මහ ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පලාත් ලේකම්වරුන් සමග ජනපති වැඩ අරඹයි.. මධ්‍යම ආණ්ඩුව ගැන විශ්වාසයක් නොතබයි..
January 12, 2019 at 3:26 am | lanka C news
නව වසරේ දී ග්රාමශක්ති වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී මහ ඇමතිවරුන් සිටින පළාත්වල ඔවුන් සමග සාකච්ඡා කර ඉලක්ක සම්පූර්ණ කර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුකාරවරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුනට උපදෙස් දුන්නේය.
මහ ඇමැතිවරුන් නැති පළාත්වල තමන්ගේ කාර්ය ප්‍රධානීන් සමඟ එම කටයුතු සිදු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පලාත් ආණ්ඩුකාරවරුන් හා පළාත් ලේකම්වරැුන් ඇතුළු නිලධාරීන් සමග පැවති සාකච්චාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.
මේ අනුව ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන ‘ග්‍රාම ශක්ති’ වැඩපිළිවෙළ පළාත් ආණ්ඩුකාරවරු සහ පළාත් සභා ය මගින් ක්‍රියාත්මක කරවීමට ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරයක් නිරීක්ෂණය වෙයි.
එනම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් මධ්‍යම ආණ්ඩුව හරහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව පෙනි යයි.
රනිල් වගේ ඉතාම දුර්වල නායකයෙක් ඉන්නකොට ආණ්ඩුකාරවරු හරහා වත් ජනතාවට වැඩක් කල යුතු වෙනවා.
හැබැයි ඉතින් එහෙමයි කියලා, රට කෑලි වලට කඩා පාලනය කරන්න අවශ්‍ය නෑ.
එහෙම කරන්න ගියොත් පාලනයට යන වියදම ජනතාවට ඔරොත්තු දෙන්නේ නෑ. හරියට නිකම් මහා පරිමාණයෙන් ගොවිතැන් කරන එක ලාභ දායකයි. කුඩා කෑලි වලට කඩපු ඉඩම්/කුබුරු වලින් අක්කරයකට යන වියදම සාපේක්ෂව වැඩියි වගේ.
අනික ඔය කෑලි කඩන්නේ ජාතිවාදී පදනම නිසා දේශ සිමා ගැටුම් ඇතිවෙන්න තියන ඉඩකඩ ඉතාම වැඩියි.
2015 දී වැඩේ කරනකොට අපි දැනගෙන හිටියා ඕක වෙනවා කියලා , දැන් වැඩේ සීරියස්, අන්තිම සටන තියෙන්නේ !!. ඕකුන් පරම්පරා පලිගැනීමක් ඔය රටෙන් ගන්නේ !!, පන එපා කියලා ගේම දෙන්න !!!.
මොන කෙංගෙඩිය කරන්නත් තව තියෙන්නෙ මාස 11 යි. අළුතින් පත්උන ආණ්ඩුකාරයින්ට පලාත්වල හතර මායිමි බලාගන්නත් ඒ කාලය මදිවෙයි.