මහ කන්නයේ වී වගාවට සම්පූර්ණ යූරියා ලෝක බැංකුවෙන්..

June 8, 2022 at 8:02 am | lanka C news
මහ කන්නයේ වී වගාවට සම්පූර්ණ යූරියා ලෝක බැංකුවෙන්..

2022 මහ කන්නයේ වී වගාව සදහා අවශ්‍ය සම්පූර්ණ යූරියා පොහොර ලබාදීම සඳහා ලෝක බැංකුව විසින් ඇමරිකන් ඩොලර් මිලියන 105ක මුදලක් ලබාදීමට එකඟත්වය පළ කරන ලද බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ‘එක්ව වවමු – රට දිනවමු’ වගා සංග්‍රාම වැඩපිළිවෙල හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීම සඳහා සියලුම කෘෂි පර්යේෂණ නිලධාරීන් සහ කෘෂිකර්ම බලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. එහිදී කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා –

අපේ රටට ආහාර අහේනි කාලයක් එන බව මම ප්‍රකාශ කළේ, 2021 වසරේ අවසාන කාර්තුවේදී. සාගතයට මුහුණ දීම සඳහා වහාම වගා සංග්‍රාම වැඩසටහනක් ආරම්භ කළ යුතු යැයි එවකට මම පරිසර ඇමතිවරයා වශයෙන් වුවත්, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් පවා ඉදිරිපත් කළා.

ජනාධිපතිතුමා අමාත්‍යාංශ 17ක ඇමතිවරුන්ගෙන් යුත් කමිටුවක් පවා ඒ සඳහා පත් කළා. මම එදා කියපු සාගත තත්ත්වයට නුදුරු අනාගතයේදී අපේ රටට මුහුණ දීමට සිදුවන බව හැම අංශයකින්ම කියනවා. ඒ නිසා අපි කෘෂිකර්ම අමාත්‍යාංශය වශයෙන් දිවයින පුරා වග්‍රා සංග්‍රාම වැඩසටහනක් ආරම්භ කරනවා. වගා නොකරන ලද සියලුම ඉඩම් වගා කිරීම සඳහා ගොවීන් පෙළඹවීමට අපි කටයුතු කරනවා.

අපේ රටේ කිසිම අවුරුද්දක ජනවාරි මාසයේ සිට මෙරටට සහල් ආනයනය කර නැහැ. බොහෝ අවස්ථාවල සහල් ආනයනය කර තිබෙන්නේ අවුරුද්දේ අන්තිම කාර්තුවේදියි. නමුත් පළමු වතාවට 2022 ජනවාරි මාසයේ සිටම සහල් පිටරටින් ආනයනය කර තිබෙනවා. 2022 ජනවාරි මාසයේ සිට මැයි මාසයේ 15 දින දක්වා මෙරටට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 338,737ක්. ඒ සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 92ක් නැතහොත් රුපියල් මිලියන 34,392ක් වැය කර තිබෙනවා. මෙම සහල් ප්‍රමාණයෙන් 97%ක්ම ආනයනය කර තිබෙන්නේ ඉන්දියාවෙන්. අපේ රටේ ගොවි ජනතාවට පොහොර ලබාදිම සඳහා වැය වෙන්නේ , ඩොලර් මිලියන 105ක්.

නමුත් සහල් ආනයනය සඳහා මාස 06කට ඩොලර් මිලියන 95ක් වැයකළාක් මෙන් මෙන් ඊළඟ මාස 06ටත් එවැනිම මුදලක් වැය කිරීමට සිදුවෙනවා. ඒ කියන්නේ අඩුම තරමේ ඩොලර් මිලියන 200ක්වත් අපට සහල් ආනයනය සඳහා අවශ්‍ය වෙනවා. එම මුදල යූරියා, MOP, TSP, SSP වැනි සියලුම පොහොර වර්ග ආනයනය සඳහා ප්‍රමාණවත්. අපේ රටේ ඉදිරි කාලය සඳහා මහජනතාවගේ පරිභෝජනයට තවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08කවත් අවශ්‍යතාවයක් තිබෙනවා. යල කන්නයේ අස්වැන්න 100%ක් නොලැබුණත්, අඩුම තරමේ 50% ඉක්මවු අස්වැන්නක් ලබා ගැනීම සඳහා අපි ඉලක්ක කළ යුතුයි.

ඒ වගේම ඉන්දියාවෙන් ලැබෙන යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් අපට ලැබුණු පසු යල කන්නයේ ඇතැම් කුඹුරු සඳහා ලබාදීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම බෝග වර්ග 13ක් අපි වගා කිරීම සඳහා හඳුන්වා දී තිබෙනවා.

