මහ ඇමති ඉසුර දේවප්‍රිය කුණුවලින් විදුලිය හදන්න ආ කැනඩා සමාගමෙන් කෝටි 45ක් අල්ලස් ඉල්ලලා.. සමාගම යන්න යයි..
April 19, 2017 at 11:20 am | lanka C news
මෙරට කැලිකසල ප්‍රශ්ණය නිමා කිරීමටත් එමගින් මෙරටට විදුලි බලය මෙන්ම විදේශ විනිමය උපයන ව්‍යාපෘතියක් සැලසුම්ක කර ව්‍යාපාතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ කැනේඩියානු සමාගමකින් බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා ඩොලර් මිලියන තුනක් හෙවත් රුපියල් කෝටි 45ක මුදලක් අල්ලස් ඉල්ලූ බවට එජාප හිතවාදී වෙබ් අඩවියක් චෝදනා කරයි.
මහ ඇමතිවරයාගේ බිරිද අදාල සමාගමට කතා කර මෙම අල්ලසු මුදල ඉල්ලා ඇති බවත් කැනෙඩියානු නීතිය අනුව අල්ලස් දීම සිර දඬුවම් ලැබෙන වරදක් බව දන්වමින් අදාල සමාගම එම මුදල දීම ප්රතික්ෂෙප කර ඇතැයිද එහි සදහන්ය.
අනතුරුව එම සමාගමද ව්‍යාපෘතිය අතහැර යන්නට ගිය බව දැක්වෙන වාර්තාව මෙතනින්