මහින්ද AL පාස්දැයි ෂුවර් නෑ.. රවි කරුණානායකට ආර්ථික දැනුමක් තියෙනවා.. ගෙදර යන මෛත‍්‍රී කෝටි 800ක ගෙයක් හදනවා..

November 4, 2019 at 3:50 pm | lanka C news
මහින්ද AL පාස්දැයි ෂුවර් නෑ.. රවි කරුණානායකට ආර්ථික දැනුමක් තියෙනවා.. ගෙදර යන මෛත‍්‍රී කෝටි 800ක ගෙයක් හදනවා..

නාස්තිය දූෂණය නැති පාලකයින් මේ රටට අවශ්‍ය වෙන්න‍.හිටපු ජනාධිපතිවරුන් හා ආර්යාවන් රටේ මහජන මුදලින් නඩත්තු කරන්න අවශ්‍ය නැහැ.1993 ඉදන් හේමා පේමදාසව මහජන මුදලින් නඩත්තු කරනව.එයාට අක්කර 500ක වත්තක් තියෙනවා.ඒක ඇති හොදටම ජීවත් වෙන්න. චන්ද්‍රිකා මහින්ද මේ හැමෝටම දේපල තියෙනව.ලගදී විශ්‍රාම යන මෛත්‍රීපාල සිරිසේනට කෝටි 800ක ගෙයක් දෙනව.අපිට බලය ආවම හිටපු ජනපතිවරු මහජන මුදලින් නඩත්තු කරන එක නතරකරනව.ඒ අයට ජීවත්වෙන්න විදියක් ඇත්තෙම නැත්නම් සමාජ ආරක්ෂණ මුදලින් පිංපඩියක් දෙනව. යනුවෙන් ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතා පැවසීය.

හෙතෙම මේ බව සදහන්කලේ පෙරේදා 2 දා ඇඹිලිපිටිය නගරයේදී පැවැති ජනපතිවරණ ප්‍රධාන රැලියක් අමතමිනි.මෙම අවස්ථාව ඇඹිලිපිටිය නගරසභා භූමියේදී පැවැති අතර විශාල පිරිසක් මෙම ජනරැලිය සදහා එක්වී තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුරකුමාර දිසානායක සමහතා මෙලෙසෙද පැවසීය.

සජිත්ට තමන්ගේ ජනපතිවරණ වේදිකාව තුල දැන් කියන්න පුලුවන්ද හොරු අල්ලනවා කියලා.කියන්න බැහැ.මොකද රවී රනිල් කිරිඇල්ල වේදිකාවේ ඉන්නවනේ.හොරු අල්ලන පාලකයෝ හදනවනම් හදන්නේ අපි විතරයි.

2015 ඡන්දය වේලාවේ සජිත්ලා ඇතුලු කණ්ඩායම  වේදිකාවේ කතාකලේ හොරු අල්ලන එක ගැනමයි.දැන් සජිත් හෝ ගෝඨාභයගේ වේදිකා තුල හොරු අල්ලන එක ගැන කතා කරන්නේ නැහැ.මොකද ඒ දෙගොල්ලන්ම හොරු එක්ක ඉන්න නිසා.

අපේ පාලනයක් හැදුවම මහජනයාගේ දේපල රැස්කර හොරකම් කරල තියෙන දේශපාලකයන්ට ඉහල නිළධාරීන්ට මාසදෙකක කාලයක් දෙනව ඒවා යලි බාරදෙන්න කියල.හැබැයි බාර නොදුන්නොත් ඒ සියලු දේපල අත්පත්කරගන්නවා.ඒවට අවශය පියවර ගන්නවා.මෛත්‍රීපාල නොවැම්බර් 17 දා ගෙදර යන්න ඉදිද්දී කෝටි ගණනක වාහන අරගෙන යනව.මහින්දටත් ඒ දේ තමයි.මෙවැනි නාස්තිකාර පාලකයින් රටට කමටද.

මේ රට පුරා තියෙන ජනාධිපති මන්දීර සියල්ල ඒ ප්‍රදේශවලට ගැලපෙන අවශ්‍යතා ඉටු කරන ම්‍යධස්ථාන බවට පත්කරනවා මහජනයාගේ ඉල්ලීම පරිදි.අපේ ආර්තිකයට තියෙන මේ හැම ගැටලුවකින්ම ගොඩගන්නට ඕන.ණය ගෙවන්න ණයට ගන්න රටක් මේක.මේකෙන් අන්තිමට වෙන්නේ සියදිවි හානිකරගන්න.ණය කියන්නේ අපරාධයක් නෙවෙයි.අපි පාලනයට ආවට පස්සේ ණය ගන්නවා.රටේ සැබෑ ලෙස නිෂ්පාදනයට හා තාක්ෂණික හැඩ ගැසීම් වර්ධනය කරගන්න.ඉතාමත් සහන පොලියට අපියණය ගන්න පුලුවන්.

