මහේන්ද්‍රන් හොරෙක් කීම ජාතික අපරාධයක්… බැදුම්කර මගඩියට ඔහු වැරදිකරුවෙක් නොවේ.. කෝප් වාර්තා වැඩක් නෑ..

November 17, 2016 at 10:00 am | lanka C news
මහේන්ද්‍රන් හොරෙක් කීම ජාතික අපරාධයක්… බැදුම්කර මගඩියට ඔහු වැරදිකරුවෙක් නොවේ.. කෝප් වාර්තා වැඩක් නෑ..

මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් චෝදනා ලැබුවෙක් නොවන බව ඇමති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

මහේන්ද්‍රන් වැරදිකරුවෙක් කලේ මාධ්‍ය විසින් බවද කී ඇමති කිරිඇල්ල මාධ්‍යට ඒ ආකාරයට කිසියම් පුද්ගලයෙක් වැරදිකාරයෙකු ලෙස නම් කිරීමට හැකියාවක් නැතැයිද පැවසීය.

යම් කිසිවෙකු මාධ්‍ විසින් වැරදිකරුවෙකු කිරීම ජාතික අපරාධයක් බවත් අදාල සිදුවීම සම්බන්ධයෙන් පරීක්‍සණ පැවැතදේදී කෝප් සාමාජිකයන් විසින් අර්ජුන් මහේන්ද්‍රන් වැරදිකරු යැයි කීම බරපතල වරදක් බවද සදහන් කලේය.

101 views
Main News