මහ ඇමතිකමත් නැති වූ පේෂල ජයරත්නට තවත් කැපේ.. ජනාධිපතිත් ප‍්‍රතිචාර නෑ..

November 7, 2017 at 9:20 am | lanka C news
මහ ඇමතිකමත් නැති වූ පේෂල ජයරත්නට තවත් කැපේ.. ජනාධිපතිත් ප‍්‍රතිචාර නෑ..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා සහ ඉරිදා (04 – 05) දිනයන්හිදී පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ පැවැති විවෘත කිරීම් ඇතුළු කිසිදු උත්සවයකට උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න මහතාට ආරාධනා කර නොතිබූ බවට වාර්තා වේ.

මහවැලි අමාත්‍යාංශයේ, ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයකු වශයෙන් කටයුතු කරන මහින්ද රත්නතිලක මහතාගේ පොළොන්නරුව නිවසේ පැවැති නිල උත්සවයට පවා පේෂල ජයරත්න මහතාට ආරාධනා නොකිරීම පිළිබඳව මේ වන විට දැඩි කතාබහට ලක්‌ වී ඇත.

පොළොන්නරුව ආසනයේ ප්‍රධාන සංවිධායකවරයාද වන හිටපු ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න මහතාට මෙසේ ආරාධනා නොකිරීම පිටුපස ප්‍රබල දේශපාලන හස්‌තයක්‌ ක්‍රියාත්මක වන බවත්, ඉදිරි දේශපාලන කුමන්ත්‍රණයක්‌ ලෙස මෙය හඳුනාගත හැකි බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් දැනගන්නට ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී (2015 ජනවාරි) මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීම සඳහා ප්‍රබල භූමිකාවක්‌ රඟපෑ පේෂල ජයරත්න මහතාට මෙලෙස කෙනහිලිකම් කිරීම පිටුපස රජරට ප්‍රදේශයේ ආණ්‌ඩු පක්‌ෂය නියෝජනය කරන ප්‍රබලම දේශපාලනඥයකුගේ නමක්‌ කියෑවෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා පේෂල ජයරත්න හිටපු ප්‍රධාන ඇමැතිවරයා සම්බන්ධ කර ගැනීමටදැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ විය.

චමින්ද සිල්වා
– දිවයින

15,094 Viewers

4 Comments to “මහ ඇමතිකමත් නැති වූ පේෂල ජයරත්නට තවත් කැපේ.. ජනාධිපතිත් ප‍්‍රතිචාර නෑ..”

  1. බබා උක්කුන් says:

    දිට්ඨ ධම්ම වේධනිය කම්ම ඔය පටන් ගත්ත විතරයි. හොද හොද සෙල්ලම් තව ඉස්සරහට. බටකොළ ආච්චිට ඉදල දුන්න නම් තව හොදයි.
    JO එක පැත්ත පළාතේ ගන්නවා එහෙම නෙවෙයි.
    මහින්දගේ නමට මුවාවෙලා 2015 දිනලා සිරිසේන ලගට ගිය එවුන් වත්, 2015 සිරිසේන පස්සේ වැටිච්ච එවුන් වත් මොනම හේතුවක් නිසාවත් ආපහු ගන්න බැහැ. එහෙම වුනොත් අපි මහින්දට නැහැ.

  2. asaranaya says:

    තොට ඔහේම උනා මදි කියලා මයිතූනයා කිව්වත් පුදුම වෙන්න ඒපා පේශලයෝ,
    කොන්දක් නැති මයිතුනට නිතර මතක නැතිවෙනවා බන්, ගැත්තාට කමාකරපන් පේශාලයෝ

  3. Manel says:

    If he wants to join Podujana Peramuna let him do that. Then you know how to treat him.

  4. යුක්තිය says:

    තෝ එන්න එපා හතර මායිමේ පරය….!මුන් පොදු ජන පෙරමුනට රිංග ගන්න සිරත් අල්ලං දාන බයිස්කොප් කෑලි ඔය…!

Main News