මහ ඇමති විසින් ආණ්ඩුකාර නිලූකා නොමග යවා මන්ත්‍රීවරුන් රුසියාවට යවයි..
September 28, 2016 at 12:00 pm | lanka C news
මධ්‍යම පලාත් සභාවේ මහ ඇමති සරත් ඒකනායක පලාත් සභාවේ උග්‍ර මුල්‍යමය අර්බුදයකට මුහුණ දී ඇති අවස්ථාවක පලාත් සභාවේ මුදල් භාවිතා කරමින් පලාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු 56 දෙනකු සහ නිලධාරින් 14 දෙනෙකු රුසියාවට යෑවීමට ගත් තීරණය ජනාධිපති විසින් දෙන ලද මාර්ගෝපදේශ උල්ලංඝනය කිරිමක් මෙන්ම මේ සඳහා ජනාධිපතිවරගේ ලිඛ්ත අනුමැතිය තොරව තමාද නොමග යවමින් මහ ඇමතිවරයා විසින් සිදු කරන ලද්දක් බවත්, මේ සම්බන්ධයෙන් තමා විසින් වහාම ජනාධිපතිවරයා දැනුවත් කිරීම තුලින් මෙම විදේශ සoචාරය අත්හිටුවීමට හැකි වූ බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක පවසයි.
කෙසේ වෙතත් තමා විසින් මේ සම්බන්ධයෙන් ජනාධිපති දැනුවත් කොට මෙම විදේශ සoචාරය අවලංගු කරන අවස්ථාව වන විටත් මහ ඇමතිවරයා නිසි අනුමැතිය නොගෙන පලාත් සභාවේ මන්ත්‍රීවරුන් 26 දෙනෙකු රුසියාව බලා පිටත් වීමට ගුවන් තොටුපොළ වෙත යවා තිබු බැවින් ජනාධිපති එකඟතාව මත ඔහුන්ට රුසියාව බලා යෑමට ඉඩ දුන් බවත් වුවත් ඉතිරි කොටස විදේශ සoචාරය කිරිම අවලංගු කිරීමට හැකි වූ බවත් මේ සම්බන්ධයෙන් මහ ඇමතිවරයා නිසි අනුමැතියන් තොරව මෙම රුසියානු සoචාරය සoවිධානය කිරීම ගැන වහාම පරික්ෂණයක් පැවත්වීමට පලාත් සභාවේ ප්‍රධාන ලේකම්ට උපදෙස් දුන් බවත් වාර්තා වෙයි.
කොහෙන්ද හිනාවෙන්නේ කියලයි මටනම් තේරෙන්නේ නැත්තේ … ඕන උන් ටික …හිතවත් උන් ටික යවල දැන් හදනවා ඇඟ බේරගන්ඩ.. රවට්ටන්ද ..ජනාධිපතිත් නිකන් ගෙදර සල්ලි වගේ වියදම් කරන්නේ … ..අනේ පවුනේ ගුවන් තොටුපොළටත් ආවනේ පව්නේ ..ඒ ටික යවමු කියල…..ඉඳපල්ලකෝ චන්දයක් එනකල් …..ගමේ මරණාධාර සමිත්ගියේ සභාපතිටත් මිට වඩා වගවීමක් තියෙනවා උන්ගේ මුදල් ගැන …තුහ් නොදකිං රටකට ගිය කල
සරත්, ඔබට සතුටුයිද දැන්
නැව ගිලුනත් බෑන් චුන් යමපාලනය
නැව ගිලුනත් බෑන් චුන්
රටක ජනාධිපති වරයෙකුගේ කාර්ය්ය භාරය හරි හැටි නොදන්නා, රටක ජනාධිපතිවරයෙකුගේ වගකීම කුමක් දැයි නොදන්නා , එම නිලයේ කිසිම වටිනා කමක් නොදන්නා පුද්ගලයෙකු එම තනතුරට පත් වූ විට,පත් කල විට මෙවන් විකටයෙකු නිර්මානය වීම බොහොම සරළ සිදු වීමක්.. 62 ලක්ෂයකගේ ජනතා මතය
කමක් නෑ මහින්ද ගෙදර යැව්වනෙ. ඒ ඇතිනෙ. ඔබට සතුටුයිද දැන් …
ඇයි ජනාධිපති 67 ක් අරන් ඇමරිකාවට ගියේ එක්සත් ජාතීන්ගේ සoවිධාන රැස්වීමට ගියේ නික්න මන්ත්‍රීවරුත් අරන් ගියේ, ධර්මසිරි බණ්ඩාරනායකත් ගෙනිච්චේ එවා එතකොට හරිද .
සරත්/ නනදිමිත්‍ර ඒකනායකලාට දැන් සතටුද..
තමන්ගේ සුවච කීකරැ මිනිහෙක් ආණ්ඩුකාරයෙක් කරගත්ට…
මේවගේ කියන්නෙ මුගේ අරක්කු මූටම ගහනව කියල…..