මහීපාල හේරත් ධූරයෙන් ඉවත් කිරීමට යෝජනා කෙරේ..
April 23, 2017 at 3:21 am | lanka C news
සබරගමු පළාත් මහ ඇමති මහීපාල හේරත් මහතා දරන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ රඹුක්කන ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට එම පළාතේම දේශපාලඥයෙකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
කෙසේ වෙතත් එම යෝජනාවට ඇමති ජොන් සෙනෙවිරත්න මහතා දැඩි විරෝධය පල කර ඇත.
මෙම යෝජනාවට එම අවස්ථාවේදී ජනාධිපතිවරයාගේද අනුමැතිය ලැබී නැති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතය.