මහ ගංගා හයක් පිටාර ගලයි.. තව දුරටත් දැඩි වර්ෂා..

May 21, 2018 at 6:30 am | lanka C news
මහ ගංගා හයක් පිටාර ගලයි.. තව දුරටත් දැඩි වර්ෂා..

රට පුරා ගංගා කිහිපයක් ආශ‍්‍රිතව ගංවතුර තත්වයක් දක්වා ජල මට්ටම් ඉහල ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාරතමේන්තුව සදහන් කරයි.

නිල්වලා, ගිං, කළු, කැලණි යන ගංගා හා අත්තනගලු ඔය හා මා ඔයද ගංවතුර මට්ටම් දක්වා ඉහල ගොස් ඇතැයි දෙපාර්තමේන්තුව කියයි.

මේ අතර කාලගුණ විද්‍ය්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ඉදිරි පැය 24 තුලදීද සබරගමුව, බස්නාහිර පළාත් හා ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්ට මිලිමිටර 150 ඉක්මවු දඩි වර්ෂාවක් ඇදහැලෙනු ඇති බවයි.

95 views

2 Comments to “මහ ගංගා හයක් පිටාර ගලයි.. තව දුරටත් දැඩි වර්ෂා..”

  1. Asaranaya says:

    මේ දේ සිද්දවන්නෙ පඹයාගෙ පින්ගුත්තරයාගෙ මූසල ක්‍රියාදාමය නිසාබැව් කාහටත් වැටහෙනු ඇත, කුණුදතා පරාජිතයා බිල්ලකට දී රට බෙරාගනු, නැත්නම් තොපි හවුලටම හෙණ ගහනවා, දේව කෝපය පඹයෝ දේවකෝපය

  2. kondekalu says:

    මෙලෙසන් අදහමට
    නිරිඳුන් ලොව පැමිණි විට
    එ රදුන් නතු රටට
    හමයි විසමව පවන් දැඩිකොට

    (බුදුගුණ අලංකාරය – 107 පද්‍ය)

Main News