මහ ඇමති රාජපක්ෂ පට්ට ගසයි…..

August 30, 2017 at 1:20 pm | lanka C news
මහ ඇමති රාජපක්ෂ පට්ට ගසයි…..

පසුගිය වකවානුවේ විජේදාස රාජපක්ෂ මැතිතුමා ආණ්ඩු පක්ෂයේ ඉන්න කොට විශේෂයෙන්ම විරුද්ධ පක්ෂයේ උදවිය එතුමටත් එක්ක ආණ්ඩුවට හොරුන්, දුෂිතයින් වංචනිකයින් කියමින් පහර ගැහුවා. ඒ විජේදාස රාජපක්ෂ මැතිතුමාටත් එක්කයි. හැබැයි කුමන හේතුවක් නිසා එතුමා ආණ්ඩුවට විරුද්දව යම් මතයක් දරනකොට සොරෙක්, දුෂිතයෙක් කියපු කෙනා දේශපේ‍්‍රමියෙක්, දේශහිතෛයිශියෙක්, කොන්ද කෙළින් තියාගෙන තමන්ගේ හෘද සාක්ෂියට අනුව වැඩ කරන්න පුළුවන් කියන කෙනෙක් හැටියට විශේෂන දෙනවා. එකරැයකින් හොරා දුෂිතයා දේශපේ‍්‍රමියා, ප‍්‍රගිතශීලියා බවට පත්වෙනවා යැයි දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

ඒ නිසා මම අහනවා විරුද්ධ පක්ෂයේ අයගෙන් එදා විජයදාස රාජපක්ෂ මහත්මයා ඒ වගේ දේශප්‍රේමීන් මේ ආණ්ඩුව තුළ ඉන්නවාද කියලා. නැත්නම් ආණ්ඩුවට විරුද්දව අදහස් දක්වන විටද ඒ අය ඒ විශේෂණවලින් හඳුන්වන්නේ කියන එක. අපි දැන ගන්න කැමැතියි.

විජදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් නිසා එතුමාගේ ප‍්‍රශ්නය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපට එතරම් අවධානයක් යොමු කළ යුතු කාරණයක් ලෙස මා දකින්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ නිර්දේශයක් මත එතුමා අතිගරු ජනාධිපතිතුමා විසින් අමාත්‍යධූරයකට පත් කළා. එතුමා පිළිබඳ ඇතිවූ ගැටළුකාරී තත්ත්වයකදී එජාපය යම් තීන්දුවක් අරගෙන ඒ අනුව තමයි කටයුතු කි‍්‍රයාත්මක වෙලා තියෙන්නේ.

අපේ රටේ හෝරු අල්ලීම හෝ කුමන හෝ කාරණයක් සිදුවන්නේ සම්මත නීත්‍යානුකූල අධිකරණ කි‍්‍රයාවලියක් තුළ. අපේ රටේ ඉඩම් නඩුවක් දැම්මත් තීන්දුව ලැබෙන්න කල් යනවා. දුෂණ නඩුවක්, මිනීමැරුම් නඩුවක් අදාළ දඬවම් ලැබෙන්නේ සෑහෙන කාලයකට පසුව. ඒ නිසා සම්මත විදියට රටේ නීතිය කි‍්‍රයාත්මක වෙනවා. ඒ සඳහා අනවශ්‍ය බලපෑම් කරන්න අප කිසිවිටක සූදානම් නෑ.

පළාත් පාලන මැතිවරණයට අදාළව සුදුසු අපේක්ෂකයින් තෝරා ගැනීම බොහෝ දුරට අවසන් කර තිබෙනවා. ඉදිරියේ දි තියෙන්නේ පළාත් සභා මැතිවරණයද පළාත් පාලන මැතිවරණයද , ඒ එන ඕනෑම මැතිවරණයකට සාර්ථකව මුහුණදීමටත්, ජයග‍්‍රහණය කිරීමටත්, අවශ්‍ය කටයුතු මේ වන විට අප කරමින් සිටිනවා. ඒ පිළිබඳව දැඩි ආත්ම විශ්වාසයක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට තියෙනවා. යැයි ද මහ ඇමතිවරයා පැවසීය.

– සුනෙත් ගාල්ලගේ

10 views

3 Comments to “මහ ඇමති රාජපක්ෂ පට්ට ගසයි…..”

  1. daham says:

    me mona booruwekada? yana gee koyonawa. umbe desapaalane ivarayi.

  2. Deviyo says:

    Eka hariyatama hari novennan, eka rayen nevi raya elivenna issaravela mahaa pragathiseeliyek mahaa desaddrohiyek vela neda kiyala balaganna kannadiyak issarahata giyanam hari agei neda?

  3. Nimal Perera says:

    Muta mole koloppn.
    Pissu kiyawanne nathuwa
    Danma mullariyawe kamara yak wen karaganna
    Thawa godak anna enna wa

Main News