ඉදිරි වසර පහ ඇතුලත දුප්පත් රට පොහොසත් රටක් බවට පත් කරනවා අපි.දරුවන්ගේ අධ්‍යාපනය,රැකී රක්ෂා නිෂ්පාදනය ඇතුලු,ජීවන මාර්ග හා සියලු පහසුකම් සහිත රටක් අපි හදනවා.මේ රට දුප්පත් කමින් මුදවාගන්නා පාලකයා දූෂිත නොවන අයෙක් වෙන්න ඕන.මේ රට හදන්න හොරකම නාස්තිය නැති පාලනයක් අපි ගේනවා.

මේ රටේ පසුගිය 71 වසරක විනාශකාරී දේශපාලනයේ වෙනසක් වෙන්නට ඕන.එය කල හැකියි.ආණ්ඩුවේ ආධායමට වඩා දෙගුණයක් වියදම වැඩියිතආර්ථිකයේ ලොකු අර්බුදයක් තියෙනවා.රට දුප්පත් උනාට රට පාලනය කරනු ලබන පාලකයෝ බොහොම පොහොසත්.රට දුප්පත් නම් පාලකයෝද දුප්පත් විය යුතුයි.රට පොහොසත්නම් පාලකයෝ පොහොසත්. කෘෂිකර්මය,අධ්‍යාපනය,සෞඛ්‍ය ආදී ක්ෂේත්‍රගණනාවක් පුරා ඉතා හොද ක්‍රියාත්මක සැලැස්මක් අපි හදනව.

එදා චන්ද්‍රිකා මුදල් අමාත්‍යධූරයේ අවුරුදු 10ක් හිටියට ආර්ථික විද්‍යාව පිළිබදව කිසි දැනුමක් නැහැ.මහින්ද රාජපක්ෂ මුදල් ඇමති වුනාට උසස්පෙළවත් පාස්ද කියල දන්නේ නැහැ.රවී කරුණානායක මුදල් ඇමති ලෙස ආර්ථික දැනුමක් තිබුනට හොරකම් කරන්න ලොකු ඇල්මක් තියෙනවා.මංගල සමරවීර මුදුල් ඇමති වුනාට එයා ගැන කියල වැඩක් නැහැ.මේ රට වංචනිකයන්නේ දූෂිතයන්ගේ කෙලිබිමක් බවට පත්වෙලා තියෙන්නේ.

අපි වටා ඉන්න ආර්ථික කෘෂි ආදී ක්ෂේත්‍ර වල විද්වතුන් සමග අපි සෑම අංශයකින්ම රට ගොඩගන්නවා.

මේ රටේ සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ උන්මාදයක් අපි හදනව.ඒ වෙනුවෙන් අපි උදව් කරනව.බදු ප්‍රතිපත්තිය අපි වෙනස් කරනව.කොළඹට ගිහින් කම්හලක් හදනවනම් බදු වැඩියි.එය ප්‍රදේශයේ ගමේ නම් බදු අඩුයි.අදාල අයට තම ගම් ප්‍රදේශයේ සිටම සමාජ තත්වය ආර්තිකය වැඩිදියුනු කරන ක්‍රියාවලියක් අපි හදනව.ඩොලර් කෝටි 1500ක ආදායමක් අපිට තාක්ෂණයෙන් උපයන්න පුලුවන්.ලෝකයේ මෘදුකාංග වෙළදපලට අපි පියනගන්න ඕන.තාරුණයට ලෝක වෙළදපලේ පංග්වක් දිය යුතුයි.තම නිවසේ සිට උපයන මාර්ගයක් හා වෙළද පලක් අපි සකස්කර දිය යුතුයි.යයි රැලිය අමතමින් කීය.

– ප්‍රගීත් ජනක

228 views

40 Comments to “මහින්ද AL පාස්දැයි ෂුවර් නෑ.. රවි කරුණානායකට ආර්ථික දැනුමක් තියෙනවා.. ගෙදර යන මෛත‍්‍රී කෝටි 800ක ගෙයක් හදනවා..”

  1. UNP-GALIBBA says:

    මෙයා මහාචාර්‍ය ෆොරොෆෙසර් ගොබෙල්ස් කාල්මාක්ස් ගේ සමාජවාදී මුලු ලෝකෙන්ම අතිඋගත් සියල්ල දන්නා මහදැන මුත්තෙක් පුංචි අම්මාවාදී රනිල්ට කඩේ ගිය ආර්තික උස්තාද් රටට අහිතකරදේදී රනිල් හිතවාදී මුඛපූට්ටු ලපකුමාර​????