ආහාර අර්බුදයට මුහුණ දිමට ඇති එකම විසඳුම සෑම ගෙවත්තකම කුමන හෝ ආහාර බෝගයක් වගා කිරීමයි. ඒ සඳහා රටේ සියලු ජනතාවගෙන් මම ඉල්ලා සිටින්නේ, අපට අවශ්‍ය ආහාර බෝග අපිම වගා කරන්න කටයුතු කරන ලෙසයි. එසේ නොවුණහොත් සල්ලි තිබුණත්, ලෝක වෙළඳපොලේ ආහාර මිලදී ගැනීමේ හැකියාවක් අපට නැහැ. ලොවපුරා රටවල්වල ආහාර අර්බුදයක් මතු වී තිබෙනවා.

ලෝකයේ බොහෝ රටවල් තමන් නිෂ්පාදනය කරන ආහාර බෝග වෙනත් රටවලට ලබාදෙන්නේ නැහැ. ඒ නිසා කුමක් හෝ බෝගයක් අපේම ගෙවතුවල වගා කිරීම රටේ ආර්ථිකයට හිතකර බව පවසනවා. මේ සඳහා ඔබ සියලුදෙනාගේ දායකත්වය අපි කෘෂිකර්ම අමාත්‍යාංශය වශයෙන් අපේක්ෂා කරනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මාධ්‍ය ඒකකය
කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය

42,840 views

14 Comments to “මහ කන්නයේ වී වගාවට සම්පූර්ණ යූරියා ලෝක බැංකුවෙන්..”

  1. SL says:

    Go for Nano urea which was developed and patented here in SL and then sold to India , it has proven track records.
    we develop lots of fertilizers but the higher authorities and top decision makers on CIC or multinational company paroles do not let these developments to be implemented

    Scientists in Agri Department are doing lots of researches and many are successful ,but typical Sri Lankan top levels are jealousy of their subordinates or under CIC payroll

  2. 3% නැති මෝඩ ජෙප්පා says:

    අනුර කුමාර ගූජෙප්පා රටෙන් සමාව ගතයුතුයි. රටට කෙලවෙනවානමි අමිමත් විකුනයි මුු. කොවිඩි කාලේ වෘ තිය සමිති බල්ලෝ උසිගන්වලා රට කුලප්පුකරලා වැහුවා. ආර්තිකය කඩා වැටුනා. ඊට පස්සේ ගොවියෝ ගුරැවරැ පාරට බැස්සුවා. ඊටත් පස්සේ අරගල මුවාවෙන් රටට ගිනිතියලා මංකොල්ල කෑවා මිනිමැරැවා. කවිද මිතුරනි සැබැම සතුරා?

    • sam says:

      Much happy to see more of these kinds of comments, as I don’t have to worry about the country much. You people deserve Mahinda, Gota, Namal and thereafter his baby. I am glad to leave the country for you people.
      Sorry for the rest of the people who would think differently.

      • eranga says:

        බනින මිනිස්සු ඉන්නවා….ඒ ඉතින් කොදුනාරටිය….පන නැති උන්….පිටරටවල් වල ඉන්න උන් දේශපාලනය කරනවා රට ගැන හිතෙන්නෙ නෑ…..ඒරටවල්වල මොනාහරි වෙනකොට ලන්කාවට ගෙන්න ගන්න කියලා කෑගහනවා….එතකොට එකෙක් දිහා බලන්න හොදනෑ….. ….මිනිස්සු ගෑස් විදුලිය බෙහෙත් ආහාර නැතුව මැරුනත් පිටරට ඉන්න ගෙරි සින්හලයෝ….දේශපාලනය කර කර ඉදී…..ඒක තමා සින්හලයගේ තියෙන කුහකකම..

    • Lalla says:

      අනාගත්ත රජ සහ කේවට්ට ඇමති මණ්ඩලය සමඟ උන්ගේ අසූචි ලෙවකන්නන්.

  3. Lalla says:

    තමනුත් සාමාජිකත්වය දැරූ අනාගත්ත රජතුමාගේ කැබිනට්ටුව මේ අපරාධයේ වගකීම භාර ගත යුතුය. ඒ කිසිම කෙනෙකුට තමනුත් ඇතුලුව නැවත ඇමතිකම් දැරීමට සදාචාරාත්මක අයිතිය නෑ.

