මහ ඇමැතිගේ ආරක්‍ෂක රිය යතුරු පැදියක් හප්පාගෙන යයි.. රෝහල්ගත කරයි..

September 12, 2018 at 12:40 pm | lanka C news
මහ ඇමැතිගේ ආරක්‍ෂක රිය යතුරු පැදියක් හප්පාගෙන යයි.. රෝහල්ගත කරයි..

මධ්‍යම පලාත් මහා අමාත්‍ය සරත් එ්කනායක මහතාගේ ආරක්ෂකයින් ගමන් ගත් පරිවාර ජිප් රථයක් සහ යතුරු පැදියක් ගැටිමෙන් යතුරුපැදි කරු තුවාල ලබා දඹුල්ල රොහලට ඇතුලත් කොට ඇත.

ජීප් රථයේ රියදුරා අත්වඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිලිබදව දඹුල්ල පොලිසිය පරික්ෂණ සිදුකරයි.

මෙසේ අතුරට ලක්ව අත්තේ දඹුල්ල කපුවත්ත ප්‍රදේශයේ පදිංචි නාලක බණ්ඩාර නැමැති 36 හැවිරිදි පුද්ගලයකුය.

දඹුල්ල පල්ලේපොල ගලේවෙල හා දඹුල්ල හි පැවැති විවෘත කිරිමේ උත්සව හා පිලිගැනිමි උත්සව කිපයකට සම්බන්ධ වීමට පැමිණ ආපසු යමින් සිටියදි දඹුල්ල මහනුවර ප්‍රධාන මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත.

10 views

One Comment to “මහ ඇමැතිගේ ආරක්‍ෂක රිය යතුරු පැදියක් හප්පාගෙන යයි.. රෝහල්ගත කරයි..”

  1. Ratawesiya says:

    Aathak paathak nathiwa hitapu ewun mahajana chandayen maha amathiyala wela unta pariwaara waahana deela happagannwata janathaawata wenna ona ohoma thamai.

Main News