මහ කන්නයට කාබනික පොහොර බෙදා හැරීම අද සිට ඇරඹේ…

October 13, 2021 at 2:06 am | lanka C news
මහ කන්නයට කාබනික පොහොර බෙදා හැරීම අද සිට ඇරඹේ…

මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙල අද (13) ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 11 පැවැති රැස්වීමකදී තීරණය කෙරිණ.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සමඟ ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස්වරු දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරු හා දිස්ත්‍රික් පොහොර නිලධාරින් ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා රාජ්‍ය අමාත්‍යාංශයේ ඉහළපෙළේ නිලධාරින් පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වී සිටියහ.

අම්පාර දිස්ත්‍රික්කයෙන් පොහොර බෙදා හැරීම ආරම්භ කීරිමට ද සෙසු දිස්ත්‍රික්කවලට ඊට සමගාමීව පොහොර බෙදා හැරීමට ද මෙම රැස්වීමේදී තීරණය කෙරිණ.

අම්පාර,අනුරාධපුරය,පොළොන්නරුව,මොණරාගල,ත්‍රිකුණාමලය,මඩකලපුව,කුරුණෑගල,හම්බන්තොට, හා පුත්තලම යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික් සඳහා කාබනික පොහොර බෙදා හැරීමේ ප්‍රමුඛතාව ලබා දීමට ද මෙහිදී එකඟතාවක් ඇති විය.

දැනටමත් තමන්ට අවශ්‍ය පොහොර නිෂ්පාදනය සඳහා රජයෙන් ලබා දෙන ආධාර මුදල් ලබා ගෙන ඇති ගොවීන් හැර සෙසු ගොවීන්ට අවශ්‍ය කාබනික ඝන පොහොර ඒ ඒ ප්‍රදේශවල ගොවිජන මධ්‍යස්ථානවලින් ලබා ගැනීමට හැකි වන පරිදි සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකටම කාබනික ඝන පොහොර ප්‍රවාහනය කර ගැනිමටත් ඊට අමතරව ජෛව දියර පොහොර හා කාබනික නයිට්‍රජන් සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකින්ම ගොවීන්ට ලබා හැකි වන පරිදි ගබඩා කර තැබිය යුතු බවට ද මෙම රැස්වීමේදී තීරණය කෙරිණ.

– ජයසූරිය උඩුකුඹුර

7,871 views

3 Comments to “මහ කන්නයට කාබනික පොහොර බෙදා හැරීම අද සිට ඇරඹේ…”

  1. Kalu Albot says:

    Kiripiti wenuwata Cheena Goo pohora waawichchi koranna!

  2. පැන්ඩෝරා පේපර්ස් says:

    මහින්දානන්ද පුලුවන්නං ගමේ ගොවියට ගිහින් පොහොර ටික බෙදලා වරෙන් පොලු පාරක් නොකා. තොල් කබරයා දන්නේ හොරකං කරන්න විතරයි , වෙන කිසි මගුලක් දන්නෑ , ඔකා දන්න කෘශිකාර්මාන්තයක් නැ , අටපාස් උගතා දන්නේ කටිං බතල හිටවන්න විතරයි .ක්‍රෑහ් තුහ් , රටේ කරුමෙට ඉපදුනු කල්ලතෝනී.

  3. saman says:

    මහින්දානන්ද පුලුවන්නං ගමේ ගොවියට ගිහින් පොහොර ටික බෙදලා වරෙන් පොලු පාරක් නොකා. තොල් කබරයා දන්නේ හොරකං කරන්න විතරයි , වෙන කිසි මගුලක් දන්නෑ , ඔකා දන්න කෘශිකාර්මාන්තයක් නැ , අටපාස් උගතා දන්නේ කටිං බතල හිටවන්න විතරයි .ක්‍රෑහ් තුහ් , රටේ කරුමෙට ඉපදුනු කල්ලතෝනී.

Leave a Comment

Main News