මහේන්ද්‍රන් එවන්න උවමනා ලේඛණ සිංගප්පුරුවට යවා නැත්තේ තලතා… ජනපති අණ නොතකා මහේන්ද්‍රන් රකින්නේ කවුද..
March 25, 2019 at 3:50 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අයැවැය විවාදයට එක්වෙමින් මෙම අදහස් පල කලේය.
අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා සිංගප්පූරුවේ සහයෝගය නොලැබෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශ පසු අර්ජුන් මහේන්ද්‍රන් එවීමට හැකියාවක් නොමැති බවත් ශ්‍රී ලංකාවෙන් තවමත් ඔහුව ඉල්ලා නොමැතිවීම ඊට හේතුවී ඇති බවත් සිංගප්පූරුව ආණ්ඩුව විසින් දැනුම් දී තිබෙනවා.
අපට මතකයි ජනාධිපතිතුමන් සිංගප්පූරුවේ අගමැතිතුමන් සමඟ සාකච්ඡා කරලා ඇවිත් ආණ්ඩුවේ අනිකුත් අමාත්‍යවරුන්ට උපදෙස් දුන්නා අදාළ ලිපි ලේඛන යවලා එම ඉල්ලීමේ කටයුතු සිදුකරන ලෙසට. උදර්පණ නීතිය ක්‍රියාත්මක කිරීමේ විෂය භාරව තිබෙන්නේ අධිකරණ අමාත්‍යංශයටයි. එහෙම නම් තලතා අතුකෝරල අධිකරණ අමාත්‍යතුමිය මේක නොකළේ ඇයි. දැන් අපේ අධිකරණ නියෝගයක් තියෙනවා ජාත්‍යන්තර පොලිසිය හරහා අර්ජුන මහේන්ද්‍රන් ව අල්ලා ගැනීමට. අඩුම තරමින් එම නියෝගය වත් සිංගප්පූරු ආණ්ඩුවට ලැබී නොමැති බව තමයි එම ආණ්ඩුව කරන ප්‍රකාශවලින් නම් පෙනෙන්නෙ.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අයැවැය විවාදයට එක්වෙමින් මෙම අදහස් පල කලේය.
අධිකරණ නියෝගයත් රටින් පිටවීම වලක්වා ගෙන සිටියේ කවුද ? මම හිතන්නේ නැහැ අපේ තලතා අතුකෝරල අමාත්‍යතුමියට අර්ජුන ඇලෝසියස් එක්ක ඇයි හොඳයියක් තියෙනවා කියලා. එතුමියට සම්බන්ධයක් නැති උනත් මේ ආණ්ඩුවේ ප්‍රබල තැන්වල අර්ජුන ඇලෝසියස්ගේ අතිජාත මිත්‍රයෝ ඉන්නවා. සිංගප්පූරු ආණ්ඩුවෙන් අදාළ ඉල්ලීම කිරීම සඳහා ජනාධිපතිතුමන් ලබා දුන් උපදෙස ඉටු නොකර සිටීමට තලතා අතුකෝරල අමාත්‍යතුමියට කිසියම් බරපතළ බලපෑමක් සිදුවී තිබිය යුතුයි.
මේක ඉතාම භයානක තත්වයක්. මොකද අර්ජුන් මහේන්ද්‍රන් තරම් මෙරටට අවශ්‍ය පුද්ගලයෙක් තවත් නැහැ. තලතා අතුකෝරල අමාත්‍යතුමිය මේ ගරු සභාවට දැනුම් දිය යුතුයි අර්ජුන් ඇලෝසියස් පිළිබඳ අවශ්‍ය නීතිමය කටයුතු කරලා සිංගප්පූරු ආණ්ඩුවට දැනුම් දීමෙන් එතුමිය වළක්වා ගෙන සිටින්නේ කවුද කියන එක.
– අරවින්ද අතුකෝරල
තලතා රගපාන්නේ කටින් උපාසිකාවක් වගේ හැබැයි වැඩ කරන්නේ දෝන කැතරිනා වගේ
නායක තුමා තැලෙයි කියල බයට තලතා හොරු හංගනවා.
හොරු කරපු පවට බදු ගෙවලා ජනතාව තැලෙනවා.
නායක තුමා තලනවද, ජනතාව තලනවද?
නායක තුමා තැලුවොත් දේශපාලනයෙන් කචල්.
ජනතාව තැලුවොත් කල පාපයට අපායට ටිකට් ෂුවර්.
තලතා තතන්නනේ නැතුව දෙන්න සුදෝ උත්තර.
ඇයි කොලරාවො දන්නේ නෑ.. මේ නියම පත්තිනි අම්මා !!!
බැඳුන්කරෙන් මහබැංකුව හොරා කෑවත් මහබැංකුවෙ සේප්පුව කඩල මංකොල්ල කෑවත් රට වික්කත් අපි රනිල්ට රනිල් අපිට -අපි ලොල්ලෝ. අපි යූඑන්පී
බැඳුන්කරෙන් මහබැංකුව හොරා කෑවත් මහබැංකුවෙ සේප්පුව කඩල මංකොල්ල කෑවත් රට වික්කත් අපි රනිල්ට රනිල් අපිට – ලොල්ලෝ අපිය් අපිය් යූඑන්පී.
බැඳුමිකර ජනාධිපති කොමිෂන් වාර්තාවෙ නිර්දේශවල සඳහන් වෝහාරික විගණනය (Forensic Audit) එක කරන්න කියපිය. කබිරාල් කුදලාගෙන එන්න කියාපිය.
Thalatha also must be implicated in the Bond scam. President can monitor sending relevant documents.
API ranilta ranil apita. Thalatha apita api thalathata.
thala tha duuusithayi labana sere balamu meyath ganak gaththa neda balamu pal hera.
තලතා ට විරුද්ධ ව පියවර ගැනීම ට ජනාධිපති ට කොන්දක් නැද්ද ?
රට විකුණලා හරි අපිට බ්‍රේස්ලට් එකක් ගන්න පුළුවන් නම් ලොකු දෙයක්.
Hodata kuttiya labenna ati e documents eheta noyawanna Oya ganita .mewa api danne oba tuma Nisa ubata jaya