මහ ඇමතිකමෙන් ඉවත් කරන බව ඉසුර දේවප‍්‍රියට ජනාධිපති දන්වයි..

June 19, 2017 at 9:20 am | lanka C news
මහ ඇමතිකමෙන් ඉවත් කරන බව ඉසුර දේවප‍්‍රියට ජනාධිපති දන්වයි..

කොළඹ හා ඒ ආසන්න නගරවල ගොඩගැසී ඇති කුණු තෙදිනක් ඇතුලත් ඉවත් නොකලහොත් මහ ඇමති ධුරයෙන් ඉවත් කරන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රියට දන්වා ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

ජනාධිපතිවරයා විසින් මහ ඇමතිවරයා ජනාධිපති මන්දිරයට කැදවා මේ බව දන්වා ඇත.

කොළඹ හා ඒ ආසන්න නගරවල කුණු ගොඩ ගැසීම ගැන ජනාධිපතිවරයා විසින් මහ ඇමතිවරයාට දැඩිව දොස් පවරා ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

91 views
Main News