  4. ලෝකයම රත්වීමට හේතු වියහැක says:

    ලංකාවේ මිනිස්සු රත්වෙලා ඉන්නකොට එය මුළු ලෝකයම රත්වීමට හේතු වියහැක

  5. Sakala says:

    කම්මැලියො ඉන්න සරු භූමියක්! නිරෝගිමත් ජනතාවක් මතු දකින්නට ලැබේවා! අපේ ශරීරයට ගුණ හැමදෙයක්ම අතහැරලා පිටරටින් එන දේවල්වලට ඇබ්බැහිවුනා!
    අද කොහොමද ආයෙම සියරටදේ සිරිසැපදේ තමයි! අපි ඔක්කොම වගා සංග්‍රාමය පටන්ගතයුතුයි!අපේ අය කවදාවත් කන්න නැතුවනම් මැරෙන්නෙ නැහැ කම්මැලිකම අතහැරියොත් එකමුතුවුනොත් අපි දිනුම්! කුහකයන් ඕනදෙයක් කියපුදෙන්! අපේ උතුම් රට දිනවන

  6. RANGA says:

    අපේ ගමෙත් ඉන්නවා කියනවා . කෘෂිකර්ම නිළධාරියෙක් ඒත් මම තම දැකල නැහැ . ගමේ එක තැනකට වත් එනවා. රට මේ තත්වෙට ඇදලා දැම්මේ දෙසපාලකයෝ විතරක් නෙමේ. මෙන්න මේ වගේ වැඩක් නොකර නිකන් ඉදන් පඩි ගත්ත. රජයේ නිලධාරීනුත් මේකට වග කියන්න ඕනේ .

  7. janaka says:

    නිකන් නෙවෙයි හේතු ඇතුවයි කාබනික වගාවට හොදයි කියන්නෙ. 100% කාබනික එලවලු පලතුරු එක්ස්පෝට් කරනව කැනඩාවට ලංකාවෙන් දැනටත් ( ඇත්තටම කාබනික නොකර කැනඩාව වගේ රටක් එක්ක එහෙම ව්‍යාපාරයක් කරන් යන්න බෑ)කාබනික වගාව තමයි අද ලෝකෙ ඉල්ලුමට හොදම මිලට දෙන්න පුලුවන් හොදම කෘෂි කර්මාන්තය ,
    ඒක කෙටිකාලීන හරි දීර්ඝකාලීන හරි වැඩ පිලිවලක් එක්ක කරානම් ඒක තමයි කවදක හෝ විය යුත්ත.( ඩොලස් ප්‍රශ්නෙ නිසා තමයි මං හිතන්නෙ ඕක එක රැයින් කරෙ, ඒ වැඩේ කල විධිය වැරදියි)
    ක්ශනිකව රසායනික පොහොර වලට හැරවීම රසායනික වලට ප්‍රභේදනය කල බීජ වැඩි ප්‍රතිශතයක් තියෙන රටක ප්‍රායෝගික නෑ කොච්චර උවමනාවක් ඇතුව කරත් මොකද දැන් තියෙන බීජ ප්‍රභේද නිශ්පදන කරලා තියෙන්නෙ ඒ ඒ රසායනික පොහොර වලට ථල දරන්න රසායනික පොහොර සමාගම් වල අනුග්‍රහය ඇතුවයි,
    ඉස්සෙල්ලම පැරනි බීජ ටික ව්‍යාප්ත කරලා ඉන්න ඕන ඒව තියෙන අය හා කෘශි කර්මාන්ත අමාත්‍යාංශය හරහා.

    • ගලගොඩ පැත්තේ බිංදුසාර says:

      පිස්සු කියවන්නෙපා මිනිහෝ.. උඹ මිරිස් පැලයක් වත් හිටවාපු එකෙක් නෙවෙයි වගේ..

  8. ගලගොඩ පැත්තේ බිංදුසාර says:

    වස විස නැති ගොවිතැන් කෙරුවාව නිසා රටට වගේම මිනිස්සුන්ගේ බඩ බොක්කටත් කෙල උනා නේද ??? .. රතනලගේ , සෙනෙවිරුවන්ලගේ , කන්දේගමලගේ , නලින්ද සිල්වගෙ , මිත්‍යා මතවාද වලින් ගොඩ ඇවිල්ලා කැරකෙන ලෝකයත් එක්ක ඉස්සරහට පලයල්ලා.. සිංහල බෞද්ධ ඊනියා මතවාදය තියෙනකම් මේ රට මෙතනමයි.. දැන් එන්නේ සියලු ආගමික ජාතිකත්ව මතවාද හණමිටි වෙන කාලයක්. ජේම්ස් වෙබ් දුරේක්ෂය එවන ෆොටෝ දිහාවත් බලලා කල්පනා කරපල්ලා..

  9. David Milli-banda says:

    The World bank is promoting Chemical Fertiliser. This is the hidden agenda and not Gota fail.

  10. Nadeepa says:

    Do not give $105M in cash, directly provide the $105M worth of Urea fertilizer to the farmers with the help of USAID.

Main News