මහේන්ද්‍රන් එවන්න උවමනා ලේඛණ සිංගප්පුරුවට යවා නැත්තේ තලතා… ජනපති අණ නොතකා මහේන්ද්‍රන් රකින්නේ කවුද..
March 25, 2019 at 3:50 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අයැවැය විවාදයට එක්වෙමින් මෙම අදහස් පල කලේය.
අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා සිංගප්පූරුවේ සහයෝගය නොලැබෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශ පසු අර්ජුන් මහේන්ද්‍රන් එවීමට හැකියාවක් නොමැති බවත් ශ්‍රී ලංකාවෙන් තවමත් ඔහුව ඉල්ලා නොමැතිවීම ඊට හේතුවී ඇති බවත් සිංගප්පූරුව ආණ්ඩුව විසින් දැනුම් දී තිබෙනවා.
අපට මතකයි ජනාධිපතිතුමන් සිංගප්පූරුවේ අගමැතිතුමන් සමඟ සාකච්ඡා කරලා ඇවිත් ආණ්ඩුවේ අනිකුත් අමාත්‍යවරුන්ට උපදෙස් දුන්නා අදාළ ලිපි ලේඛන යවලා එම ඉල්ලීමේ කටයුතු සිදුකරන ලෙසට. උදර්පණ නීතිය ක්‍රියාත්මක කිරීමේ විෂය භාරව තිබෙන්නේ අධිකරණ අමාත්‍යංශයටයි. එහෙම නම් තලතා අතුකෝරල අධිකරණ අමාත්‍යතුමිය මේක නොකළේ ඇයි. දැන් අපේ අධිකරණ නියෝගයක් තියෙනවා ජාත්‍යන්තර පොලිසිය හරහා අර්ජුන මහේන්ද්‍රන් ව අල්ලා ගැනීමට. අඩුම තරමින් එම නියෝගය වත් සිංගප්පූරු ආණ්ඩුවට ලැබී නොමැති බව තමයි එම ආණ්ඩුව කරන ප්‍රකාශවලින් නම් පෙනෙන්නෙ.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අයැවැය විවාදයට එක්වෙමින් මෙම අදහස් පල කලේය.
අධිකරණ නියෝගයත් රටින් පිටවීම වලක්වා ගෙන සිටියේ කවුද ? මම හිතන්නේ නැහැ අපේ තලතා අතුකෝරල අමාත්‍යතුමියට අර්ජුන ඇලෝසියස් එක්ක ඇයි හොඳයියක් තියෙනවා කියලා. එතුමියට සම්බන්ධයක් නැති උනත් මේ ආණ්ඩුවේ ප්‍රබල තැන්වල අර්ජුන ඇලෝසියස්ගේ අතිජාත මිත්‍රයෝ ඉන්නවා. සිංගප්පූරු ආණ්ඩුවෙන් අදාළ ඉල්ලීම කිරීම සඳහා ජනාධිපතිතුමන් ලබා දුන් උපදෙස ඉටු නොකර සිටීමට තලතා අතුකෝරල අමාත්‍යතුමියට කිසියම් බරපතළ බලපෑමක් සිදුවී තිබිය යුතුයි.
මේක ඉතාම භයානක තත්වයක්. මොකද අර්ජුන් මහේන්ද්‍රන් තරම් මෙරටට අවශ්‍ය පුද්ගලයෙක් තවත් නැහැ. තලතා අතුකෝරල අමාත්‍යතුමිය මේ ගරු සභාවට දැනුම් දිය යුතුයි අර්ජුන් ඇලෝසියස් පිළිබඳ අවශ්‍ය නීතිමය කටයුතු කරලා සිංගප්පූරු ආණ්ඩුවට දැනුම් දීමෙන් එතුමිය වළක්වා ගෙන සිටින්නේ කවුද කියන එක.
– අරවින්ද අතුකෝරල
හොරු රකින ආණ්ඩුව ඉක්මනටම ගෙදර යවමු මන්ත්‍රීතුමනි
තලතාගෙ හැටි කලතා කී ඔබට ස්තුතියි
Ethakota maha banku waarthawa prasidda nokara hou tika aaraksha karagena inne kawuda kiyalath kiyanna lajja saha baya ayi ?
අර්ජුන්
මහේන්ද්‍රන් අල්ලලා කොමද. එතකොට කවුද ජන්දවලට අපට වියදම් කරන්නේ.
මහේන්ද්‍රන් අල්ලලා කොමද. එතකොට කවුද ජන්දවලට අපට වියදම් කරන්නේ. අන්න එහෙමයි හු ඇන් පී කාරයො හිතන්නේ.
රනිල් ලොක්කා අර්ජුන් මහේන්ද්‍රන් ගෙ සල්ලි වලින් ජනපති වෙන්න හීන දකිනකොට අර්ජුනයා අල්ලන්න තලතා වගෙ රනිල් ගෙ එහෙයියො එයිද
This is true. I personally know her. Have worked with her briefly and resigned because she is a crook. Like Madduma Bandara who safeguarded drug loads and supporters she is working behind the scene to take all of us for a ride by safeguarding the bond thieves. She was given the responsibility to release and clear all Unp crooks before the elections.
Thala sweet – Ranawa thala pelanna epa hode
එතකොට ජාලිය ,උදයංග ආදීන් අල්ලන්න බාධා කරන්නේ මෙයා ද ?