෝටා- බ්ලේක් ගිවිසුම ඇමරිකාවේ Asia-Pacific යුද උන්මාදයට තවත් උඩ ග‌ෙඩි දීමක් විය.ගෝටා-බ්ලේක් ගිවිසුම හරහා ඇඟිල්ල ඔබාගත් Uncle Sam එහී ඊලඟ අදියර ල‌ෙස නේටෝ හමුදාවක් ලංකාවට බස්සවමිිිින් තම කඳත් ඔබා ගැනීමේ අරමුණින් පාස්කු ප්‍රහාරය සිදු කල බව පිලිගත් විචාරකයන්ගේ මතයයි.පාර්ලිමේන්තුවේ 225ම මේ ප්‍රහාරය දැනග‌ෙන හිටි බව කුමාර ව‌ෙල්ගම පැවසිමත් ආණ්ඩුව හා විපක්ෂය සත්‍ය වසන් කරන බවට කාදිනල්තුමා පැවසිම‌ත් පසු පස ඇත්තේ මේ සත්‍යයයි.

    • one shot says:

      මූ චතුරය වෙන්න බැරිද​?ඌටත් තියෙන්නෙ කුඩා මොළයක්.කුඩා කියන්නෙ මොන්ටිසෝරි මොළයක්.

    • Hewawissa says:

      Good analysis bro.Thank you kudamole. Ultimately majority will realize this

  4. sinha le says:

    සුද්දා අපේ රටට අබිං ගෙනාවා මත් පැන් ගේනවා දුම් බොන්න දුන්කොල ගෙනාවා අපේ මේ කලුසුද්දෝ රජය එය දිගටම ගෙනියනවා එකා මෙන් එක්වී මුන්ව පරද වමු ගැමුණු කුමාරයා අපේ රට එක්සේසත් කලා සේ බෞද්ද රජයක් නැවත ගෙනෙමු.

  5. නිළමේ says:

    මම නං එකහෙලා කියාසිටින්නේ පරණ කෝනතර අත්ඇරලා සිංහල ජාතිය බුද්ධාගම පුමුඛ අනෙකුත් ආගම් අතරේ සමගිය සමාදානය ඇතිකරන්න, රටේ ආර්ථිකය දියුණුකරන්න සියලුම රට වැසියාට බියෙන් සැකෙන් තොරව ජීවත්වෙන්න යහපත් වටපිටාවක් ඇතිකරන්න මේ වේලාවේදී මහින්ද, සරත් ෆොන්සේකා හා ගෝඨාභය යන මේ ත්‍රිත්වය එකාවන්ව එක් වී ඉදිරියේ බිහිවන රජයේ අනාගත වැඩපිළවෙල ඉදිරියට කරගෙන යා යුතියි!

  6. චන්ද්‍ර says:

    රට ජාතිය සංස්කෘතිය උදෙසා සරත් ෆොන්සෙකා මහින්ද පිලේ මුල සිටම සිටියයුතු පුද්ගලයෙකුය කියා බොහෝ දෙනකුගේ අදහස යයි සිතන්න ඉඩ ඇත. ආරවුල් පසෙක තබා දැන්වත් රට උදෙසා පියවරක් ගනීවි කියා බොහෝ දෙනාගේ අපේක්ශාව බවත් සිතිය හැක.

  7. PULATHISI says:

    ගරු විපක්‍ෂනායක මහින් ද රාජපක්‍ෂ මැතිතුමනි, සරත් පොන්සේකා මන්ත්‍රීවරයාගේ
    “සුදුකොඩි මුසාවාදය” සහ තවත් දුෂ්ඨ ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් තුලින් රණවිරුවන්ට සිදුකළ අතීතය ඔබට අමතක වුවත්, අපට ඒ කිසිවක් අමතක නැත. එයා මේ රඟපාන්නේ කුමන නාටකයක්දැයි ජනතාව මැනවින් අවබෝධකරගෙන අැත.

Main News