මහියංගන සභාවේ අයවැය 03 වැනි වරටත් පරාදයි.. සභාපති නෙරපන්නැයි නියෝග කෙරේ..

December 31, 2020 at 3:50 pm | lanka C news
මහියංගන සභාවේ අයවැය 03 වැනි වරටත් පරාදයි.. සභාපති නෙරපන්නැයි නියෝග කෙරේ..

මහියංගණ ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අය වැය තෙවන වරටත් පරාජයවීම හේතුවෙන් සභාපතිවරයා තනතුරෙන් ඉවත් කිරීමට ඌව පළාත් ආණ්ඩුකාර වරයා විසින් නියෝගයට අනුව නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීමක් 2020/12/30වැනි පැවැත්වීමට කටයුතු යොදා තිබුණු නමුත් ඌව පළාත්බද මහාධිකරණයෙන් ලද නියෝගයක් මත මෙම ඡන්ද විමසීම අත් හිටුවන ලදී.

ඌව පළාතේ පළාත් පාළන කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සූදානම් කර තිබුණු අතර හිටපු සභාපති කරූ වීරරත්න මහතා විසින් මෙලෙස අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගෙන ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ සභාපති කරූ වීරරත්න මහතා,ඌව පළාතේ ආණ්ඩුකාරවරයා විසින්පළාත් පාළන ආයතන සඳහා රීති කිහිපයක් දාලා ගැසට් නිවේදනයක් නිකුත් කරලා තිබුණා.එම ගැසට් නිවේදනයේ රීතීන් උල්ලංගණය කළා කියලා තමයි මාව තනතුරෙන් පහ කළේ.පළාත් පාළන ආයතන පනතට අනුව නම් මම වරදක් කරලා නැහැ. අයවැය පරාද වුනත් පනතේ කියන්නේ අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ යෝජනා පිළි නොගන්නේ නම් සභාපතිවරයා ඉවත් වෙන්න ඕන කියලයි.පිළි ගන්නේ නම් නැවත සංශෝධන සහිතව අය වැය ඉදිරිපත් කිරීමයි කරන්න ඕනෙ.ආණ්ඩුකාරවරයාගේ මේ අත්තනෝමතික තීන්දුවට එරෙහිව මම ඌව පළාත් බද මහාධිකරණයට අනෙකුත් සභාපතිවරුන්ටත් මේ අසාධාරණයට මුහුණ දෙන්න වෙන නිසයි.කොහොම වුනත් මේක අධිකරණයේ පවතින ක්‍රියාවක් අධිකරණයෙන් දින 14කට යළිත් මගේ සභාපතිධූරය නීත්‍යානුකූල කළා.අපි කව්රුත් අධිකරණයට හිස නමන්න ඕන. මෙහෙම සිදුවීමක් ලංකා ඉතිහාසයේ පළමුවැනි වතාවටයි සිද්ධ වෙන්නේ.දින 14කින් පසුව බලමු අධිකරණයේ තීරණය යැයි පැවසීය.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහියංගණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුදත් බලගල්ල (ජ.වි.පෙ)මහතා.සභාපතිවරයාගේ ක්‍රියා කළාපය අපැහැදිලි නිසා නීතියට අනුව තමයි ඔහු ඉවත් කළේ.සභාපතිවරයාතව දවස් දහ හතරක්නේ සතුටින් හිටියාවේ.ඊට පස්සේ ජනතාවාදී තීන්දුවක් ලැබෙයි.එතකොට සභාපතිවරයා හතරවැන්වරටත් පරාජය වෙනවා.ඒක නිසා සභාපතිතුමා වාර්තා පොතටත් ඇතුළු වෙනවා.යැයි පැවසීය

ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත(රයිනෝ)හිමි, සභපතිවරයා ඉවත් කළේ නීත්‍යනුකූලවයි.ලිඛිත නියෝගයකින් තමයි ඉවත් කළේ.ලජ්ජාව ඉවසන්න බැරි කමට උසාවියට ගිහින් තියෙන්නේ .අපි ඒ තීරණයට හිස නමලා අද මෙතැනින් යනවා.දවස් දහහතරකට පස්සේ බලමුකෝ.

ඌව පළාත් මහාධිකරණයේ නියෝගය මත කරූ වීරරත්න මහත් 30වන දින බටන් දන දහ හතරක් යනතුරු යළිත් මහියංගණ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

– සී.කුමාර / ගිරාඳුරුකෝට්ටේ

15,681 views

2 Comments to “මහියංගන සභාවේ අයවැය 03 වැනි වරටත් පරාදයි.. සභාපති නෙරපන්නැයි නියෝග කෙරේ..”

  1. බන්ඩා says:

    සභාපති උඩින් පාත් කලහම ඔහොම තමය්. මැම්බර්ලා විසින් වැඩි චන්දෙන් සභාපති පත් කර ගත යුතුය්

  2. බන්ඩා says:

    සභාපති උඩින් පාත් කලහම ඔහොම තමය්. මැම්බර්ලා විසින් වැඩි චන්දෙන් සභාපති පත් කර ගත යුතුය්. නැත්නම් ඇමරිකාවෙ වගේ ජනතා චන්දයෙන් කෙලින්ම පත් කර ගත යුතුය්.

Main News