මහ ඇමතිගේ අමාත්‍යංශයට වෙන් වූ රුපියල් මිලියන 32ක් අතුරුදහන්..
December 8, 2017 at 8:02 am | lanka C news
උතුරු පළාතේ සමුපකාර කටයුතු නංවාලීම සඳහා උතුරු පළාත් සභාවෙන් 2017 වර්ෂයේ සමුපකාර අමාත්‍යංශය වෙත ලබා දී ඇති රුපියල් මිලියන 32 ක මුදලට කුමක් සිදු වුයේ දැයි උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් මහතා විමසා ඇත.
සභාපතිවරයා මේ බව විමසා ඇත්තේ යාපනයේ පැවති 111වන පලාත් සභා සැසි වාරය අමතමිනි.
උතුරු පළාත් සභාවට ආණ්ඩුකාර අරමුදල යටතේ ලැබුණු රුපියල් මිලියන 144 ක මුදලෙන් මිලියන 32 ක් සමුපකාර සංව්රධන කටයුතු සඳහා වෙන් කොට ඇතත් මේ දක්වා එම මුදලට සිදු වූ දෙයක් කිසිවෙකුත් නොදන්නා බවට සභාපතිවරයා පලාත් සභාව අමතමින් කියා සිටියේය.
මේ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පල වූ අතර උතුරු පළාත් සභාවේ සමුපකාර අමාත්‍යධූරය හිමිව ඇත්තේ ප්‍රධාන අමාත්‍යවරයා යටතට වුවත්, ඔහු ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළේය.
නමුත් අවසානයේදී සභාව කල් තැබීමට මොහොතකට පෙර ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ ලබන සභා වාරයේදී සමුපකාර අමාත්‍යංශයට වැය කරන ලද මුදල් සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන බවටයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