මහ කන්නය ගොවියාට ලොකු පාඩුවක් නෑ…

January 21, 2022 at 8:02 am | lanka C news
මහ කන්නය ගොවියාට ලොකු පාඩුවක් නෑ…

කාබනික වී වගාවේ අස්වැන්නේ තරමක අඩුවක් තියෙනවා. නමුත් මෙය අඩු වියදම් වගාවක් නිසා විශාල පාඩුවක් විදීමට සිදු නොවන බව කුරුණෑගල, කුලියාපිටිය හා පන්නල ප්‍රදේශවල ගොවියෝ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ පැවසූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතාගේ ආරාධනයකට අනුව අද පෙරවරුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල, කුලියාපිටිය අක්කර 400කට අධික වී වගාවක් නිරීක්ෂණය කිරීමට එහි ගිය අමාත්‍යවරයාට ගොවියෝ මේ බව පැවසූහ.

“අපි මහ කන්නයේ වී වගාව නියමිත වේලාවට පටන් ගත්තා. ආණ්ඩුව අපිට පොහොර දුන්න විදියට වී වගාවට ඒවා යොදා ගත්තා. ඒ වගේම මෙවර අස්වැන්නත් ටිකක් අඩුයි. ඒ වුණාට තියෙන අස්වැන්නෙ බොල් ඇට අඩුයි. ඒ වගේම තියෙන වී කරල් සම්පූර්ණව හොඳට තිබෙනවා. රජයෙන් දුන්න කාබනික පොහොර හා අපි හදා ගත්තු කොම්පෝස්ට් පොහොර ඇරෙන්න වෙන දෙයක් අපි කුඹුරුවලට දාලා නෑ. ඒ නිසා වියදමත් අඩුයි. එහෙම බලනකොට අස්වැන්න අඩු වුණාට පාඩුයි කියලා කියන්න බෑ. මුලදී අපි ටිකක් බය වුණා. ඒ වුණාට අපි කාබනික පොහොර යොදලා වගාව කළා. ඒක සාර්ථක වෙලා තියෙනවා.” යැයිද ගොවියෝ කීහ.

අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වූ පන්නල දැල්මඟ යාය කුඹුරු අක්කර 142 කින් සමන්විතය. කුලියාපිටිය කුරුදැල් හේනයාය අක්කර 80කට වැඩිය. හමනාහේන කුඹුරු යාය ද අක්කර 155කට අධිකය. මේ සෑම යායක්ම වගා කර ඇත්තේ කාබනික පොහොර යොදාගෙන බව ගොවියෝ කියති. ඇතැම් ගොවියෝ රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණ කළා. අපි උද්ඝෝෂණ කළේ නෑ. ආණ්ඩුව දුන්නු පොහොර දාලා වගාව සාර්ථක වෙලා තියෙනවා යැයිද ගොවියෝ කීහ. නියමිත කාලයට මහ කන්නයේ වී ගොවිතැන සිදුකර ගන්නට නොහැකිවීමෙන් සමහර ගොවීන්ට වැඩි අලාභයක් විඳින්නට සිදුව ඇති බවද ගොවියෝ අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.

මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඇතැම් ප්‍රදේශවල ගොවින් කාබනික වගාව අසාර්ථකයි, අස්වැන්න අඩුයි, කියලා කෑ ගහනවා. නමුත් මෙහෙ ගොවීන් කැපවීමෙන් මහ කන්නය සාර්ථක කරගෙන තියෙනවා. රජයක් විදිය⁣ට අපි ඒ ගැන සතුටු වෙනවා. වගා හානි සඳහා වන්දි ලබාදීමේ වැඩසටහන පිළිබඳව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය රැස් වූ විට සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා මෙහිදී කීවේය.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

12,545 views

7 Comments to “මහ කන්නය ගොවියාට ලොකු පාඩුවක් නෑ…”

  1. බන්ඩා says:

    හාල් කිලෝව රැ150/- ට අරගෙන දෛනිකව රැ1000/- පඩි ගන්න වතු කම්කරැවා ජීවත් වෙන්නෙ කොහොමද? නැනෝවෙන් හොරා කාපු තොපි පොහොට්ටුව කෑවා.

  2. සිරිසේන 2 says:

    හාල් කිලෝව රැ150/-ට වැඩිය්. දෛනිකව රැ1000/- පඩි ගන්න වතු කම්කරැවා ජීවත් වෙන්නෙ කොහොමද? චීන බෙට්ටෙන් නැනෝවෙන් හොරා කාපු තොපි රට සාගතයකට ගෙනිහින් ජෙප්පන්ට ඉල්ලමක් පෑදුවා.

    • හෙළයා says:

      චීන හාල් කාපල්ලා ,ඊට පසු සෑදෙන ලෙඩ රෝග වලට ප්‍රතිකාර නැහැ …මේ ආණ්ඩුව රටේ ජනතාව නැති කරන්නයි හදන්නේ ..ඇයි ආණ්ඩුවේ පාලකයෝ ,මැති ඇමතිලා චීන හාල් නොකන්නේ ..උන් කන්නේ තරු 5 හේ හෝටල් කෑම ,ජනතාවට සත්තු නොකන චීන හාල් …අහෝ මෙහෙමත් අපරාධයක් ….ත්‍රස්තවාදී සමයේ ,ත්‍රස්තවාදීන්ටත් කන්න දුන්න රටකට සිදු වී ඇති කේදවාචකය බොරුව ඇත්ත කර සමාජ ගත කිරීම ජනතාව රැවටීම අද අපේ රටේ දේශපාලකයින්ගේ සුපුරුදු රැකියාවයි

  3. dev says:

    Namal Karunarathna, Sajith wage moda nayakayin nath nam meka tawa sartaka karaganna tibuna.

    akul helapu widiyata me gatta jaya obatumata aythi Mahindananda mathi thumo.

  4. සහන් says:

    පන්තියෙ ඉස්සරහ පේලියෙ ඉන්න හොඳ ලමයි එක්ක ක්ලාස් ටීචර් කතා කරල වගේ…

  5. 0.00069 BIYYO says:

    ඇමතිතුමා අනේ පඩික්කමක් වගේ කටක් තිබ්බට ඕන එකටයි එපා එකටයි හොට නොදා ඉන්න ඔයාගෙ සද්දෙ විතරයි හරියට සයිලන්සරේ කපපු කාරෙකේ වගේ. ලෙල්ලටම කෙලෞනාට පස්සෙ ගොවියො ශේප් කරගන්න වී කිලෝවට 95ක් දෙන්න යෝජනා කලේ පාරිබෝගිකයට පිදුරු කවන්නද. වී කිලෝවක් 95උනොත් හාල් කිලෝවක් කීයක් වෙනවද කියල ගනන් බැලුවද. කොහොමත් ඊලග චන්දෙන් ගොඩාක් දෙන්ක් ගෙදර.

Main News