මහ ඇමතිකම නැති වූ පේෂල උතුරු මැද ආණ්ඩුකාරකම ඉල්ලා වැදවැටේ..

September 30, 2017 at 9:20 am | lanka C news
මහ ඇමතිකම නැති වූ පේෂල උතුරු මැද ආණ්ඩුකාරකම ඉල්ලා වැදවැටේ..

තමනට උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධුරය ලබා දෙන්නැයි එම පළාත් මහ ඇමති පේෂල ජයරත්න මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

තමනට පාර්ලිමේන්තු යාමට තිබූ අවස්ථාව අතහැර මහ ඇමති ධුරයට ආවේ පක්‍ෂයෙන් කරනු ලැබූ ඉල්ලීම නිසා යයිද මහ ඇමතිවරයා සදහන් කලත් ජනාධිපතිවරයා අදාල යෝජනාවට එකගතාවය පල කර නැත.

ඊයේ දිනයේදී පළාත් සභාවේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරු 13 දෙනෙකු එම පක්‍ෂය අතහැර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක් විය.

උතුරු මැද පළාත් සභාවේ නිල කාලය හෙට දිනයෙන් අවසන් වන අතර හෙට මධ්‍ය රාත‍්‍රියේ සිට සභාවේ සියළු තනතුරු අහෝසි වී ආණ්ඩුකාරවරයා යටතට බලතල පැවරෙයි.

38 views