මහ කන්නයේදී වගා පෙරලියක්.. කාබනික ආහාර නිෂ්පාදන 30% පනී..

September 9, 2020 at 5:30 pm | lanka C news
මහ කන්නයේදී වගා පෙරලියක්.. කාබනික ආහාර නිෂ්පාදන 30% පනී..

මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

රජය, ඉදිරි මහ කන්නයේදී මෙරට කෘෂි ඉතිහාසයේ වගා පෙරළියක් අපේක්ෂා කරයි. අත්හැර දමා තිබූ ඉඩම් ඇතුළුව විශාල භූමි ප්‍රදේශයක දශක ගණනාවකට පසු වී ඇතුළු බෝග රැසක් වගා කිරීමට ගොවීහු මහත් උනන්දුවෙන් සුදානම්ව සිටිති.

මේ වසරේ ආනයනය කළ පොහොර සඳහා නිසි පරිදි ගෙවීම් කර තිබේ. වතුවලට හා ගොවියාට අවශ්‍ය පොහොර නියමිත ප්‍රමාණයට, කලට වේලාවට සහ ඉහළ ප්‍රමිතියකින් සපයා දිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

පොහාර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

වගා සංග්‍රාමයකට අවශ්‍ය සහය දීමට රජය සැලසුම් කර ඇතැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා කීය. බාධාවකින් තොරව පොහොර අවශ්‍යතාව සැපයීමට රජයේ සහ පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ට පසුබිම සකසා ඇතැයි ද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ආනයනයට සීමා නොවී දේශීය පොහොර අවශ්‍යතාව රට තුළම නිෂ්පාදනය කළයුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඇතුළු විශ්ව විද්‍යාල කිහිපයක් පර්යේෂණ සිදු කර ඇති බැවින් ප්‍රධාන පොහොර වර්ග කිහිපයක් ඉදිරි තෙවසර තුළ දේශීය වෙළෙඳපොළට සැපයීමට හැකියාව ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

එප්පාවල පෝස්පේට් නිදිය ආශ්‍රිතව Single superphosphate රටට අවශ්‍ය ප්‍රමාණය නිපදවීමේ හැකියාව ඇතැයි පර්යේෂණවලින් නිගමනය කර තිබේ. නැනෝ තාක්ෂණය භාවිතයෙන් නව පොහොර නිෂ්පාදනය පිළිබඳව පර්යේෂණ කෙරෙමින් පවතී.

පොහොර නිෂ්පාදනය කඩිනමින් අරඹන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. අවශ්‍ය ආයෝජනය කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සැපයේ.

පසුගිය යල කන්නයේ දී හෙක්ටයාර 25,000කට කාබනික පොහොර භාවිත කෙරිණ. ඉන් අපේක්ෂිත අස්වැන්න 30% ඉක්මවා ගිය බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහූ සඳහන් කළහ. මහ කන්නයේ සමස්ත වගාබිම් ප්‍රමාණයෙන් 25%කට කාබනික පොහොර යොදාගැනීමේ හැකියාව වහාම සොයා බැලීමට ද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ. එමගින් රසානික පොහොර භාවිතය මේ වසරේදීම 25%කින් පහත හෙළීමට අපේක්ෂා කෙරේ.

කාබනික පොහොර භාවිතයෙන් ලැබෙන අස්වැන්න සහ සෙසු ප්‍රතිලාභ පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සැකසිමට ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

රසායනික පොහොර මගින් ජලයට හා භූමියට වන හානිය වැළැක්වීමත්, වකුගඩු රෝගයෙන් සහ සෙසු රෝගවලින් ජනතාව මුදා ගැනීමත්, පාරිසරික සමතුලිතතාවය රැක ගැනීමත් “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සහතික වී තිබේ

රසායනික පොහොර සහ කාබනික පොහොර 70% සහ 30% ප්‍රතිශතයට යොදා ගැනීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පැවසීය.

එළවළු ගොවින්ගෙන් ඝෘජුව මිලදී ගෙන එළවළු වර්ග 06කින් යුත් මල්ලක් රුපියල් 350ක මුදලකට කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 10ක අද සාර්ථකව අළෙවි කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඉදිරියේදී ගොවියාත්, පාරිභෝගිකයාත් රැක ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ රේඛීය අමාත්‍යාංශ සමග එක්ව ඝෘජුව පාරිභෝගිකයා වෙත සැපයීම අඛන්ඩව කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීහූ, පොහොර සමාගම් නියෝජිතයෝ සහ වගාකරුවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

20,181 views

7 Comments to “මහ කන්නයේදී වගා පෙරලියක්.. කාබනික ආහාර නිෂ්පාදන 30% පනී..”

  1. Ayatollah says:

    This policy is wrong. The Rice varieties and perhaps the vegetables bred in Sri Lanka is based primarily on correct concentration of NPK fertilizers in order to obtain high productivity. If the authorities reduce the chemical fertilizer % the yield will also go down simultaneously and just wait for the outcome

    • වයි දිස් කොලවෙරි says:

      ඒකට විසදුම තවත් රසායනික පොහොර ගහන එක නොවේ. නියම විසදුම කාබනික පොහොර උරාගෙන සරුවට වැඩෙන බෝග ප්‍රබේධ හදුන්වා දීම.

    • 2015 මීහරකා says:

      හම්මෝ අයතොල්ලා දන්න තරමක්!
      නිකම්වත් ඔළුව හොල්ලන්න එපා. ඔය ගානට තැන්පත් කරපුවා අවුල් වේවි.
      🐮

  2. dev says:

    lot of work doing this gov
    JVP & UNP choka malli gana witarai ka gahanne.

  3. Ranjan says:

    CAUTION – There will be a shortage of Urea fertilizer in the country.by end SEPT/OCT during Maha. There will be a crop failure as without NPK chemical fertilizer tge size of a carrot or any other agri product will be the size of a `HUNA`. Govt. should take action against foreign suppliers who does not fulfill the contracts for timely supply. Loss of crop for not havinf fertilizer to farmerss ahould be recovered from the failed suppliers.

    • Ranjan says:

      This is probably the same guy who wrote the very 1st comment above as Ayatollah.

      This guy loves chemical fertiliser and probably the money oozing out of it.

      Make no mistake he is connected to the mafia that is involved in importing chemical fertiliser and is making big money out of it.

  4. Ravana parapura says:

    රජය මේ සම්බන්දයෙන් කන්දේගම මහතාගෙන් උපදෙස් ගැනීම වටිනවා

Main News