  2. kamal says:

    අනුර අධ්‍යපානය නෙවෙයි වැදගත් ප්‍රඥාවයි. උඹලා හිතාගෙන ඉන්නෙ මහින්ද විමල් මෝඩයෝ කියාද.මේ අධ්‍යාපන ක්‍රමය තමයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය
    සියලු විෂයන් සිංහලයට පරිවර්තනය කරයි. තාක්ෂණික වචන ඒ ඉංග්‍රිසි ආකාරයෙන් තියෙන අතර අන් දේවල් සිංහලයට පරිවර්තනය කරයි.
    වයස නමය වනතුරු සිංහල ඉංග්‍රිසි උගන්වයි එය කරන්නෙ දෙමව්පියන් විසිනි. බැරි අයට විසේෂයෙන් සිංහල නොදන්නා දෙමල අයට උදව් ලබා ගත හැක.
    නමය සිට 16 වන තුරු විෂයවල් හතක් උගන්වනවා
    ඉංග්‍රිසි
    ගණිතය
    සිංහල හා පාලි
    ලෞකික සම්මා දෘෂ්ටිය හා සිලය සමාධිය ප්‍රඥාව
    ලොව පවතින ආගම් ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දු යුදෙව්
    හින්දු/හෝ චින හෝ ජපන් හෝ කොරියන් හෝ බෙංගාලි හෝ නේපාල
    ගුණ ධර්ම දියුණු කිරිම හා ගුණ ධර්ම යනු මොනවාද සමාජ කටයුතු වන්දනා පුජා ආදිය
    වයස 16දි විශ්ව විද්‍යාල කාර්මික විදුහල් විද්‍යා පිඨ විවෘත විශ්ව ළුද්‍යාල හා දැනට පවතින පාසල් කාමර එක්කහු කොට ශිල්පිය ඥාණයක් දෙනවා. අවුරුදු 16දි තියෙන කඩඉම විභාගය සිංහල හා ගණිතය තියන්නෙ එයින් පසුව සුදුසු කම් අනුව සියලු දෙනාම මොනවා හරි වෘත්තියකට පුහුණු කරනවා. ආයුර්වේදිය හා බටහිර වෛද්‍ය විදයාව සම්මිශ්‍රණය කරනවා. අවුරුදු 21 වෙද්දි අවසානයාත් ඉගෙන ඉවර කරනවා.
    භික්ෂු අධ්‍යාපනය පිරිවෙන් වල වෙනම කරනවා ඔවුන්ටත් විදේශභාෂා උගන්වනවා

    • බන්ඩා says:

      නවලෝක මුදලාලි වශ්ව විද්‍යාලෙ නොගිය අති දක්ෂයො මොන තරම් ඉන්නවද? අනුර වගේ විශ්ව විද්‍යාලෙ ගිය රටට වැඩක් නොකල උන් මොන තරම් ඉන්නවද?

  3. Hemantha says:

    මාර වෙන්නේ ජෙප්පෝ විතරද ඉන්නෙ ලංකාවේ උගත් මිනිස්සු අනේ නිකං යන්ඩ ලප කුමාර යන්ඩ

  4. අනුර මහත්තයා මෙිවගේ රටක හොරකම නැතිකරන්න හරි අමාරැයි දෙපැත්තෙන්ම කන රාමුවක් තමයි තියෙන්නේ කොහොම උනත් ඔයාල රාජපකෂ කඩේ හොරැකියලා දුන්නේ කමිබහොරැන්ගේ කඩේකටනේ ඒටික එදා තේරැන්ගන්න බැරිඋන ඔයාගේ අධ්‍යාපන සුදුසුකමි වලිනුත් වඩැක් නැහැනේ එදා විජේ වීර මහතාගේ පක්ෂේත් හොරැහිටියා මතක අතිනේ ලොකු අතුල පොඩි අතුල හොරැ නැතිකරන්න පුලුවන්වන්නේ දියුණ

  5. Siripina says:

    අවලම් පර බල්ලා තෝ දන්නවද , මහින්ද 1964 o/l exam එකෙන් කලා අංශයෙන් කොලඹ දිස්ත්‍රික්කයේ පලවෙනියා.ලන්කාවෙන්ම දෙවනියා කියල.යකෝ වයිරය පිරිමහන්න මිනිස්සුන්ට මඩ ගහන්න එපා.තොගේ ජාතකේ වරද තමයි පෙන්නන්නෙ.රවි වගේ ලෝක හොරු තමයි තොපිට හොද.තෝ වගේ උන් ලෝකෙට බිහි කරපු උන්ටත් හෙන වදින්න ඕන

  6. rosa says:

    me kiyana dewal bohoma wishistai.kriyawedi nam wenas.wewdaahe project eka apita mathakai. uddaye darunu awasthawe ayaweya parajayakara rajaya peralanna hedu heti mathakai unp ha ekwa ratata hanikara wiyavastha sanshodana gena heti mathakai ithin oba gena wishwasa kala hekida

  7. ටිවුලින් says:

    “මහින්ද රාජපක්ෂ මුදල් ඇමති වුනාට උසස්පෙළවත් පාස්ද කියල දන්නේ නැහැ.” ඒක ඇත්ත උබ කියන්නේ නැහැ නේද පුතාණෝ 8 විතරයි පාස් කියල. මේ මටත් අයර්ලන්තේ ගෙයක් තියනවා කැට හොල්ලල ගත්ත කියල කියපන්කො ලපයො.

  8. Chamara says:

    Lapaya meek naa ara weding ekata ලක්ශ 70 හම්බුනේ කොහොමද අහද්දි

  9. mary says:

    siripina – පැහැදිලිමදී 1964 දී මහින්දගේ දෙක ලංකාවේ කියාද, පල වේc යන්න

  10. පුංච් අම්මාට අපමණ අගයක් කාලකන්නියා

Main News